බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස ප්‍රකාශයට පත් කරමින් දඬුවම් කරන ලද 19 දෙනකු වසර 198කට පසු සියලු චෝදනාවලින් නිදහස් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔවුන් වීරවරයන් ලෙස අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
කැප්පෙටිපොල දිසාව, ගොඩගෙදර රටේ අධිකාරම්, කැටකාල මොහොට්ටාලේ, කතරගම මහා බෙත්මේ රටේ රාල, කතරගම කුඩා බෙත්මේ රටේරාල, පලංගොල්ලේ මොහොට්ටාලේ, වත්තෙකාලේ මොහොට්ටාලේ, පොල්ගහගෙදර රෙහෙනරාලේ, පොසේරේවත්තේ විදානේ, කිවුලේගෙදර මොහොට්ටාලේ, කළුගමුවේ මොහොට්ටාලේ, උඩුමාදුර මොහොට්ටාලේ, කොහුකුඹුරේ වලව්වේ රටේ රාල, කොහුකුඹුරේ වලව්වේ මොහොට්ටාල, බූටෑවේ රටේ රාල, භගිනිගහවෙල රටේ රාල, මහ බදුල්ලේ ගම්මානේ රටේ රාල, බුළුපිටියේ මොහොට්ටාල, පල්ලේ මල්හේයායේ ගමතිරාලේ යන පිරිස රණ ශූරයන් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා අද ප්‍රකාශයට පත් කළේය.
1818 ඌව වෙල්ලස්ස කැරැල්ලට නායකත්වය ලබා දීම හේතුවෙන් එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාව සිටි රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා 1818 ජනවාරි 18 වැනි දා විශේෂ ප්‍රකාශනයක් මගින් ඔවුන් සියලු දෙනා දේශද්‍රෝහීන් ලෙස නම් කළේය.

![scan0004[1]-1](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/scan00041-1-435x600.jpg)
![scan0004[1]-2](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/scan00041-2-435x600.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
18 කැරැල්ල ගැන ලිපියක් ඔබ පුවත්පතේ පළකරනවා නම් ගොඩක් ස්තුතියි (නි)
යහපාලන රජයේ පළමු වැදගත් කාර්යය රැජින මේස් ගලවලා අතට අත දුන්නු එක සැපයි කියන එකයි. ඒකයි මේකයි ගළපාගන්න බැරුවයි මං මේ දහ අතේ කල්පනා කරන්නේ! අනෙක මේ ප්‍රකාශයේ 'සිංහල නායකයන්' කියා සඳහන් වීම 'සංහිඳියාවට' බාධාවක් නොවෙයිද (නි)
ප්‍රමාදවී හෝ කළ දෙය යුග මෙහෙවරක්. (හේ)
මේ පනතට පක්ෂ අපේ පාර්ලිමේන්තුවේ ඉන්න මැති වරුන් කි දෙනාද මේ විරුවන්ගේ ඉතිහාස කතා අහලා තියෙන්නේ. (හේ)
අත් වැසුම් නැතුව අතට අත දුන්නු වෙලාවේ හිතුනුදෙට වැඩ වෙනස් දෙයක් කිරීම ගැන අපගේ ප්‍රණාමය.(හේ)
අද අපි බ්‍රිතාන්‍ය යටත් විජිතයක් නෙමෙයි . අපි කොහොමත් මේ අය දේශ ද්‍රෝහී ලෙස එදත් අදත් පිළිගෙන නැහැ.මේවගේ විකාර වැඩ කරන එකේ අඩු තරමේ බ්‍රිතාන්‍ය කෞතුකාගාර වල තියෙන අපේ කෞතුක වස්තුන් යලි මෙරට ගෙන ආවා නම් එය ශ්‍රී ලාංකිකයන්ට කොතරම් වැදගත්ද ?(හේ)
ඉතාමත් හොඳ වැඩක් (ර)
විශිෂ්ඨ කාර්යයක් . ප්‍රමාදවී හෝ මොවුන් ජාතික වීරයන් සේ පිළිගැනිම අගය කළ යුතු සේවයක්. - (හේ)
