රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා මීගලෑව දිනිදු යශේන් ලංකානාත් (04) දරුවා පැහැරගත් බව කියන පස් දෙනා (ආර් සී මංජුල සඳ කැලුම්,ඩබ්ලිව් පී එස් චතුරංග කුමාර,දිනේෂ් ප්‍රියසාද්, පී ඩබ්ලිව් සංජීව විජේකෝන් හා අතුල බණ්ඩාර) රුපියල් විසිදහස බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ හතහමාරක බැගින් ශරීර ඇප දෙකක් මත ගල්ගමුව මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා විසින් මුදාහරිනු ලැබුහ.
මෙතෙක් ඔවුහු රිමාන්ඩ් බාරයේ සිටියහ.නඩුව ලබන 3 වැනිදාට කල් තැබිණි.
ඇප ලැබු පළමු සැකකරු මංජුල හෙල්මට් නැතිව යතුරු පැදියකින් මහ පාරේ ගියේය.ඔහුගේ ඡායාරූප ගැනීම වැලැක්වීමට ආ මැරයෝ මාධ්‍යෙව්දීන්ට බාධා කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කප්පම් ඉල්ලා පුද්ගලයන් පැහැරගෙන යන අයට ඇපදීමට නොහැකිවන ලෙස නීති සකස්කළ යුතුයි. එවැනි පුද්ගලන් නීතිය ඉදිරියේ වරදකරුවන් වුවහොත් වසර 20 ක සිරදඩුවමක් හිමිවන ලෙස නීති සකස්විය යුතුයි.එහෙත් බලධාරීන්ට මෙවැනි දේවල් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මෙවැනි වැරදි සිදුවෙන්නේ සාමාන්‍ය ජනතාවට පමණක් නිසා. (නි)
ළමයාගේ තාත්ත නීති වේදීන්ට පහරදුන්නා දැන් සැකකරු ගෙදර (නදී)
කවුද අැප දුන්නේ, පැමිණිල්ලට අසාධාරණයක් වෙන්න පුළුවන්, ඔවුනට තවත් තර්ජන එන්න පුළුවන්, අැප අවලංගු කරන එක තමා මං හිතන්නේ හොද, ආයුධ පෙන්නන්න වත් එක්කන් යන්න වෙයි මෙහෙම හැසිරෙනවා නම් (අ)
ළඟ ඡන්දෙට ඒ ගොල්ල ගොඩාක් බිසී වෙයි. (අ)
දැන් ගෙදර යන ගමන් කප්පන් ඉල්ලන්න කියල කාගේ හරි නැන්දම්මා කෙනෙක් හරි උස්සගෙන යාවි. අනේ මෙහෙමත් රටක්. ! (අ)
පුදුමයි, ඇප දීලා නීතිය මේ අයගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද? තව අසරණ දරුවෝ කී දෙනෙකුට වග කියයිද දන්නේ නැහැ. (නදී)
මැරයින්ගේ සහයෝගයත් තියෙනවා නම් මේගොල්ල ටිකක් තද පොරවල් එහෙනම්. කාගෙ හරි චක් ගෝලයෝද? (අ)
දැන් මේක දැක දැක පොලිසියේ අයත් නොදැක්ක ගානට ඉන්න ඇති. මට නම් පේන්නේ මේ ළමය පැහැර ගැනීම පිටිපස ලොකු බළල් අතක් තිබෙනවා. මේ මිනිස්සු රටේ නීතියට කිසිම බයක් නැති හැඩයි.. (අ)
