බලයේ සිටියදීත්, බලය නැතිව සිටියදීත් බොරු කියා රටම රවටන මහින්ද රාජපක්ෂ හිටපු ජනපති උතුරේ හමුදා කඳවුරු 50ක් ඉවත් කර අධි ආරක්ෂක කලාපයේ අක්කර 12,000ක් පවරා දී තම රජයට අභූත චෝදනා නගතියි එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතා කියයි.
නව රජයෙන් ඉවත් කළ එක් කඳවුරක් හෝ නම් කරන්නැයි ඔහු අභියෝගයක්ද කරයි.
කබීර් හෂීම්ගේ නිවේදනය මෙසේය.
එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් කබීර් හෂීම් මහතා නිකුත් කළ නිවේදනය
පසුගිය ජනවාරි 08 වන දා දේශයේ ප්‍රගතිශීලී ජනතාව සිදු කළ දැවැන්ත විප්ලවය නිසා ජනාධිපති පුටුවෙන් බිමට ඇද වැටුණු මහින්ද රාජපක්‍ෂ මහතා, දැන් නැවත නැවත අසත්‍යය හා මිත්‍යාව වපුරවමින් මේ රටේ ජාතීන් අතර වෛරය හා සැකය පැතිරවීමට උත්සාහ දැරීම කණගාටුවට කරුණකි.
එරෙහිව නැගෙන චෝදනා කිසිවකට පිළිතුරු දීමට නොහැකි නිසා පරාජිත ජනාධිපති රාජපක්‍ෂ මහතා කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලන ආණ්ඩුවට අභඣත චෝදනා එල්ල කරමින් ලාබ ජනප්‍රියත්වයක් ලබා ගැනීමට වෙහෙසීමයි. පන්සල් හා පිට්ටනි ගාණේ පවත්වන මාධ්‍ය සංදර්ශන මගින් අගමැති ෆැන්ටසියේ තාවකාලික වින්දනය ලබා ගැනීමයි.
තමන්ගේ දූෂණ, වංචා හා මගඩි වසා ගැනීම සඳහා දැන් එතුමා කොටි මන්තරය යළි ජප කිරීම අරwා තිබේ. පසුගියදා මාතර රැළියේ ප්‍රකාශිත පණිවිඩය මගින් පරාජිත ජනාධිපති රාජපක්‍ෂ මහතා කියන්නේ කොටි නැවතත් හිස ඔසවමින් සිටින බවයි. ත්‍රස්තවාදය පරාජයට පත්කළ විරෝදාර හමුදාව හෑල්ලූවට හා අවතක්සේරුවට පත් කරමින්, එතුමා පවසන්නේ වත්මන් ආණ්ඩුව මේ වන විට උතුරේ හමුදා කඳවුරු 59 ක් ඉවත් කර, කොටින්ට හිස එසැවීමේ අවකාශ ලබා දී ඇති බවය.
මල් වට්ටි හිස තබාගෙන පන්සලක් පන්සලක් ගානේ යන සමහර උපාසකලා පන්සිල් පද පහම කඩති. පළමුවත් රට, දෙවනුවත් රට, තුන්වෙනුවත් රට කියමින් පපුවට ගසාගන්නා ජාතිමාමකලා තම වාසිය වෙනුවෙන් රටම විකුණති. මතු දැක්වෙන කරණු අනුව, පරාජිත ජනාධිපති රාජපක්‍ෂ මහතා ගැනෙනුයේ කවර ගණයටදැයි තීරණය කිරීමට මේ රටේ ජනතාවට හැකිය.
පාරාජිත ජනාධිපති රාජපක්‍ෂ මහතා උත්සාහ කරන්නේ වත්මන් ආණ්ඩුව විසින් උතුරේ කඳවුරු 59 ක් ඉවත් කර ඇති බවට චෝදනා නැගීමටය. කරුණාකර දැන්වත් මේ පේරා්ඩාවෙන් අත්මිදෙන ලෙස අප රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින්නෙමු. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෝ වත්මන් ආණ්ඩුව හෝ එකදු කඳවුරක්වත් ඉවත් කර නැත. කඳවුරු 59 ම ඉවත් කර ඇත්තේ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව සමයේ ය. එපමණක් නොව, හමුදාව උතුරේ අත්පත් කර ගෙන තිබූ ඉඩම් අක්කර එකොළොස් දහසෙන් පන්දහසක්ම නිදහස් කර ඇත්තේද මහින්ද රාජපක්‍ෂ ආණ්ඩු සමයේය. වත්මන් ආණ්ඩු සමයේ යුධ හමුදාවේ එකඟත්වය මත නිදහස් කළ ඉඩම් ප්‍රමාණය අක්කර දහසක් පමණි. ඊටත් අමතරව, 2014 නොවැම්බර මාසයේ මහින්ද රාජපක්‍ෂ මහතා සාම්පූර් හමුදා කඳවුරු ඉවත් කිරීමට ද නියෝග නිකුත් කළේය.
