අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂණයට බත්තරමුල්ල පොල්දූවේදී කඳුළු ගෑස් එල්ල කිරීම හෙළා දකිමින් කොළඹ වෛද්‍ය පීඨයේ අන්තරේ සිසු පිරිසක් අද උද්ඝෝෂණයක් කළහ.
රජය පොලිසිය ලවා සිසුන්ට අසාධාරණව පහර දුන්නත් ජන බලවේගය සමග යළි සටන අරඹන බවත් මාලඹේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය වසා දමන තෙක් අරගලය ගෙන යන බවත් ඔවුහු කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලා කොහොමත් මහපාරෙනේ (නි)
බුද්ධිමත් සංවාදයක් යන අතරතුර දේශපාලන උම්මාදයෙන් පෙළෙන මැදපෙරදිග අයට කඹුරන තිලක් ඩුබායි කියන, ඩුබායි වෙසෙන කෙනෙකුත් කටදාලා. වැඩක් නැහැ. ඒ සංවාදෙත් එතනින් ඉවරයි. (නි)
අනිත් රටවල් වල මෙඩිකල් කොලේජ් ගැන අදහස් දක්වන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න ..බීඑස්සී එකක් කරලා ( අවුරුදු 4කට ) පස්සේ අපහු අවුරුදු 6ක් මෙඩිකල් කොලේජ් එකේ වැඩිම ජිපිඒ තියෙන අය විතරයි කරන්නේ ...එකත් ගොඩක් අය මගදී අත අරිනවා ...අපේ මිනිස්සු තියෙන ප්‍රමිතියත් නැති කරගන්න සිසුන්ට බනිනවා ... (ර)
රංජිත්, මම වැඩ කරන ආයතනයේ මගේ ඉන්දියන් ජාතික යහළුවන් බොහෝ පිරිසකගේ දරුවන් දොස්තරලා, ඉංජිනේරුවරු වෙන්න පුද්ගලික විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්නවා. එ්ත් ඔවුන්ම කියනවා උසස් පෙළ සමත් නැහැ කියලා. පස්සේ උපාධිය ගත්තට පස්සේ මැදපෙරදිගට යවනවා. බෙහෙත් ගන්න උදවියට දෙවියන්ගේම පිහිට තමයි. (නි)
රංජිත් ඕ ලෙවල් නැතුව ඒ ලෙවල් කරන්න පුළුවන් රටක ඒ ලෙවල් නැතුව එම් බී බී එස් කලාම මොකද. (ර)
දොස්තරලා වර්ජන කරලා අසරණ ලෙඩුන්ට කරන අසාධාරණය මේගොල්ලන්ට නොපෙනෙන හැටි පුදුමයි. කඳුළු ගෑස් එල්ල කිරීමද ලෙඩුන්ට අසාධාරණ විදියට සළකන එකද වඩා වැරදි දෙය? (නි)
සල්ලි වලට උපාධිය ගත්තට කමක් නැහැ නිසි සුදුසුකම් තිබේ නම්. අපේ සල්ලි වලින් ඉගෙනගෙන එළියට විත් වර්ජන කරනවා. එ්ක හරිද. දොස්තරලා කරන්නේ රැකියාවක් නොවෙයි සේවයක්. ඒගොල්ලෝ ගන්නේ පඩියක් නොවෙයි දීමනාවක්. (නි)
ඔය කියන සයිටම් ආයතනය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගෙන තියනවා. පහුගිය රජය විසින් විශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කොට තියනවා, ඔය ආයතනයට එම් බී බී එස් උපාධිය පිරි නමන්න සුදුසු ආයතනයක් බවට. ඉතින් තව මොනාද මෙතන තප්පුලන්නේ? රටේ නීතිය හා රජයේ ගැසට් නොපිළිගන්නා අම්බරුවෝ පිරිසක්ද වර්තමාන විශ්ව විද්‍යාල වල ඉන්නේ?? (බ)
