ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ කොටි සංවිධානයේ අවි සැපයුම්කරු හා ප්‍රධානියකුවූ කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී අත් අඩංගුවට ගැනීම හෝ ඔහු පිළිබඳ පවත්වන පරීක්ෂණ ගැන කරුණු දැක්වීමට ලබන 5 වැනිදාට අධිකරණයේ පෙනී සිටින්නැයි ද්වි පුද්ගල අභියාචනාධිකරණය නීතිපතිට අද (27) නොතීසි නියෝග නිකුත් කළේය.

ඔහුට විරුද්ධව පැමිණිල්ල ගොනු කර තිබුණේ ජනතා විමුක්ති පෙරමුණයි.

මලයාසියාවේ සිටි කේපී අත් අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීය. දැන් ඔහු මුලතිව්හි සෙන්චෝලෙයි ළමා නිවාසයේ පාලකයාය.

ඔහු පසුගියදා පැවසූයේ ශ්‍රී ලංකාවෙන් පැන නොයන බවයි.

RDS_0685 RDS_0690 RDS_0695 RDS_0714 RDS_0727

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක ද සිල්වා

වීඩියෝ - සනත් ඩෙස්මන්