(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොල්දූව මංසන්ධියේ ඉකුත් 13 වෙනි දින පැවති විරෝධතාව අතරතුර දී මහජන සාමය කළමණාකරන කොට්ඨාසයේ නිලධාරීන් ත්‍රීරෝද රථයකින් රැගෙන එමින් සිටි කඳුළුගෑස් උන්ඩ සොරා ගත් පුද්ගලයකු ඇතුල්කෝට්ටේ අලකේශ්වර මාවත නිවසක දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය
එම සැකකරු සන්තකයේ තිබී කඳුළුගෑස් වායු උණ්ඩ පහක් සොයා ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය
බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් එම සැකකරු 26 හැවිරිදි පුද්ගලයකු වන අතර වැඩිදුර විමර්ශන සඳහා කඳුළු වායු පේන්ඩ සමඟ වැලිකඩ පොලිසිය වෙත භාරදී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පොලිසිය පත් කරල තියෙන්නෙ කල් පැනපු කදුලු ගෑස් උන්ඩ පරිස්සම් කරන්නද? මෙහෙමත් කලකන්නි පොලිසියක්.. ඇත්තටම මෙ රටෙ ඉන්නෙ හරක් ද?
හැබැයි තවම බැරි වුණා ගාලුමුවදොරට ගහපු අය අල්ලගන්න. වීඩියෝ සාක්ෂිත් තියෙද්දී.
එතකොට කෝ අර ජනාධිපති මන්දිරයේ අල්ලපු මුදල් තොගය?