අතිවිශිෂ්ටයි ජනපතිතුමනි. එ්ත් එදා සිටම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ විශේෂ ප්‍රකාශනය අවලංගු කර එතුමන්ලා ජාතික විරුවන්සේ සළකන්න ප්‍රමාදවීම ගැන අප ලැජ්ජා වියයුතුයි. (නි)
ඉතාමත් හොඳ ක්‍රියාවක්. ඒවගේම මේ රට වෙනුවෙන් දිවි පරදුවට තබා වැඩ කළ රණවිරුවන් උසාවි ගෙනඑන එක ගැනත් බැලුවොත් හොඳයි. (නි)
ලංකාවට ටිකෙන් ටික නිදහස ලැබෙමින් තිබෙනවා වගෙයි. (නි)
සංස්කෘතික අමාත්‍යංශය ජ.වි.පෙ යටතේ පැවතුන කාලයේදීත් මේ මාතෘකාව ගොඩාක් කතා වුණා. නමුත් කිසියම් හෝ බලවේගයකින් එය එදා සිදු වුණේ නැහැ. ප්‍රමාදවී හෝ මේ දේ සිදුකිරීම අගය කළයුතු ක්‍රියාවක්. (නි)
සැබෑ ජාතික වීරයින්ගේ අගය සිංහලයින්ට දැනෙන්නේ ඔවුන් නැතිවෙලා කාලයක් ගියාමයි. (නි)
ඉංග්‍රීසි ආණ්ඩුව එදා මේ පිරිස රාජද්‍රෝහීන් ලෙස නිගමනය කිරීම ගැන ඕනෑම කෙනෙකුට තේරුම්ගත හැකියි. ඒ වුණාට මේ රටේ ජනතාව කවදාවත් එහෙම සිතුවේ නැති බවත් ඕනෑම කෙනෙකුට පුළුවන් තේරුම් ගන්න. (නි)
සඳුන්, ඔවුන්ව මේ රටේ අපි කවුරුත් කවදත් පිළිගත්තේ වීරයන් හැටියටයි. මේ අපට අලුතෙන් ඔවුන්ව වීරයන් හැටියට හඳුන්වා දෙන්න උවමනාවක් නැහැ! ඔබේ කතාවෙන් පෙනෙන්නේ ඔබ මෙතෙක් ඔවුන් වීරයන් හැටියට පිළිගත් කෙනෙකු නොවන වගයි! (නි)
අතිවිශිෂ්ටයි සර්.. (නි)
ඇත්තටම දැන් තියන නම් වගේද මේ නම්? සිංහලකම කොච්චර ගැබ්වෙලා තියනවද (නි)
ඉතිහාසගත වන සුවිශේෂි තීරණයක්. අපේ ප්‍රණාමය (නි)
කෝ අපේ හිටපු ජනපතිතුමා? කවුද එතකොට එතුමා? (නි) (නි)
කළහැකි උතුම්ම උපහාරය ඒකීය මව්බිම රැකීමයි (නි)
දැන්වත් තේරුම්ගත්තා මදැයි (නි)
හොඳ වැඩක්. ස්තුතියි! (නි)
ප්‍රමාදවී හෝ මොවුන් ජාතික වීරයන් සේ පිළිගැනීම අගය කළයුතු සේවයක් (නි)
ඉතා අනර්ඝයි ජනපතිදුනි. මෙම වීරයින් සදා අමරණීයයි. (නි)
කැප්පෙටිපොළ කියන්නේ සුප්‍රකට උඩරට ගිවිසුමේ කොටස්කාරයෙක්. උඩරට කැරැල්ල මැඩීමට ඉංග්‍රීසින් විසින් යවන ලද පුද්ගලයා ඇත්තටම වීරයෙක්ද? (නි)
මොවුන් ජාතික වීරයන් සේ පිළිගත් ජනපති මෛත්‍රීපාල සිරිසේන නිරායාසයෙන්ම ජාතික වීරයකු වූ වගයි. (නි)
අතිගරු ජනාධිපතිතුමා අපේ ඓතිහාසික විරුවන්ට නිසි ගෞරවය ලබාදුන්නා. මෙය ඉතිහාසයේ රන් අකුරින් ලියවිය යුතු කරුණක්. පසුගිය අවුරුදු 10 පාලනය කළ රජතුමාට මෙය කළ නොහැකි වුයේ ඇයි. (නි)
ඇයි කරුණා අම්මාන්ලා? එයාලනේ දැන් කාලේ අපේ අයගේ විරයෝ (නි)
කෝ එතකොට මඩුගල්ලගේ නම. (නි)
වටේ ඉන්න අය කියන කියන දේ කරන එක නවත්තලා දැන්වත් ජනතාවගේ ප්‍රශ්න ගැන හිතුවොත් හොඳයි. (නි)
ගොඩක් සතුටුයි මේ කළ දේට.(හේ)
හරියට නම දාලා අදහස් දාන්න බැරි කුහක, ලැජ්ජාශීලි පාඨකයෝත් ඉන්නවා (නි)
හොඳ වැඩක් (නි)
