චාමින්ද දිසානායක
දේවාලයේ පාරම්පරික කටයුතු කරන කපුමහත්තුරුන් හා සෙසු නිලයන්ට බලපෑම් කිරිමට වසර පහකට වරක් පත්වන බස්නායක නිළමේවරයාට කිසිම බලයක් නැතැයි සමස්ත ලංකා ඓතිහාසික දේවාල පාර්ම්පරික නිලධාරින්ගේ සංගමයේ සභාපති හා අම්මඩුව කුඩා කතරගම දේවාලයේ ප්‍රධාන කපු ඩි කේ ඒ ඩබ් කේ ජයතිලක දේවගිරි මහතා සදහන් කරයි.
පූර්ව නඩු තීන්දුවල පවා ඒ ගැන සඳහන් වන බව ඒ මහතා පවසයි. දේවාලයේ පාරම්පරිකව පැවැත එන සම්ප්‍රදායන්ට සහ සිරිත් විරිත් වලට ගරු කරමින් දේවාලයේ නිත්‍ය රාජකාරි කටයුතු සියලු දෙනා සමඟම සහයෝගයෙන් කටයුතු කිරිම දේවාල භාරකාරු හෙවත් බස්නායක නිළමේගේ වගකීම යැයි ද ජයතිලක මහතා කියයි.
ජයතිලක මහතා එම අදහස් පළ කළේ මේ දිනවල කතරගම ප්‍රධාන දේවාලයේ උද්ගත වි තිබෙන තත්වය පිලිබඳව අදහස් දක්වමිනි .
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ජයතිලක දේවගිරි මහතා මෙසේද කීවේය.
“විහාරදේවාල ආඥපනතේ 4/1 වගන්තිය යටතේ පාලනය වන දේවාල 32 ක් ලංකාවේ තිබෙනවා . මේ දේවාල වල ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාම සඳහා අතීතයේ සිට රාජකාරි පංගු ක්‍රමය යටතේ පරම්පාරා පත් කර තිබෙනවා. මොහොට්ටාල නිලමේවරු, විදානේ වරු, ලේකම්වරු, කපු නිලමේ වරු ආදි වශයෙන් පිරිස් ඉන්නවා. දේවාලයේ අභ්‍යන්තරික කටයුතු මෙහෙයවමින් අනිකුත් රාජකාරි පංගුකරුවන් සමඟ සම්ප්‍රදායන් සහ පුද පුජා සිරිත් විරිත් මතු පරපුරට ආරක්ෂා කර දීමේ වගකිම පැවැරී තිබෙන්නේ කපු නිලමේ වරැන්ට. ඒ නිසා තමයි ඇතුලු කට්ටලයේ ප්‍රධානියා ලෙස කපුමහත්මයා සලකන්නේ.
ඒත් වර්තමානය වන විට ඇතැම් බස්නායක නිළමේවරුන් මේ සම්ප්‍රදායන් හා සිරිත් විරිත් පස්සට දාල දේවාලයේ කපුමහත්තයාගේ රාජකාරිත් කරන්න යනවා . සමහර බස්නායක නිලමේවරුන් ඇතුලු කට්ටලයේ ප්රධානකමත් ඉල්ලනවා .බස්නායක නිලමේ වරයා අවුරැදු 5 කට වරක් පත් වෙන්නේ . මොහු දේවාලයේ චාරිත්‍ර වාරිත්‍ර හා සම්ප්‍රධායන් පිළිබද ව දේවලයට ආවම තමයි ඉගන ගන්නේ . ‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ප්‍රධාන චරිත වන්නේ බොරු කයිවාරු ගහන වැඩබැරි දේශපාලකයෝ තමයි. කවදාවක් දැක නැති අය, එන්.ජී.ඕ. කරුවන්, කුඩුකාරයන් වැනි නිෂ්ඵල, වැඩකට නැති අයයි. බුද්ධිමතුන් සහ දක්ෂයින් පැත්තක... නමුත් පිටරටවල නොබෙල් ත්‍යාග දිනූ අය රටට වගකියන, නීතියට ගරුකරන, උගත් මහත්මා දේශපාලකයන් වේ. ඉතින් ලංකාව කවදා දියුණු වෙයිද? දැන් සෝමාලියාව පවා තාක්ෂණයෙන්, කෘෂිකර්මයෙන් දියුණු වෙනවා. අපි තවම චීනෙන් ඉඳිකටුවේ ඉඳලම හැමදේම ගෙන්වනවා. රටේ හාල් ටික හදාගන්න බැරි රටක් මේක. පහුගිය අවුරුදු 70ක සිට රට පාලනය කළ සියල්ලන් සහ රට විටින්විට බංකොළොත් කළ ජවිපෙ වගකිව යුතුයි. හරිම සෝචනීයයි...
