(බුලත්සිංහල විශේෂ චිත්මි චේතාරි)
මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් නිවාස අහිමි වූවන් රැඳී සිටින මීතොටමුල්ල වී ගබඩා වේ තාවකාලිකව පදිංචිව සිටින දැරියන් අතර නොමිලයේ බෙදා දුන් තිසරපට තුළ පෙති වර්ගයක් හා ජෙල් වැනි ද්‍රාවණයක් අඩංගු පැකට්ටුවක් අයුරා තිබියදී සොයාගත් බව එම දැරියන්ගේ මවුවරු පවසති.
මෙම තිසරපට හා කාන්තා යට ඇඳුම් කාන්වක විසින් නොමිලයේ ලබා දුන් බව කඳවුරේ පාලක පී.ජී. චන්ද්‍රසිරි මහතා පැවැසීය.
එම පැටක් තිසරපටය තුළ ඉතා හොඳින් අසුරා මසා නිම කර ඇතැයි ද මවුවරු පැවැසුවෝය. මෙම තිසර පට වැඩිහිටියන්ට නොව දරුවන්ට පමණක් ලබාදෙන බව ඒවා බෙදු කාන්තාව පැවැසුවේ යැයි කඳවුරේ කාන්තාවෝ පවසති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැන පැන බිය වද්දවා මුල්ලක සිටීමෙන් පලක් නැහැ. දිනුමත් පැරදුමත් කෝකත් කමක් නැහැ.
මේවා බෙදුව කාන්තාව හඳුනා ගන්න බැරිද? මේවා බෙදන්න අවසර දුන්නේ කවුද? වහාම පරීක්ෂණ කර මේ ද්‍රව්‍ය හඳුනාගැනීමට පියවර ගන්න.
කටකතාවක් කියලා නේද කිව්වේ... දැන් මොකද කියන්නේ? රටේ බලධාරීන් නිදිද?
යුද්ධය ඉවර උණාට පස්සේ ලංකාව ආර්ථිකව කොල්ල කන්න...සුද්දන්ගේ පාරාදීසයක් කරන්න...අන්තගාමි ආගම් ප්‍රචාරය කරන්න... ඔවුන්ගේ ඉගැන්වීම් කරන පාසල් අරඹන්න බොහොමයක් පිරිසක් දත කනවා. ඒවාට අපි අසරණ විදියට හසුවෙන්නේ මේවගේ මිනිස්සු හරහා සහ දේශපාලකයින් හරහා....
මේවා සාමාන්‍ය ඒවාට වඩා මිලෙනුත් වැඩියි නේද?
මොනවද මොනවටද දාල තියෙන්නෙ කියල මරික්කාර් මහත්තයාගෙන් ඇහුව නම් කියාවි !!!
අැයි මතක නැද්ද? කාන්තාවෝ වඳ කරවන්න ඔහොම ඒවා තියෙනවා කියලා කලින් කිව්වේ ෆේස්බුක් එකේනෙ. තුන්කාලේ වැඩ තමා ඕවා.... දෙවියන්ගේ පිහිට තමා ඉතින් ඔය මිනිස්සුන්ට...
උපාලි හරියටම නිගමනය කරලා තියෙනවා......... පොඩ්ඩක් හොයල බලන්න ඕනේ අනිත් ජාතිකයන්ටත් දීලා තියෙන්නෙත් ඕවමද කියලා...
හා හා... සහජීවනේ කැඩෙනවා මේ වගේ නිව්ස් වලින් !!!
තිසරපට තුල සුක්ෂම ලෙස ඇසිරූ ජෙල් පැකට් මුලින්ම සොයා ගත්තේ කැකිරාව ප්‍රදේශයේ නිමි ඇදුම් අලෙවි සැලකිනි. එකල එය මහත් ආන්දෝලනයකට ලක්වූ පුවතක් වුවද බලධාරීන්ගේ නිසි අවධානය ඒ සදහා යොමු නොවුනි. ඒ නිසාවෙන්ම රටේ විවිධ ප්‍රදේශ වලින් මෙවන් ආකාරයේ තිසරපට මතුවීමට පටන් ගැනුනි. දැනට වුවත් මේ සඳහා නිසි සොයා බැලීමක් සිදුවෙනවා දැයි ප්රශ්නයකි. මෙහි අරමුණ කුමක්ද? යනාදී දේ ජනතාව දැන ගත යුතුය.