මේවා ගැලරියට නියමයී. මෑතකදී රට බේරාගත් විරුවන් යුධ අධිකරණයට ගෙන්නපු අය, අවුරුදු 200 කට පෙර විසු විරුවන්ට උපහාර දෙනවා. එතුමලා දන්නේ නැහැ අද එතුමන්ලා ජීවත්වන්නේ කාට පින් සිද්ධවෙන්නද කියාලා (නි)
ගැසට් කළත් නැතත් මේ අය ජාතික වීරයන් (නි)
ඔබතුමාට මානසික සැනසීම හැම අත්භවයකදීම ලැබේවා! (නි)
එතකොට ප්‍රභාකරන්වයි කරුණ අම්මාන්වයි ගැසට් කරන්නේ ඊළඟ සැරේටද? (නි)
ජනපතිතුමනි, අපේ රටේ නියම රණවිරුවන්ගෙ කාර්යය නැවත අගය කළ ඔබතුමාට අපේ ආචාරය! (නි)
මේකටවත් පාට කණ්ණාඩි දාගෙන ප්‍රතිචාර දමන්න එපා (නි)
කරපු වැඩේ හොඳයි.හැබැයි ගැසට් කලත් නොකලත් ඒ අය අපේ වීරයෝ.බ්‍රිතාන්‍යයන්ගෙ තාමත් ද්‍රෝහියෝ.ජාතික වීරයෝ ගැන කියන ඕනම පොතක මේ ගොඩක් අයගේ නම් මුල ඉදන්ම භාවිත කලා.(හේ)
පරක්කු වෙලා හරි ගරු ජනාධිපතිතුමා මේ කරපු ක්‍රියාවට මගේ හදපිරි ස්තුතිය එතුමන්ට ලැබේවා, (හේ)
නියමයිනේ! (නි)
ඉතාම හොඳ වැඩක් (නි)
ඉතාමත් ප්‍රශංසනීය ක්‍රියාවක්. ඔබතුමාට තෙරුවන් සරණයි !!!! (නි)
සිංහල අප වෙනුවෙන් ජීවිතදානයෙන් සටන්වැදි අපේ මුතුන් මිත්තන් මෙලෙස වීර සම්මානයෙන් පිදුම් ලැබීම කෙතරම් අගය කළයුතු දෙයක්ද. ප්‍රමාදවී හෝ සිංහලයාට මේ ගැන මතක් වීම අති විශිෂ්ටයි. ජනාධිපතිතුමාට අපේ උපහාරය. (නි)
දැන් නිලවශයෙන් ඒ අයව වීරවරයන් කළත් ඔවුන් සැමදාමත් අපේ හදවත් වල වීරයෝ වෙලා හිටියේ (නි)
අද සිටින අපේ කාඩ්බෝඩ් වීරයන්ට වඩා මේ වීරයන් මොනතරන් අාදර්ශවද්ද? මොකද මේ අය ජනතා දේපොළ මංකොල්ලකෑවේ නැහැ. අන්න එ්ක තමා මෙහි වෙනස (නි)
රටේ තිබුන ප්‍රධානතම ප්‍රශ්නය මෙය බව තේරුම්ගෙන එය විසඳීම ගැන සතුට ප්‍රකාශකරන අතර ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වන්නෙමි (නි)
මේ 18 දෙනාගේ තොරතුරු ඇතුළත් පොතක් ප්‍රකාශයට පත්කරන්න අපේ දරුවන් වෙනුවෙන් (නි)
පරගැතිබවින් මිදී නිදහස් නිවහල් රජයක් සේ අතීතයේ රට ජාතිය වෙනුවෙන් දිවිදුන් විරුවන් පිළිගැනීම මුළු හෙළයටම අභිමානයකි (නි)
මේකෙන් කොපියක් යැව්වද බ්‍රිතාන්‍ය තානාපතිට? (නි)
රටේ තියන දැවෙනම ප්‍රශ්නය විසඳූවගයි. ඔබට සතුටුයිද දැන්. (නි)
ජනාධිපතිතුමනි, පුරා දශක තුනකට අධික කාලයක් මෙ රටේ පැවති ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාද කිරීමට නායකත්වය දුන් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, එයාර් මාෂල් රොෂාන් ගුණතිලක වැනි හමුදා නිළධාරීන් මෙම ලැයිස්තුවට දමන්නේ කවදාද? (නි)
සිරි, එතකොට දැන් ඉන්නේ ව්‍යාජ රණවිරුවෝද ....? අමතක කරන්න එපා අද නිදහස් රටක් අපට උරුම කරන්න වර්තමාන රණවිරුවන් කරපු කැපකිරීම් (නි)
