(ආරියරත්න රණබාහු)
සෝමාලියා මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගනු ලැබූ නැවේ සිටින පිරිස බේරාගැනීමට සඳහා කප්පම් මුදලක් ගෙවීමට සිදුවුවහොත් එය ගෙවා ඔවුන් බේරාගන්නා බව නැව් හිමියා ප්‍රකාශ කර ඇතැයි එම නැව් සමාගමේ ශ්‍රී ලංකාවේ නියෝජිත ටිරෝන් ප්‍රනාන්දු මහතා පැවසීය.
එම නැවේ සිටින ශ්‍රී ලාංකිකයන් 8 දෙනාගෙන් පස් දෙනකු ගිවිසුම්ගතව සිටින බවත් ඉතිරි තිදෙනා එහි ගියේ කෙසේදැයි නොදන්නා බවත් කී ඒ මහතා කෙසේ වුවද ශ්‍රී ලාංකිකයින් අට දෙනාම බේරාගන්නා බවද කීවේය.
වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ අද (16) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු එසේ පැවසූ අතර එම මාධ්‍ය හමුව සඳහා නැවේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ පවුලේ පිරිසක් ද එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිතයක වටිනාකම මුදලින් තීරණය කිරීමට නොහැකි බව තේරුම් ගත් මෙම නැව් හිමියාට ශ්‍රී ලංකාවාසීන් ස්තුති කළ යුතුය. කෙසේ වුණත්"කල්ලතෝනින්" හැටියට නැව් නගපු තුන් දෙනා ගැන විධිමත් පරීක්ෂණයක් කලයුතු වෙනවා !
ඇවන්ට්ගාඩ් එක හිටියානම් ...ම්ම් ...............වෙනසට ඡන්දෙ දුන් කෙනෙක් හැටියට මට නම් දුකයි .