හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඩී කේ පී දසනායකගේ අධික්ෂණය යටතේ පැවැති නාවික හමුදා විශේෂ මෙහෙයුම් ඒකකයෙන් අත්අඩංගුවට ගෙන සිටියදී අතුරුදන්වු බව කියන කොළඹ හා ත්‍රිකුණාමලයේ සිසුන් දස දෙනා අපොස උසස්පෙළ හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
ඇමෙරිකාවේ පාඨමාලාවකට ගොස් සිට ඔහු නාවික හමුදාවෙන් ගෙන්වා ප්‍රශ්න කර මුදාහළ අතර ඊට පෙර හත් දෙනකුගෙන් ප්‍රශ්න කැර ඇත.මොවුන් ධනවත් පවුල්වල සිසුන් බවද පස් දෙනකුගේ ජාතික හැදුණුම්පත් පහක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
87-89 අතුරුදන් වූ අය ගැන පරීක්ෂණ පවත්වන්නේ කවදාද? ප්‍රා කල්ලිය, බටලන්ද වධකාගාරය,ජවිපෙ ඝාතන මේවා ගැන සොයන්නේ කවදාද?මිලේනියම් සිටි පාවා දීම් ගැන සොයන්නේ කවදාද?දැන් ඊළඟ පාවාදීමත් පටන් අරගෙනනේ තියෙන්නේ. ලස්සන අභ්‍යන්තර පරීක්ෂණ යාන්ත්‍රනය. ලැජ්ජයි. (නදී)
දැන් මේ සින්හල අපි ද වැරදි. (නදී)
මොනවා කළත් කමක් නැහැ. අපේ හමුදාව දියාරු කරලා දාන්න නම් එපා දෙවියනේ! (නි)
සමන්, ඔබ සිංහල නිසාත්, අනෙක් අය දෙමළ නිසාත් රටේ නීති දෙකක් තිබෙන්න ඕනෑද? (නි)
මුදාහරින්න ඔහු අත්අඩංගුවට අරගෙනද ප්‍රශ්න කළේ?මේවා ඔප්පු කරන්න මොනවද තිබෙන සාක්ෂි? (නි)
උතුරේ 2006-09 කාලයේ වූ අපරාධ වලට වගකිවයුතු අය ගැනත් සොයන්න. හමුදාවේ හා රටේ ගෞරවය ආරක්ෂා කරන්න මේ අයට දඬුවම් දියයුතුයි (නි)
හරි, දේශීය යාන්ත්‍රනය වැඩ පටන් අරන් (නදී)
නිපුන, එහෙනම් මුලින්ම උතුරු නැගෙනහිර අපරාධවලට කොටින්ට උඩගෙඩි දුන් දෙමල සන්ධානෙ ලොක්කන්ට සහ මනෝ ගනේෂන් වගේ අයට මුලින්ම දඩුවම් දීල ඉන්න ඕනේ හමුදාව අය ගැන හොයන්න ඉස්සර වෙලා. (නදී)
මොන ජාතියද, මොන ආගමද, හමුදාවේද එහෙම නැතිනම් සාමාන්‍ය පුද්ගලයෙක්ද කියන එක නෙමෙයි වඩා වැදගත්. යම් කිසි පුරවැසියෙක් යම් අපරාධයක් කර තිබෙනවා නම් ඒ ගැන විමර්ශනය කර ඔහු හෝ ඇය වැරදි යයි කිසිම සැකයකින් තොරව ඔප්පු උවහොත් ඔහු/ඇය දඬුවම් ලැබිය යුතුයි. (නදී)