මීට සිංහල අපේ ප්‍රණාමය! නමුත් වසර තිහක් පුරාවට දහස් ගණනක් හමුදා විරුවන්ගේ සහ අහිංසක සිවිල් ජන ජීවිත විනාශයකින් පසුව දිනාගත් මව්බිමේ නිදහස යළිත් වරක් බෙදුම්වාදය ඉදිරියේ දියකරමින් අපේ කාලේ රට බේරාගත් රණවිරුවන් ලෝකයා ඉදිරියේ අවමානයට අපකීර්තියට පත්කිරීමෙන් පෝරකයට සිරගෙදරට යැවීමෙන් කළ ක්‍රියාව හෙළා දකිමු. නව ව්‍යවස්ථාව අහෝසි කරනු! හකුලා ගනු! (නි)
අපේකම ඉතිහාසය හොඳට මාකට් කරපු හිටපු පාලකයාට මේ වැඩේ ‘ක්ලික්‘ වුණේ නැති එක පුදුමයි (නි)
ප්‍රභාකරනුත් ජාතික වීරයකු කරයිද දන්නේ නැහැ මානව සංහිඳියාව කියලා? (නි)
නිහාල්, යන්නේ කොහෙද,මල්ලේ පොල් (නි)
සජිනිලා වගේ හොඳදේට හොඳයි කියන්න බැරි මිනිස්සු නිසා තමා මේ කල රටට ගිහින් තියෙන්නේ. කළ දේ ගැන දේ නොව නොකළ දෙයක් ගැන කතාකිරීමට ගන්න මෝඩ උත්සහයක් (නි)
සජිනි, ඇයි ඔයතරම් ප්‍රභාකරන්ට කැමති? (නි)
ඉතිහාසය නිවැරදි කරනවා. වර්තමානයේ වැරදි කරනවා (නි)
ඔබතුමාගේ වැඩපිළිවෙල අනුමත කරමි. නමුත් තව අවධානය යොමු වියයුතු තැන් බොහෝයි. පෞද්ගලිකවම ඔබ වෙතම කරුණු ඉදිරිපත් කළහැකි ක්‍රමවේදයක් නිර්මාණය කළොත්, බිඳවැටි ඇති රජයේ සමහර අංශ ගොඩනැඟීමට කටයුතු කළහැකි වනු ඇත. නියම තොරතුරු රජයට ඉදිරිපත් නොවන තැන් එමටය. රජයේ විගණන නිලධාරීන්ට පවා වසන් කිරීම් හා වංචාවන් එමටය. (නි)
හිරුණිකා කතාකරපු හොර දොස්තරලා ගැන වගකිවයුත්තන් නිහඬ අැයි (නි)
නියමයි (නි)
එතකොට 30 වසරක යුද්ධය නිමා කළ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂගේ නම්? (නි)
30 අවුරුදු යුද්ධය නිම කරන්න කරුණ අම්මාන්ගේ දායකත්වයත් ඇගයීමකට ලක් කළයුතුයි. (නි)
ඉංග්‍රීසින්ට ද්‍රෝහීන් වුණා කියන්නේ අපේ වීරයෝ තමයි. ලිස්ට් එකේ සමහර නම් අහලා තිබුනේ නැහැ. රාජ්‍ය නායකයාගේ හොඳ ක්‍රියාවක්. සමහරුන්ගේ මෝඩ අදහස් වලට හිනා යනවා. (නි)
ඹය ලියවිලි තිබුනත් නැතත් එදත් අදත් අපිට මේ අය විරුවන් තමයි............(ම)
මෙයාලා සටන් කළේ අර.... අර ....අර ... අත්මේස් ගලවලා අතට අත දීපු අයට විරුද්ධව. අමතක වුණාද දන්නේ නැහැ? ආයේ අතට අත දෙන එකක් නැහැ හොඳේ (නි)
මෙච්චර කල් ගියේ ඇයි? සිංහලයට කෝමා එකක් හැදිලද හිටියේ (නි)
කළයුතු දෙය නම්, රටේ ඒකීයභාවය ආරක්ෂාකොට, හමුදාවේ ගෞරවය අරාක්ෂාකොට, ජීවත්වෙන්න ඉඩදීමයි (නි)
මෙය 1972 ජනරජ ව්‍යවස්ථාව පක්ෂ විපක්ෂ සැමගේම කැමැත්තෙන් අනුමත කළ විගසම කළයුතුව තිබු දෙයකි. මෙතෙක් සිටි සියලුම නායකයින්ට අමතක වුණ දෙයක් ජනපති සහ අධිකරණ ඇමති එක්වී කළා. එය ඉතා විශිෂ්ටයි. (නි)
සතුරාගේ හමුදාවේ සටන්කර පසුව අපේ ශ්‍රී ලංකා හමුදාවට එක්වී සතුරාට විරුද්ධව සටන් කළ කැප්පෙටිපොළ නිළමේතුමා ඉහළම වීරවරයෙක්. එතකොට කොටි සමඟ සිට අපි සමඟ එක්වී කොටි නැතිකළ කරුණා, පිල්ලෙයාන් දැන් ඉන්න සතුරන්ද? (නි)
නුවන්, ඔබේ අදහස තමයි දවසේ හොඳම කතාව. (නි)