සයිටම් වෛද්‍ය උපාධිය පිරිනමන්නේ සතුන්ට වෙදකම් කරන්න නම් මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. එ්ත් වෙදකම් කරන්නේ අපේම රටේ දුප්පත් අසරණ මිනිස් ජිවිත වලට. (නි)
උඹල දොස්තරල වුනාට පස්සෙ පුද්ගලික සේවාවල යෙදෙන්නත් එපා. (බ)
එක්කෝ මුන්ට ලජ්ජා නැහැ එක්කෝ රජයට ලජ්ජා නැහැ (බ)
ලෝකයේ කොහේහරි රටක රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් බැරකරපු යුගයේදී රටට කරපු විනාශය අතිවිශාලයි. (නි)
මේ දෙගොල්ලොම අපේම දරුවෝ (ර)
මේ හැමෝම අපේ ළමයින් කියල අමතක කරන්න එපා. වසරකට බඳවාගන්න සිසුන් ප්‍රමාණය වැඩි කරන්න ඕන. උපාධි කඩ කියන නම දාගන්නේ නැතුව මේ ආයතනය රජයට පවරගන්න. අවුරදු දෙකෙන් දෙකට උද්ගෝෂණ කරලා ආණ්ඩු පෙරලන්නත් වියදම් වෙන්නේ අපේම සල්ලි. (ර)
හොර දොස්තරලා රටට ඕනේ නෑ (ර)
ඔක්කොම ප්‍රයිවට් නම් මොන මගුලකටද ජනතාව ආණ්ඩු පත් කරගන්නේ අපේ සල්ලි හොරකම් කරගන්න කියල හිතුවද පාහර ආණ්ඩු තක්කඩි හැත්ත (බ)
තිලක් ඩුබායි ඉක්මනටම ගිහින් ඩුබායි වල ඉන්න පශු වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න. මොකද ලංකාවේ වෛද්‍යහොරු තවම කරන්නේ වකුගඩු ජාවාරම විතරයි. සමහරවිට, ඩුබායිවල හරක් මොළේ වෙනුවට මිනිස් මොළයක් මාරුකර ගන්න පුළුවන් වෙයි. (නි)
ලෝකේ වෙනත් රටවලට පෞද්ගලික විශ්වවිද්‍යාල හොඳ නම් ලංකාවට විතරක් ඇයි නරක? (ර)
ජයන්ත, හැම දෙයක්ම රජයට පවරාගෙන කවුද ඒවා නඩත්තු කරන්න මුදල් ගෙවන්නේ? අද රටේ කිසි කෙනෙක් බදු ගෙවන්න කැමති නැහැ නමුත් හැමදෙයක්ම නොමිලේ ලබා දෙන්නත් ඕනේ. (හේ)
නිදහස් අධ්‍යාපනය ලංකාවේ තියෙනකල් මේ පුද්ගලයෝ මහ පාරේ තමයි (හේ)
සයිටම් වෛද්‍ය උපාධි පිරිනැමීමට සුදුසු එකක් ලෙස වෛද්‍ය සභාව පිලි අරන් නෑ. උසස් පෙළ අවම සුදුසු කම් නැති අයට පවා සල්ලි තියෙනවනම් මෙයින් වෛද්‍ය උපාධියක් ගන්න පුළුවන්. විදේශ වෛද්‍ය උපාධි කර ලංකාවේ වෛද්‍ය වරයකු වීමට වෛද්‍ය සභාවේ ලිඛිත සහ ප්‍රායෝගික පරීක්ෂණයකින් සමත් විය යුතුයි. (ර)