මේවා එක්තරා පුද්ගලයෙක් වසන්ත කරන්නාගොඩ මහත්තයගෙන් පලිගන්න කරන දේවල්. කවුරු කලත් මේවා පාවාදීම්. වතාවකුත් මෙයා ගෝඨාභය මහත්තයගෙන් පලිගන්න මේවගේ කට කැඩිච්ච කතාවක් කියල තාමත් ඒවාට වන්දි ගෙවනවා. ජාත්‍යන්තරයට ගියාට පස්සේ තමා සේරම ප්‍රශ්න ඇතිවුනේ. රට බේරගත්ත වීරයා කියල එයාව මිනිස්සු උඩ තියාගන ඉන්නවා තමා. එ්ත් එයාගේ ඇතුලේ ඉන්න සැබෑ පුද්ගලයා කව්ද කියල කවුරුත් දන්නේ නෑ. එයාගේ අරමුණ මොකක්ද කියල සමහරුන්ට තාම තේරෙන්නේ නෑ. (නදී)
මාස තුනෙන් ගෙදර යන එකනම් වලක්වන්න වෙන්නේ නැහැ. ගිය පාර අවුරුදු දෙකක්වත් හිටියා. (නදී)
එතකොට රූබසිංහ දන්නේ නැතුව ඇති ජාත්‍යන්තර පරීක්ෂනයකට එකඟ උනේ කවුද වගේම 13 දෙන්න එකඟ උනේ කවුද කියලා නිකරුනේ නොදන්න දේවලට කඩේ යන්න එපා (නදී)
රූබසිංහගෙ දරුවා ඔය විදිහට අතුරුදහන් කලොත් එදාටත් ලියන්නෙ ඔය ටිකමද ? අත් අඩංගුවට ගත්ත සිරකරුවෙක් අතුරුදහන් වෙනවා කියන්නෙ රටක හමුදාවකට වෙන්න පුලුවන් ලොකුම අගෞරවයක්. හමුදාව කියන්නෙ ත්‍රස්තවාදීන් නෙමෙයි. ඒක නිසා වුනේ මොකක්ද කියල පරීක්සණ කරල ඇත්ත හෙලි කරල සාදාරනය ඉෂ්ඨ කරන්න ඕනේ. මොන ජාතියට ආගමට අයිති උනත් රූබසිංහගෙ දරුව ඔය විදිහට අතුරුදහන් කලොත් එදාටත් ලියන්නෙ ඔය ටිකමද ? අත් අඩංගුවට ගත්ත සිරකරුවෙක් අතුරුදහන් වෙනවා කියන්නෙ රටක හමුදාවකට වෙන්න පුලුවන් ලොකුම අගෞරවයක්. හමුදාව කියන්නෙ ත්‍රස්තවාදීන් නෙමෙයි. ඒක නිසා වුනේ මොකක්ද කියල පරීක්ෂණ කරල ඇත්ත හෙලිකරල සාදාරනය ඉෂ්ඨ කරන්න ඕනේ. මොන ජාතියට ආගමට අයිති උනත්. (නදී)
චාමර මහත්තයෝ..සම්මතයට යුද්ධ කරලා ත්‍රස්තවාදයක් නතර කරන්න බැහැ..88/89 අපිට මතකයි..විවේචන තිබුනත් අමානුෂික උනත් ඒ කෙටිකාලින ක්‍රියාවලිය ඒ අයුරින් සිදු නොවුනානම් ඒක නතර කරන්න ලැබෙන්නේ නැහැ..කොටි ත්‍රස්තවාදයට එරෙහිව සම්මත ආකාරයට යුද්ධ කලානම් අපි ඔබ සැමට අද ඉන්න වෙන්නේ බංකර් ඇතුලේ..එහෙනම් අද මේ රටේ ඔය සද්දේ දාන හැමෝටම වෙන්නේ සද්දෙවහල මරණය අතින් අරන් ජිවත් වෙන්න..ජනතාව අතර සැගවුණු ජනතාව පලිහක් කරගත් ත්‍රස්තවාදීන් මර්දනයේදී යම් වන්දියක් ජනතාවට ගෙවන්න සිද්ද වෙනවා.දිගු කාලීනව ලැබෙන ප්‍රතිලාභය වෙනුවෙන් ඒ කෙටිකාලින අවදානම අලාභය මහජනයාට අකමැත්තෙන් හරි දරන්න සිද්ධ වෙනවා..(නදී)