ජනපති, අගමැති දෙන්නම පරණ වැඩම තමා කරන්නේ. ඡන්දය බලාගෙන මුස්ලිම් ජනතාවට දෙන්නේ නැතුව සිංහල බෞද්ධයා රකින්න වැඩ නොකළොත් වැඩ වරදීවි...
එදා බටලන්දේ කට්ටියද දන්නෑ මේවා බෙදුවේ ......
මේවා තනිකරම එන්ජීඕ කාරයින්ගේ වැඩ. කාට නිදහසක් නැතත් ඒ උදවියට නිදහස තියෙන නිසානේ මෙහෙම බඩ පිනුම් ගහන්නේ. අනේ මෙහෙමත් ආණ්ඩුවක් ...
ජෙල් යනු තිසර පට වලට යොදන රසායනික ද්‍රව්‍යයකි.
මේවාට හැබැයි හොඳයි කියන්න නම් බෑ.
සිංහල ජාතිය වඳ කිරීමේ කුමන්ත්‍රණයක්.. ප්‍රසිද්ධ රෙදිපිළි ආයතනයකිනුත් මේවා මතු වුණානෙ..
ඕවා බෙදපු අය කව්ද කියල දන්නෙත් නෑ. මේවා කපලා බැලුවහම මොනවාද තියනවාලු. මේ වගේ වැඩ කරලා ජාතිවාදය ඇතිකරන්න එපා. ඒ වගේම ඔය වගේ පුවත් පල කරන්න කලින් හොඳින් හොයලා බලන්න. මොකද ජනතාව පත්තරවල තියන දේවල් ප්‍රශ්න අහන්නේ නැතිව පිළිගන්නවා.
කොන්ද පණ තියෙන කව්රු හරි රජයේ ඉන්නවා නම්.... මේ ගැන වහාම පරීක්ෂණ පවත්වලා මේක යට ගහන්න නොදී එළිකරන්න ඕනෑ. මේකට සම්බන්ධ පුද්ගලයන් හොයලා දඬුවම් දෙන්න ඕනෑ. මේ වගේ දේවල් ගොඩක් කල් ඉඳල සිදුවෙනවා.
දැන්වත් මුස්ලිම් කඩවලින් අඩුවට බඩු ගන්න යන කාන්තාවන්ට මොලේ පෑදෙයිද මන්දා...?
නිකරුණේ ප්‍රශ්න ඇති කර නොගෙන තාක්ෂණය පිළිබඳව මීට වඩා දැනුවත්වී මේ ගැන සොයා බැලුවානම් හොඳයි නේද?
අතීතයේදී නම් මේවා සාමාන්‍යයෙන් මිල අධිකය. එය එක්තරා විලාසිතාවක් පමණි.
මේක සාමන්‍ය දෙයක්. අහස පෙරලවා කරන කතාව වගේ තමා... හොයන්නේ බලන්නේ නැතිව කොමෙන්ට් කරනවා....
මේ පර්යේෂණවලට අනුව මේවායින් හානියක් වෙනවා කියල කියන්න බැහැ... . ස්තූතියි !!!
ඇත්තටම ලිපිය කියවද්දී ලජ්ජාවට පත් උනා. බොහෝ අදහස් කියවද්දී ඊටත් වඩා ලැජ්ජාවක් ඇති උනා. ඇත්තටම අපි කොහෙද ඉන්නේ. අදහස් දක්වා ඇති සමහර අය ජිවත් වන්නේ ඔස්ට්‍රේලියාව වැනි රටවල. ලංකාවේ මෙම වර්ගයේ ජෙලි තිසර පට පරිහරණය වන්නේ ඇතැම් විට අවුරුදු 30 කට වගේ කාලයක සිටයි.