මේවාට කියන්න තියෙන්නේ විලිලැජ්ජයි කියලා. අයියෝ බෞද්ධයන්ට වෙලා තියෙන දෙයක්. ඉස්සෙල්ලම තමුන්ගේ ආගම ආරක්ෂා කරගන්න ඕනේ... මේ වගේ ලැජ්ජා නැති මිනිස්සු හිනස්සන වැඩ කරන අයගෙන්...
එළ එළ මෙයාලවත් එෆ්.සී.අයි.ඩී. යවන්න වෙයි වගේ..
කපුවන්ට බලපෑම් කරන්න බස්නායකට තියා, දෙවියන්ටත් බෑ.
මේ කොමෙන්ට්ස් දාන උන්නැහේලා දැනගන්න... මේකට කරන්නේ බුද්ධාගමට සම්බන්ධ දෙයක් නොවෙයි. නමුත් හින්දු ආගමට සම්බන්ධ එකක්. ඔක්කෝටම ඉස්සරවෙලා දැනුම ඇතිකරගන්න... මොනවද මේ කරන්නේ කියලා ...
සමීර මයා වෙත, ඔබගේ අදහස් ගොන්න 100 ට ලක්ෂ වාරයක් නිවැරදිය. නිල්, කොළ, රතු පක්ෂවල නිවට මිනිසුන් අපගේ ආදරණිය ලක්මව උපරිමයෙන් විනාශ කර හමාරය. මෙම නිවට මිනිසුන් මෙම මොහොතේත් සුදු රෙදි ඇඳගෙන අප අතරම සිටීමත් කණගාටුවට කරුණකි.
ඔව්, ධර්ම යුද්ධය දැන් කතරගමදී ඇරඹුණා. කවුරු කළත් දෙවියන් ඔබගේ හිත තුළ සිටිනවා.
මෙයා දෙයියන්ගේ තාත්තද? අපේ රටේ මිනිස්සු මුලාවේ දාලා මුදල් ගරන කතරගම දෙවියන්වත් විකුණාගෙන කන හොර කපු මහත්තුරු තමයි...
කපු පත්වීම් ටික විශ්ව විද්‍යාල උපාධිධාරීන්ට දෙන්න.
කපුමහත්වරුනේ, සියල්ල එකතුවෙලා දේව බලේ අනුහස පෙන්නන්නකෝ! නඩුහබ වලට පැටලෙන්නේ නැතුව... ඔබතුමන්ලට දෙවියන්ගේම පිහිටයි!
දෙවිවරු ජනප්රියවීමට හේතුවනම්, පාමුල වැටී යම් දෙයක් ඉල්ලන්ට පුල්වන් නිසාය. දෙවිවරු රජයක ඇමති මණ්ඩලයකට සමානය. යුදකටයුතු, අධ්‍යාපන හා ඥනය,ලෙඩදුක් හා සෞඛ්‍ය,කලා, සහා මිනිසුන්ට අවශ්‍යවන බොහෝ දේවල් වලට ආදාල විෂයන් නියෝජනය කිරීමට මිනිසුන් විසින් දෙවිවරුන් තෝරා පත්කරගෙන ඇත. කපුවා කියන්නේ මහජන සම්බන්තතා නිලධාරියාය.
පිටිගල මිලානෝ මත්මයෙක් වශයෙන් මෝඩ කතා කියන්න එපා
දේවාල වලට ඔච්චර දෙයක් කරන්න පුලුවන්නම් අවුරුදු 30ක් යුද්ද කරේ මොකටද, අහිංසක කොල්ලෝ කී දාහකට ජීවිත නැති උනාද, කි දෙනෙක් අදටත් දුක්විදිනවද. ඔය දෙවියන්ට ඒ දුක් පෙනුනේ නැද්ද? දේශපාලුවෝ කොහොමත් මෝඩයෝ, ඒ අය දේවාල ගානේ ගියාට කමක් නෑ, අනිත් මිනිස්සුවත් ඒ වගේ ගොන් වැඩ නොකර ඉන්න. බුදු හාමුදුරුවෝ කිවේ පින් දහම් කරලා දෙවියන්ට අනුමෝදම් කරන්න කියල මිසක් පුජා වට්ටි උස්සන් දේවාල ගානේ ගිහින් කපුවෝ කෝටිපතියෝ කරන්න නෙවෙයි.
දෙවියනි ඔබ කොහිද ?