කොළඹ හා අවට පෙදෙස්හි ව්‍යාපාරිකයින්ට,වෛද්‍යවරුන්ට සහ ධනවතුන්ට දුරකතනයෙන් තර්ජනය කර කප්පම් ඉල්ලුවහොත් බිය නොවී වහාම ළඟම පොලිසියට හෝ කොළඹ අපරාධ විමර්ෂණ කොට්ඨාශයට පැමිණිලි කරන ලෙසට ඉල්ලා සිටින බව කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී නුවන් වෙදසිංහ මහතා කියයි.
බන්ධනාගාරයේ දීර්ඝ කාලයක් සිරදඬුවම් විදින්නන්ගේ මෙවැනි තර්ජනයන් සම්බන්ධයෙන් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද වෙදසිංහ මහතා පවසයි.
මෙම පිරිස පාතාල සාමාජිකයින්ගේ නම් භාවිතා කරමින් සංවිධානාත්මකව ක්‍රියාත්මක වන පිරිසක් බවද පුවත්පත්හි විවිධ දැන්වීම් වල සඳහන් අංක වලට මේ ඇමතුම් දෙන බවද කියති.
දුරකතන අංක - කොළඹ අපරාධ කොට්ඨාශය
0112 - 662311
0112 - 685151

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩින් බේරා ගන්න පුළුවන් නම් කිසි කෙනෙක් පොලිසි යන්නේ නැහැ. ඒ තරමටම පොලිසි යන්න මිනිසුන් අකමැතියි. මේ තත්වය වෙනස් වෙන්න ඕනෑ. (බ)
ඔය නොම්මර සහ විස්තරේ මුහුණු පොතට දැම්මා නම් හොඳයි නේද? කාගේත් දැනගැනීම පිණිස. (අ)
මෙහෙම දැනුවත් කරන එක හොඳයි (නි)
හිටපු පොලිස්පති කෙනෙකුත් කප්පම් ගත්ත කියල වෙලේ සුදා සාක්කි දුන්න නේද ? ඉතින් අනික් පොලිස් නිලධාරීන් ව කොහොම විස්වාස කරන්නද ? (අ)
පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ ඉතාම දක්ෂ, අවංක හා කාර්යශුර්ය නිලධාරියෙකි. එතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම අපරාධ කරුවන් නීතියේ රැහැනට හසුකරගැනීමට හැකියාව ඇති බව මා තරයේ විශ්වාස කරමි.(අ)
මේ කියන විදිහටම වෙනවා නම් ගොඩක් සතුටුයි (නි)
පොලිසියෙන් ඉක්මන් ප්‍රතිචාරයක් ලැබෙයිද? (නි)
සත්‍යය සහ ශක්තිය බැහැරකර සෑම දෙයක් ගැනම සැකකරන නුතන සමාජය පොලිසියේ මෙම යෝජනාව අනුව කටයුතු කරන්නේ නම් යෙහෙකි (නි)