වත්මන් ආණ්ඩුව යටතේ උතුරේ හමුදා කඳවුරු 59 ක් ඉවත් කර ඇත්නම්, ඒ කඳවුරු කවරේද කියා නම් කරන ලෙස අපි පරාජිත ජනාධිපති රාජපක්‍ෂ මහතාට අභියෝග කරමු. කලින් අප මතු කළ බොහෝ කරුණු වලට මෙන්ම මේ අභියෝගයට ද පිළිතුරු දෙන්නට ඔහුට නොහැකිය.
රටේ තැන තැන මහජන මුදලින් ඉදි කෙරුණු ජනාධිපති මාළිගා සම්බන්ධව පිළිතුරු පරාජිත ජනාධිපති රාජපක්‍ෂ මහතා සතුව නොමැත. මහා මාර්ග ඉදි කිරීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබා ගත් බිලියන 55 ක ණය මුදලින් බිලියන 28 ක් අනවසර වියදම් සඳහා යෙදවූ අයුරු ගැන හේතු දක්වන්නට ඔහු අසමත්ය. ඔහු සහ පවුලේ අය පාවිච්චි කළ රජයේ වාහන සංඛ්‍යාව පිළිබඳව හෝ ඒවායේ වටිනාකම පිළිබඃදව තොරතුරු අදටත් අභිරහසකි. අරලියගහ මන්දිරයේ ඇති දැඩි කළ එතුමාගේ බල්ලන්ට පවා කෑම දී තිබෙන්නේ ආණ්ඩුවේ සල්ලි වලිනි. මන්දිරයෙන් ලබා දෙන දෛනික කෑම වලට අමතරව, ඒ බල්ලන්ට පිට කෑම ලබා දීම සඳහා මාසයකට රුපියල් ලක්‍ෂ ගණනක් මුදලක් වැය කර තිබේ. එතුමා සහ පවුලේ අය සිදු කළ වංචා දූෂණ හා ජාවාරම් පිළිබඳ හෙළි නොවුණු තව තව තොරතුරු බොහෝය. පවුලේ ව්‍යාපාර සඳහා රාජ්‍ය සම්පත් හා මුදල් අමු අමුවේ යොදා ගැනීම ගැන පමණක් නොව, පවුලේ ව්‍යාපාර සඳහා ලබා ගත් නීති විරෝධී බදු සහන පිළිබඳවද තවත් කරුණු නොබෝ දිනකින් හෙළි වනු ඇත. මේ සියල්ල, මැතිවරණ ව්‍යාපාරය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා චීනයෙන් ගෙන්වා ගත් රුපියල් කෝටි ගණනක බඩු මුට්ටු ලැයිස්තුවට අමතරවය.
පරාජිත ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බලයේ ඉන්නා තාක් කල් කළේ ද බොරු කියමින් ජනතාව රැවටීම ය. පරාජයෙන් පසුව ද කරන්නේ බොරු කියමින් ජනතාව රැවටීම ය. මේ රටේ ජනතාව ජනවාරි 08 වන දා මෙවැනි බොරු කාරයින්ට පළමු පාඩම ඉගැන්වූහ. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනතාව ඔවුනට අවසාන පාඩම ද උගන්වනු ඇත.