පළමුව යථාර්තය තේරුම් ගන්න. හැමදේටම එන් ජී ඕ සහ මුස්ලිම් කඩකාරයෝ අල්ල ගන්න එපා.
මෝඩ කතා කීමටත් සීමාවක් තිබිය යුතුයි.
අයියෝ මම නම් දන්නේ නැහැ මේවා !!
අද ලෝකේ එක එක ක්‍රම සහ මෝස්තර වලට හදපු මෙවැනි ඇඳුම් තිබෙනවා. මේක පුදුමයක් ලෙස සලකන්න අවශ්‍ය නැත...
සහෝදර මුස්ලිම් ජනතාව සිංහල නම් වලින් ඇවිත් කොමෙන්ට් දානවා වගේ මට නම් පේන්නේ...
ඉහත කොමෙන්ට් වලින් සිංහල බොහෝ පිරිසකගේ පරිකල්පන ශක්තිය විදහා දක්වයි. මෙහි විද්‍යාත්මක පසුබිමට අනුව නම් ප්ලාස්ටික් ඇසුරුමක ඇති දියරයක් කුමන අයුරකින් හෝ ශරීරයට ඇතුළුවී වඳබවට පත් වන්නේ කෙසේද? යන්න සිතාබැලිය යුතුය. මේ ගැන අප පිරිසට බුද්ධිය පහළවේවා !
මේවා දැන්වත් නවත්වන්න.... දේශපාලන බලය, ධනය අමතක කරන්න. නැගිටින්න. අනාගත උරුමක්කාරයින්ට රට, සිංහල ජාතිය ඉතිරිවිය යුතුය.
අනේ මේ මොන කතාද .? මේවා ලෝකේ ඕන තරම් තියනවා. මේවා සාමාන්‍ය දේවල්නෙ....
ලෝකයේ තිබෙන විවිධාකාර නිපැයුම් ගැන මාධ්‍ය මගින්, වෙළඳ දැන්වීම් වලින්, වෙනත් ආයතන මගින් ජනතාව නිසි පරිදි දැනුවත් කිරීම අත්‍යාවශ්‍යය.
මේවා සාමාන්‍ය දේවල් කියන අය අපිට දැන ගන්න කියන්නකෝ බලන්න මේ මොනවද? කවුද? මේවා නිෂ්පාදනය කරන්නේ කියලා...
සන්ජේ, උසස් කාන්තා විලාසිතා සාප්පුවකට යාමෙන් සියැසින්ම දැකිය හැක. මෙවැනි ඇඳුම් මසන ඇඟලුම් කර්මාන්ත ශාලා අප රට තුල ඇත.
අපේ මිනිසුන්ගේ සාමාන්‍ය දැනීම ඉහත ප්‍රතිචාර වලින් පැහැදිලි වෙනවා .
ඇයි? චිති, ගෑනු ළමයෙක් වෙලත් මේ ජාතියේ පියයුරු හැඩ ගන්වන තන පටි ගැන අහලවත් නැතිද? අඩු තරමින් ඔයාලගේ ගමේ ඩුබායි ගිය ගැනු කෙනෙක්වත් වත් නැතිද අහල දැනගන්න?
මේකත් නිකන් හාවා නිදන් ඉන්නකොට තල් අත්තකට මොනවද වැටිලා අහස කඩන් වැටෙනවා කියල දිව්වා වගේ කතාවක් තමයි. හැමදේටම මොකක් හරි දෙයක් ගාව ගන්නවා.
අපගේ සහෝදර මුස්ලිම් ජනතාවත් උනන්දුවෙන් මෙයට ප්‍රතිචාර දානවා වගේ.....
මේවා රසායනික පරීක්ෂණයකට යොමු කරලද තියෙන්නෙ?
සහජීවනයට කැළලක් වෙයි කියලා වෙන්න ඇති සමහර වෙනත් අය සිංහල නම්වලින් ප්‍රතිචාර දක්වන්නේ...
මීතොටුමුල්ලේ කාන්තාවක් ප්‍රසිද්දියේ රටේ ප්‍රබලම කාන්තාවකට "වද ගෑනි" කියා අපහාස කිරීමට එරෙහි බැක් ටු බැක් රිටන් එක.
