වර්ෂ 1818 ඌව වෙල්ලස්ස අරගලයට නායකත්වය දුන් කැප්පැටිපොළ දිසාවේ ඇතුළු විරුවන් 19 දෙනකු අධිරාජ්‍යවාදීන්ගේ දේශද්‍රෝහි ලැයිස්තුවෙන් ඉවත් කිරීමෙන් පසු දේශප්‍රේමීන් වශයෙන් නම් කළ එම විරුවන් සමරා පුෂ්පෝපහාර දැක්වීමක් මහනුවර ශ්‍රී දළදා මාළිගාව අභියස මහ මළුවේදී අද(10)පැවැත්විණි.
මධ්‍යම පළාතේ ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය මහමළුවේ පිහිටි කැප්පැටිපොළ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූවාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැප්පෙටිපොළ සහ කරුණ අම්මාන් එක සමාන වීරයන් කරලා කතාකළ අයත් හිටියනේ මේ රටේ (නි)
බලන්න කොච්චර හොඳ දෙයක්ද මේ කරලා තියෙන්නේ? මේක රටේ තිබුණු මහා විශාල දැවෙන ප්‍රශ්නයක්. උද්දමනය අඩුවෙලා දල ජාතික ආදායම වැඩිවෙනවා මේකෙන්. රට සුකිත මුදිත වෙනවා. මාරයි අප්පා. (අ)
පිදියයුත්තන් පුදමු (නි)
දහම්, ඔබ හරි. ගැසට් එකෙන් කෙනෙක්ව විරුවෙක් කරන්නවත් අපරාධකාරයෙක් කරන්නවත් බැහැ. ඒක සදාකාලිකව මිනිසුන්ගේ හිතේ රැඳිලා තියන දෙයක්. වර්තමානයේ ඉන්නා බහුතරයක් දේශප්‍රේමී වීරයන් මිනිසුන්ගේ හිත්වල රැඳිලා ඉන්නේ අපරාධකරුවන් හැටියටයි (නි)
කැප්පෙටිපොල එදත් අදත් හෙටත් වීරයෙකි.(හේ)