කොහොමත් ලංකාවේ අනාගතය දැන් වෙනකොට ඉතාමත් පැහැදිලියි. 2009න් පස්සේ ලංකාවේ සිද්ධ වෙයි කියල හිතපු චින්තනමය වෙනස වෙනුවට වුණේ මිනිස්සු නිදහස අසීමිතව යොදා ගෙන රට ආයෙත් අරාජික කරන එකයි. ත්‍රස්තවාදය ඉවර වුණත් අනිත් හැමදේකින්ම ඒ කාලේ තිබුණු තත්වයමයි තවමත් තියෙන්නේ, සමහරවිට පේන දේවලින් ඊටත් වැඩිය අන්තයි වගේ. මේ රටේ චින්තනය වෙනස් නොකලොත්... අනේ මන්දා.! (අ)
ජිලෝගේ කටට මසුරමක් දමන්න වටිනවා. (නි)
රටේ නීතිය මෙහෙම ලිහිල් වෙනකොට කැලේ නීතිය රජවෙන එක පුදුමයක්ද ? (නදී)
අම්මපා නාය යන්න තිබුනේ මෙන්න මේ උන්දැලාගේ ගෙවල් උඩින් . පොලවට පස් වෙන්න ඕන උදවිය ඇප ලැබිල ගෙදර යද්දී අහිංසක මිනිස්සු තමයි පොලවේ වැලලෙන්නේ. (අ)
පලවෙනි සැකකරුට හොද සුදුසු කමක් තියනවා ඊලග පාර පළාත් සභාවකට හරි පාර්ලිමේන්තුවට හරි පත් වෙන්න ඡන්දෙ ඉල්ලන්න. රටටම බුදු සරණයි දෙවි පිහිටයි මෙයාල වගේඅය නිදහසේ සැරිසරන කොට. (අ)
අනේ දෙවියනේ අපේ නීතිය! (නි)
රට බාරයි නුඹට පුතේ! (අ)
මේ වගේ අයට මොකක්ද දෙන්න සුදුසු දඬුවම? (නි)
ඔන්න අපේ රට හරිම ආඩම්බරයි නේද ? මෙහෙම නීති තියෙනවා නම් තවත් රටක් කොහෙද ? ඉතින් හිට්ලර් නැත්තම් ප්‍රභා වගේ කෙනෙක් ඕනි. (නදී)
අපි හෙල්මට් නැතුව ගියොත් මොකද වෙන්නේ? (නදී)
අපේ රටේ සිදුවෙන යම් යම් දේවල් දුටුවත් නොදුටුවා සේ, ඇසුනත් නෑසුනා සේ සිටිය යුතුයි. අසාධාරණයන්ට විරුද්ධව කතා කළොත් අපේ ජීවිත අනතුරේ. මේවාට කැමති අයත් බොහෝ ඉන්නවා. ඇසළ කියනවා වගේ ඊළඟ මැතිවරණයකට මොහු තරඟකළා නම් අනිවාර්යයෙන් මොවුන්ටත් ඡන්දය දෙන්න කොටසක් ඉඳීවි. (නි)
අපි බලාගෙන ඉන්නවා මෙයාට අපේ රටේ නීතියෙන් ලැබෙන දඩුවම මොකක්ද කියලා. පොඩි දරුවෝ මරන්න පැහැරගෙන ගිහිල්ලා මෙහෙම යන්න දෙන්න පුලුවන්ද. මේක පුදුම රටක්නේ!මෙයාට දේශපාලන බලයක් තිබෙනවා වගේ (නි)
මෙන්න මේ වෙලාවට තමා හිතෙන්නේ කවුරු මොනවා කිවුවත් ආයුධ පෙන්වන්න රැගෙනයාම කොතරම් අගෙයිද කියලා. (නි)
ඇප නොදී කොහොමද? (නි)
අර ට්‍රියෝනි කිවුවා වගේ මේ ගොල්ලොත් එක්තරා කට්ටියක් තමයි. (නි)
ඔය එක එක සේනාවන් වලට බැරිද මේවට විරුද්ධව හඬනඟන්න? (නි)
අහෝ නීතිය! අනේ මගේ අසරණ ලංකාව! (නි)
බුද්ධිමත් ජනතාව ඡන්දෙදි තීරණයක් නොගත්තොත් අපේ දරුවන්ට යන කලදසාව කුමක්ද? (නි)
රජින්ද, ඔබගේ අදහස හරි. රටක නීතිය ක්‍රියාත්මක නොවීම ත්‍රස්තවාදයට වඩා හුඟක් භයානකයි. (නි)