මහජන මුදලින් ඉගෙන ගැනීමටත් ඉන්පසු චැනල් සේවයෙන් හරි හම්බ කිරීමටත් එතනින් නොනැවතී සමාජයේ සියලුම වරප්‍රසාද ලැබීමටත් පරම අයිතිය ඇත්තේ තමන්ට පමණක් බව සිතන කුහක මානව කොට්ටාශයක්. මේ උදවිය තමයි උසස් පෙළ පන්තියේදී තමන්ගේ සටහනක් වත් අනෙක් ළමයින්ට නොදුන්නා වූ ආත්මාර්තකාමින්! (ර)
භද්‍රානි, ලෝකයේ බොහොමයක් දියුණු රටවල ලාභ ඉපයීමේ අරමුණින් වෛද්‍ය විද්‍යාල පිහිටුවන්නේ නෑ. ඒවා රජයට අනුබද්දව තමයි ක්‍රියාත්මක වන්නේ. නමුත් ඉන්දියාව වගේ සෞඛ්‍ය සේවය පහත් මට්ටමක පවතින රටවල් වල මෙවැනි වෛද්‍ය විද්‍යාල කියා ගන්නා කඩවල් තියෙනවා. ඒවායෙන් බිහිවූ වෛද්‍ය වරුන් ගැන ඔබ මට වඩා සමහර විට දන්නවා ඇති. ලංකාවත් මේ තත්වයට ඇද වැටෙනාවට ඔබ කැමතිද? (ර)
සයිටම් අය ඉල්ලන්නේ වෛද්‍ය සභාවේ විභාගයකින් තොරව වෛද්‍ය වරුන් ලෙස ලංකාවේ ලියාපදිංචි වීමටයි. මෙයින් සුදුසු කම් නැති පිරිස් ලංකාවේ වෛද්‍ය වරුන් ලෙස පෙනී සිටීවි. (ර)
මේ උදවිය කන්නන්ගර මහතාගේ දර්ශනය ගැන කිසිම අවබෝධයක් නැති කට්ටියක්. (ර)
ජෙහාන්, මහජන මුදලින් ඉගෙනගන්නේ වෛද්‍ය වරුන් පමණක් නොවේ. සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විශ්ව විද්‍යාල, කාර්මික විද්‍යාල වල ඉගෙන ගන්න ඔක්කොම මහජන මුදලින් තමයි ඉගෙන ගන්නේ. ඔවුන් සියලු දෙනාම රටට සේවය කල යුතුයි. නමුත් එය එසේ සිදුවෙනවාද? (ර)
බොහොමයකට පෙනෙන්නේ දොස්තරලා ගන්න පහසුකම් විතරයි. ලෙඩක් වුණාම තමයි බුදු දොස්තර මහත්තයෝ වෙන්නේ (නි)
රන්ජිත් ඔබ මෙතන බොරු වපුරන්න හදන්න එපා. ඔබ ඉන්දියාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැන පවසා තිබෙන දෙයින්ම පැහැදිලියි ඔබගේ මොළයේ, බුද්ධියේ හා දැනුමේ පරිමාව? ඔබ හා ඔබ වැන්නවුන් ඉන්දීය පෞද්ගලික විශ්ව විද්‍යාල අඩු තක්සේරු කොට හිතුවාට, බටහිර රටවල පවා ඉන්දීය වෛද්‍ය උපාධියට නිසි පිළිගැනීමක් තිබෙනවා. එම පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් විවිධ විෂයන් යටතේ උපාධිලාභී උගතුන්, වර්තමානයේ ශ්‍රී ලංකාව තුල පෞද්ගලික අංශයේ උසස් රැකියාවල නියුතුවීම රහසක් නොවේ.(බ)
මහජන මුදලින් උසස් අධ්‍යාපනය ඉගෙන ගන්න අවදියේ මානව දයාව ඉහ වහා ගිහිල්ලා අසාධාරනය වෙනුවෙන් කිඹූල් කදුලු හෙලනවා තනතුරු ලැබුනාම බහුතරයක් මහජනතාව සුරාගෙන කන්ඩ බලන්නේ (බ)
කරුණාපාල, ඔබ කියලා තියන දේ තේරුම් ගන්න බැරි අම්බරුවෝ එතන නෙමේ, මෙතනත් ඉන්නවා. සමහරවිට ඒ ඔවුන්ගේ කුහකකමටත් වඩා, නොදන්නාකමම වෙන්න ඇති. (නි)