දම්මික සහෝදරය ...මේ වැඩේ කව්රු කලත් වැරැද්ද වැරැද්ද මඊ..කල මිනිහට උපරිම දඩුවම් දීම විනා අහක ඉන්න මුස්ලිම් ජනය මේකට පටලව ගන්න එපා.
මේක ලියපු වාර්තාකාරියවත් දන්නෙ නැද්ද ප්ලාස්ටික් ශල්‍යකර්ම සඳහා යොදාගන්නා ' සිලිකෝන් ' ගැන.
මේ ඇඳුම් විශේෂය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගත යුතු නැති බව පෙනේ...
මේවායේ ඇති සිලිකන් සංයෝගය සිරුරේ හැඩ ලබා ගැනීමට උපකාරී වෙයි .
ලංකාවේ සිංහල ජාතිය නැති කරන්න තමයි ඔයනම් හදන්නේ...
සේරටම කලින් මේ කියන පෙති වර්ගය හා ජෙල් වැනි ද්‍රාවණයේ අඩංගු මොන රසායනයද? ඒවා මිනිසාට අහිතකර දේවල්ද කියල අපේ රටේ තියන රජයේ පර්යේෂණාගාරයකින් පරීක්ෂාවට ලක් කරලා ඉන්න කිසිම දෙයක් දන්නේ නැතිව අපි කොහොමද මේ ගැන තීරණ ගන්නේ? ඒවා මිනිසාට අහිතකරනම් මේවා බෙදා දුන් අය ගැන සොයා බලන්න. සමහර විට දුන්නේ කවුද කියල ගත්ත අයවත් දන්නේ නැතිව ඇති. මොකද නිකන්නේ දුන්නේ..
ලෝකේ බොහෝ රටවල කාන්තාවෝ මේවා අඳිනවා, මිලෙන් සාමාන්‍ය ඒවාට වඩා වැඩියි. මේවා දෙස ගෝත්‍රික මානසිකත්වයෙන් බැලුවම හරිම අවුල්.... සමහර අදහස් දැක්කම හරිම හිනා...
හැකි ඉක්මණින් අනුන්ගෙන් යැපීම නතරකළ යුතුය. එතකොට තමන්ට අවශ්‍ය භාණ්ඩ තමන්ටම මිලදී ගතහැකියි..
ලෝකේ තියෙන දේවල් වලින් වැඩක්නේ. මේකේ තියෙන්නේ මොනවාද කියල හොයල බලන්න ඕන. මොකද මේ වගේ දේවල් ඕන තරම් ලංකාවේ සිද්ද වෙනවා. මේවා සිද්ද වෙන්නේ හොයල බලන්න කෙනෙක් නැති නිසා.
මේ තියෙන්නේ සාමාන්‍යයෙන් විදෙස් රටවල භාවිත කරන මිල අධික තිසරපට. මේවා ඇතුලට මේ දාල තියෙන්නේ කාන්තාවන්ගේ පියයුරු හැඩගන්වන්න සේම එහි සෞම්‍ය බව පවත්වාගන්න උපකාරී වෙන රසායනික ද්‍රව්‍යක්, මෙමගින් ශරීරයේ අභ්‍යන්තරයට කිසිදු හානියක් වෙන්නේ නැහැ වගේම පියයුරු වලටවත් කිසිම බලපෑමක් නැහැ. හැම දෙයක්ගෙනම අදහස් දක්වන්න කලින් මුලින්ම හොයල බලන්න. මේ වගේ දේවල් වලට ජාතිවාදය හෝ දේශපාලනය පටලවගැනීම කිසිම පදනමක් නැහැ. එක මිනිහෙක් මුල ඉදන්ම මේ ගැන වැරද්දක් කිව්වොත් ඉතින් ඊට පස්සේ අදහස් දක්වන අයත් ඔහේ ඒ දේ පස්සෙම ගිහින් බොරුවට කියවනවා වාචාලකමට වගේ. ලැජ්ජාවෙන් වුනත් කියන්නේ ඒ අපේ සිංහලයාගේ ගොන්කම.