ඔය ළමය නැතිවුණ වෙලාවේ අපිට කොපමණ කළකිරීමක්ද ඇතිවුණේ? අනේ! දැන්නම් හරි තරහක් එන්නේ. ඒ ඇප ලැබී එළියට ගිය අය සමඟ නොව ඔවුන්ට ඇපදීම සඳහා ඉදිරිපත්වුණ අය එක්කයි. (නි)
දරුණු අපරාධකාරයින්ට ඇපදීමත්, ඔවුන් වෙනුවෙන් මුදල් ගැන පමණක් සිතා නීතිඥයින් පෙනීසිටීමත් නතරකළ යුතුයි යනු මාගේ හැඟීමයි (නි)
මෙහෙමත් මිනිස්සු.(හේ)
මෙය ලංකාවේ පළමු හා අවසන් ළමා පැහැර ගැනීම නොවේ.(හේ)
මේ අයට ඇප දීම සාදාරනයි මොකද දරුවට කිසිම කරදරයක් හිරිහැරයක් නොකර හොඳින් බලාගෙන තියනවා,(හේ)
අනේ අපේ පොලිසිය! (නි)
හරි ෂෝක්! දැන් බැරියැ ගෙදර යන ගමන් තව දරුවන් හත් අට දෙනෙක් ගැන බලන්න. මෙහෙමත් දේවල් අහන්න අපි මේ රටේ ජීවත්වෙනවානේ? (නි)
මමනං දකින්නේ මෙතන පොලිසියේ අය තමා වැරැද්ද කලේ.(හේ)
කෝ දැන් මෙතන කට්ටියක් හිටියා නේද මේ චුදිතයින්ට නීතිඥ සහය ලැබීමේ මානව අයිතිවාසිකම් ගැන කතාකළ? මේ ඡායාරූපය බලා කියන්නකෝ මේකත් ඒගොල්ලන්ගේ අයිතිවාසිකමක්ද කියලා. බලාගෙන යනකොට මේ රටේ වැඩියෙන්ම මානව අයිතිවාසිකම් තියෙන්නේ මැරයින්ටද කොහෙද? මේ වැරැද්ද යතුරුපැදියෙන් ගිය කොලු ගැටයෙක් වගේ සාමාන්‍ය මිනිහෙක් කළා නම් බලන්න තිබුනා (නි)
වැඩිකල් නොගොස් ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබේවි (නි)
මේ දේවල් මෙහෙම වෙන්නේ මොකද කියලා මට නම් තේරෙන්නේ නැහැ. ස්ත්‍රී දුෂණ කළ උදවිය , ළමා අපචාර, පැහැරගැනීම් කළ උදවිය ඇප පිට ගෙදර යනවා. මේවා අහන අපේ තමයි ඇඟේ ලේ කෝපවෙන්නේ. (නි)
ඇපත් නැහැ වගේ නේද මේවා දකිනකොට? (නි)
මේ පැහැර ගැනීම පිටුපස ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා.(හේ)
අපි ගියොත් තමයි දඩ ගහන්නේ . දඩ නොකා හෙල්මෙට් නැතිව යන්න නම් කප්පම් ඉල්ලන්නම වෙනවා . නරක නැනේ ආදර්ශය .(හේ)
ප්‍රසිද්ධ වෙන්න කරපු වැඩක් වගේ.(හේ)
මේ මිනිස්සු ලංකාවේ වැඩි නිසා තමයි රට පිරිහිලා තියෙන්නේ.(හේ)
මේ ළඟදී නීතිඥයෙක් කාන්තාවකට හිමිකම් ලබාදෙන්න ගිහින් අහිංසක නිලධාරීන් දෙදෙනෙකු අමාරුවේ දැමූ පුවතකුත් අසන්න ලැබුණා (නි)
දැන් ඉතින් මුළු පළාතේම දරුවන් පොලිසියෙන් දමා ආරක්ෂා කරන්න වේවිද දන්නෙ නැහැ (නි)
පවුකාරයන්ගේ ඔලු හයියයි. ඒක මේ යුගයේ ජීවත්වෙන මිනිසුන්ගේ පින් මදිකම. (නි)
මේ දේවල් අනුමත කළ නොහැක.(හේ)
කාටද අපි මේවා කියන්නේ? (නි)