2015 ජූනි 14

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම භිතියක්නේ තියෙන්නේ..කියන ඒවා ඔප්පු කරලා පෙන්නන්න.අසමත් කියන්න බැහැ.අභිරහස් තියෙන්න බැහැ..කොහොමද එහෙම කියන්නේ.රාජ්‍ය බලය තියෙද්දී ඕව ඔප්පු කරලා ඒවායේ වාසිය ගන්නේ නැතුව ඒවා අභිරහස් ඒවා අසමත් කියල චන්දෙට ගිහින් ඇන ගන්න එපා..දැන් ඔය බයිලා මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ.පිළිතුරු නැහැ කියන ඔය සේරටම පිළිතුරු එතුමා දීල තියෙනවා අපි දැක්ක....එතුමා හමුදා කදවුරු ඉවත් කළා නම් ඉවත් කළේ රටේ ආරක්ෂාව මුල් තැනට දාල යම් සැලසුමක් අනුව මිසක් මේ වගේ බලය ගන්න දීපු පොරොන්දු ඉටු කරන්න බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් සපුරන්න නෙමෙයි. (බ)
හිටගෙන බොරු කියනවා (ම)
අනේ හෂීම් ,උඹ මොනවා කීවත් උතුරේ කඳුරු මහින්ද ඉවත් කලානම් කොහොමද මැට්ටෝ යුද්දේ ජය ගත්තේ ?.. අනෙක මේ රටේ කරන දේවල් අපි නොදන්නවාද ? (ම)
උතුරේ මහා ඇමති කියනවා වහාම හමුදාව උතුරෙන් ඉවත්විය යුතුය කියා. රිෂාඩ් බදුර්දීන් මහතාගේ පක්ෂයේ ලේකම් කියනවා ජනාධිපති මැතිවරණ කාලයේ පොරොන්දු වෙච්ච මුස්ලිම් පරිපාලන දිස්ත්‍රික්කය ලබා දෙන්න කියා. ඇත්තටම හිටපු ජනාධිපතිතුමා පරාජය වීමේ ප්‍රධාන සාධකය වුනේ දමිල සහ මුස්ලිම් ජනතාවගේ ඡන්ද. රට හමුවේ ලොකු ප්‍රශ්නයක් මතුවී ඇත එනම් වර්තමාන ජනාධිපති තුමා බලයට එ්ම සදහා දමිල සහ මුස්ලිම් නායකයන්ට මෙවැනි පොරොන්දු ලබාදුන්නද ? ඔවුන් ඉල්ලන පොරොන්දු සදාරණද? රටේ ආරක්ෂාව පිළිබද තීරණ ගන්නේ මද්යම රජය , හමුදා කදවුරු ඉවත් කිරීම හෝ අලුතින් ස්ථාපිත කිරම තීරණය කරන්නේ හමුදා බුද්ධි අංශ සහ යුද විශ්ලේෂකයන්ගේ නිර්දේශ මතය. එලෙස තිබියදී හමුදාව ඉවත් කරන්න කියා බල කිරීමට උතුරේ මහා ඇමතිට කිසිදු බලයක් නොමැත. ඔහු නැවත හදන්නේ වෙනම රජයක් සදහා පසුබිම සකස් කිරීමටද ?(බ)
ජාතික ආරක්ෂාවට වෙන්න අතිනෙ.. අනේ හලෝ.. බොරුවෙන් ජීවත්වෙන මහින්ද යි ඔයාලවගේ කටු සුඋප්පුකරපු අයගෙනුයි මොන කතා අහන්නද.. (ම)
නියමාකාර ආරක්ෂක වාර්තාවක් සම්පාදනය නොකර හනුමා දුම්මල වරම ගත්ත වගේ වැඩකරන්න එපා කියලයි අපි කියන්නේ... මොකද රටක ජාතික ආරක්ෂාව සෙල්ලමක් නෙවෙයි (ම)
කියන බොරු ඔක්කෝම අපි පිලිගත්තා ................. නිකම්ම ඉන එකේ තවත් බොරු ටිකක් මංගලාගේන්වත් ඉල්ල්ල්ලාගෙන හෙටත් කියන්න (ම)
අනේ මන්දා! එයාලා කියනවා අපි අහනවා (නි)
හැමෝගෙම කෙරුවාවල් අපි දන්නවා සමහර අය නකුට පස්සේ ගහගෙන හිටියේ සමහර අය රටේ හිටියෙත් න දැන් නම් කාගේත් කොදු කෙලින් වෙලා (ම)
මේ කබල් හෂීම්ලා රටක් විදියට සිතා කටයුතු කරාවිද?බඩ වඩා ගන්නා කට්ටියනේ. (බ)
මේක තේරුම් ගන්න. මහින්ද සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දෙගොල්ලොම එකඟ වුණ සහ විශ්වාස කළ එක කාරණාවක් තියෙනවා.ඒ තමයි ඔහු ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී කවදාවත්, ත්‍රස්තවාදීන් හෝ ඔවුන්ට සම්බන්ධ පුද්ගලයින්ගේ බහට අවනත නොවන බව. එහෙත් යූඑන්පී ඉතිහාසය සහ ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම් නිසා සිංහල ජාතිය නිරතුරුවම ඔවුන් සැකකරනවා.එය නැති කරගැනීම ඔබලාගේ වැඩක්. (නි)
දැන්නම් කතා අහලම එපාවෙලා අපිට (නි)