‘පසුගිය ඔක්තෝබර් 28 කෝප් වාර්තාව පාර්ලිමේන්තුව හමුවේ තැබුවා. මේ පිළිබඳව මේ වනතුරු පාර්ලිමේන්තුවේ විවාදයක් සිදුවී නැහැ. අයවැය විවාදය නිසා සාධාරණ කාලයක් වුණා. කොහොම වුණත් දැන් මෙම වාර්තාව පාර්ලිමේන්තුව සතු ලේඛනයක්. එම නිසා පාර්ලිමේන්තුවේ වගකීම වන්නේ මේ පැනනැගුණු කරුණු සම්බන්ධයෙන් සියලූ මහජන නියෝජිතයින්ට විවෘත සංවාදයක් සිදුකර ගන්න අවස්ථාවක් හදලා එම වාර්තාවේ නිර්දේශයන්, විගණකාධිපති වාර්තාවේ ඇති නිර්දේශයන් ක‍්‍රියාවට නැගීම පිළිබඳ කඩිනම් යාන්ත‍්‍රණයක් සකස් කිරීමයි.‘ යැයි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (26) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ආණ්ඩුව පැත්තෙන් කියනවා මෙම වාර්තාව නීතිපතිවරයාට යොමුකරලා තියෙනවා කියලා. නීති ක්‍ෂෙත‍්‍රයේ ඇතිවෙන කතාබහ තමයි නීතීපතිවරයාට මෙම වාර්තාව යොමුකළාට පස්සේ ඔහු කිව්වොත් මේ වාර්තාව සමඟ අධිකරණ කටයුත්තක් කරන්න බැහැයි කියලා මේ පරීක්‍ෂණ වාර්තාවට මොකක්ද වෙන්නේ කියලා. මේ පිළිබඳ සැකයක් සමාජය ඉස්සරහ තියෙනවා. මෙම වාර්තාව හරිම පුද්ගලයාටද යොමු කළේ කියන එක පිළිබඳව අපට ගැටලූවක් තියෙනවා. මම මේ සාකච්ඡාවට එන්න කලින් අපරාධ නඩු සම්බන්ධ ප‍්‍රමුඛ නීතිඥයන් කිහිප දෙනෙක් සමඟ සාකච්ඡා කළා. ඔවුන්ගේ අදහස තමයි නීතිපතිවරයාත් මෙහි එක් පුද්ගලයෙක්. නීතිපතිවරයාටත් මේ සම්බන්ධ කාර්යභාරයක් තිබෙන බව. නමුත් නීතිපතිවරයාට යන්න කලින් මේ වාර්තාව යා යුතු තැන් තිබෙනවා. ඒවා සම්පූර්ණ වුණාට පස්සේ තමයි නීතිපතිවරයාගේ කාර්යභාරය මතුවෙන්නේ කියලා. නීතිපතිවරයා සාමාන්‍යයෙන් අපරාධ සම්බන්ධ අධි චෝදනා ඉදිරිපත්කරලා ඊට අදාළ මැදිහත්වීම් සිදුකරනවා. ඒවා අපරාධමය නඩුකර. එය දම්වැලක පුරුක් වගේ. සෑම කරුණක්ම එකිනෙකට සම්බන්ධ විය යුතුයි. එක පුරුකක් හෝ ගිලිහුණොත් නඩු කටයුත්ත එතනින් එහාට පවත්වාගෙන යන්න බැහැ‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික නීතිඥ සුනිල් වටගල මහතා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යූ එන් පී එකවත් ජේ වී පී එකවත් කවදාවත් මිනිමරන්න එපා කියන්නෙත් නැහැ, ඒවට උසාවි යන්න කියන්නෙත් නැහැ. හෘද සාක්ෂියක් තියන නිසා එයාලට ඒවා කතා කරන්න බැහැ නේද. ඒ නිසා මූල්‍ය වංචා ගැන කතා කරනවා. (නි)
මේවා කුණුකූඩෙට යන එක වළක්වන්න පුළුවන් ඔබලාටම තමයි. වෙන නම් ඕක ගැන උනන්දුවක් දක්වන කෙනෙක් පාර්ලිමේන්තුවේ ඇති කියලා හිතන්න අමාරුයි. (නි)
අයවැයෙන් මේ වගේ බිලියන ගානක් වාසි ගන්න ආයතන වලට අධික බදු බරක් පටවන්න තිබුණා. එ්ත් එහෙම කළාද? හේතුව මේ රටේ මිනිස්සු දන්නවා. (නි)
විවාදයක් නොපවත්වන්නේ ඇයි කියලා අපිට තේරුම්ගන්න පුලුවන් (නි)
හොරාගේ අම්මාගෙන් පේන අහනවා කියන උපහැරණය අපේ භාවිතයෙන් ඉවත්කර, “එ්කත් හරියට බැංකු වංචාව පාර්ලිමේන්තුවට දැම්මා වගේ“ කියන්න පටන්ගමුද? (නි)
මේක ඕගොල්ලෝ ගෙනාපු ආණ්ඩුවනේ. ඉතින් අදාළ අයට කෙළින්ම කිය්යන්නකෝ අපිට කියන්නේ නැතුව. (නි)
සියලුම ආණ්ඩු ගෙන්නේ රටේ ජනතාව .අණ්ඩුව පාණ්ඩුවක් වගේ ක්‍රියා කරනකොට මහ ජනයා නිහඩයි.රට විනාශ කරන දේශපාලුවන් වෙනුවෙන් කඩේ යන්න එපා.දැන් වත් බුද්ධිමත්ව හිතන්න. ...(ම)