රන්ජිත්, දන්නෙම නැද්ද පහුගිය දිනවල සයිටම් එකේ සිසුන් වෛද්‍ය සභාවෙන් එම විභාගයට පෙනී සිටින්නට ඉල්ලීමක් කළ බව? බොරුව තාවකාලිකව හෝ රජ කළාට දක්ෂතාවය යටපත් කරන්න බැහැ කියලා තේරුම් ගන්න. (නි)
කෙනෙක් බෝඩ් එකක් අල්ලාගෙන ඉන්නවා "සයිටම් එක නීතිගත කිරීමේ කුමන්ත්‍රණය නවතනු" කියලා. ඔහු දන්නේ නැද්ද සයිටම් කියන ආයතනය මේ රටේ තියන නීතිගත ආයතනයක් කියලා. මට නම් හිතෙන්නේ අනාගතයේදී අපේ රටට වෛද්‍යවරු වෙනුවට පශු වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවය තදින්ම දැනේවි. (නි)
කරුණාපාල මහත්තයා, කරුණාකරලා බුද්ධිමත් වෙන්න, දැනුවත් වෙන්න, පොතක් පත්තරයක් බලන්නේ නැද්ද? කොහෙද ඕක පිළිගත්තේ? ඔබතුමාට බෙහෙත් දෙන්න හොඳයි සයිටම්! ඔබතුමා බෙහෙතක් හේතක් ගන්න දොස්තරලාට වැඩිය ඔබතුමාට වෛද්‍ය විද්‍යාව තේරෙනවා වගේ! ඔච්චර මෝඩ වෙන්න එපා! (නි)
ලංකාවේ ඉතා පැරණි ආසනයක් වූ උල නැවත උපදවා, මේ දෙතුන් දෙනෙක් ඇදගෙන ගොස් ඒ මත හිඳුවා ඔටුනු පැළඳීමට කාලය දැන් එළැඹී ඇති බව පෙනෙනවා. (නි)
භද්‍රානි, ඉන්දියාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වලට පිටින් වෛද්‍ය විද්‍යාල කඩ තියෙනවා සයිටම් වගේ. ඒවා තුලින් බිහිවන වෛද්‍ය වරුන් සුදුසුකම් අඩු අය. ඉන්දියාවේ සෞඛ්‍ය සේවය අපට වඩා පහලින් තිබෙන්නේ. ලෝකයේ රටවල සෞඛ්‍ය තත්වය දක්වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉන්ඩෙක්ස් එක බලන්න. ලංකාව ඉන්නේ 76 ට. ඉන්දියාව 112 හේ ඉන්නේ. මොන ප්‍රශ්න තිබුනත්, අපි මේ තැන ඉන්නේ අපේ රටේ වෛද්‍ය වරුන්ගේ සහ අනෙකුත් සියලු සෞඛ්‍ය සේවා වල ඇති දක්ෂතාවය නිසා. (බ)
සූ ගාලා දහයක් විතර ඉන්නේ.... (නි)
රංජිත්, ඔබගේ අදහස් තේරුම් ගන්න බරපතල වැඩියි. අපි දන්නවා ඉන්දියාවේ දොස්තරලගේ තත්වය. ඒ නිසයි උණක් හෙම්බිරිස්සාවක් හැරෙන්න වෙනත් ලෙඩකට රුපියල් 45000 වියදම් කරගෙන ගුවන් ටිකට්පතක් අරගෙන ලංකාවට එන්නේ. (නි)
භද්‍රානි, බොරු කියන්න එපා. මැදපෙරදිග නම් ඔයා ඉන්නේ. අනේ මගේ කට........! (නි)
ටියුෂන් ගිහිල්ල ඔතනට ආවාට පස්සෙ බෝඩ් උස්සනව නොමිලේ දෙන අධ්‍යාපනයට අත නොතබනු කියල, දොස්තරල වෙලා ඊට පස්සෙ බෝඩ් උස්සනව චැනල් ආදායමට බදු අය නොකරනු, තීරු බදු රහිත කාර් දෙනු, දුවට, පුතාට - රෝයල්, විශාඛා දෙනු.. කියල.(බ)