උද්භිත උද්‍යාන හා පොදු විනෝදාත්මක නියෝජ්‍ය ඇමැති වී එස් රාධ ක්‍රිෂ්ණන් මහතා අද(10) සිය ධුරයෙන් ඉල්ලා අස් විය.
ඔහු සන්ධානයෙන් නුවර එළිය දිස්ත්‍රික්කය නියෝජනය කළේය.ජනපතිවරණයේදී කාට සහය දෙන්නේදැයි පසුව ප්‍රකාශ කරන බව ඔහු කියයි.
ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමැති පලනි දිගම්බරම් මහතා ද ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති කාර්යාලයට යැවු බව පක්ෂ ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරුපති පූජාව නරකම නැහැ වගේ. (ස)
ටැමිල් නෙට් එකේ ගිය ඇග්රිමන්ට් එකේ ප්‍රතිපල. (ස)
මේ පාර බලන්න වෙන දේ 60% වැඩියෙන් ගන්න මෛත්‍රීපාල සිරිසේන මහත්මයා.(හේ)
වතුකරය කියන්නෙත් අපේ රටේ කොටසක්. ජනාධිපති කියන්නේ මුළු රටේම මිස එජනිස ඡන්දදායකයන්ගේ විතරක් ජනාධිපති නොවෙයි. කවුරු මේ රට පාලනය කළත් හැම පුරවැසියෙකුටම එක හා සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි. (නි)
නියෝ්‍ජ්‍ය ඇමතිවරු දෙන්නා යනවා ෂුවර්. (ර)
රොකි හරි.මෛත්‍රී මහතාගෙන් ඔබ කියූ සියලු දේවල් අපිට බලාපොරොත්තුවිය හැකියි. (නි)
බන්දුල මහත්තයෝ ''ගෙදර යන ගමන් ''වැඩේ හරි නේද ?(අ)
කදුකරයේ හොද ඡන්ද පදනමක් තියෙන මන්ත්‍රී වරු දෙදෙනෙක්.මෙයින් මෛත්‍රී මැතිතුමාට ලොකු වාසියක් වෙනවා.(හේ)
හිස්වූ මේ වැදගත් නියෝජ්‍ය ඇමති තනතුරු වහා පිරවිය යුතුයි. නැත්නම් උද්භිද උද්‍යාන විනාශ වේවි, පොදු විනෝදාත්මක කටයුතු නතර වේවි, ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා නැතිවීමෙන් ජාතිය මහා විනාශයකට පත්වේවි. (අ)
ජනාධිපති තුමා නාය යාම ඇරබුණා කිවේ මේකටද? (අ)
ආණ්ඩුවේ ඉදන් යන අය යන්නේ නම් ඇමතිකම් වරප්‍රසාද කැප කරලා.අරමුණ හිතා ගන්න පුළුවන් ටිකක්.එත් ආණ්ඩුවට එන්නේ නම් ඒ වරප්‍රසාද ඇමතිකම් දුර ගන්න බලාගෙන නේද?(හේ)
කේවල් කරන්න වගේ හදන්නේ. (හේ)
තව ටික දවසක් යනකොට රටම නාය යනවා! සුබ අනාගැනිල්ලක්. (ම)
මේ වීරවරු බිහිවෙන්න ඕනෑ කාලයක්.රටටත් රටේ අසරණ ජනතාවටත් ලැබෙන අවසානම අවස්ථාව මෙය වෙන්න පුළුවන්. (නි)
අනේ මන්දා මේ වෙන දේවල්? (නි)
දැන්නම් කට්ටියට අනාගත ලකුණු පේනවා ඇති (නි)
මේගොල්ලෝ එකපාරක් යූ.එන්.පී. ඡන්ද වලින් පාර්ලිමේන්තු ගිහිල්ලා ආණ්ඩුවට ගියා.දැන් නැවතත් පනින්න හදනවා. මේ අය ආවත් නාවත් අපිට එකයි. (නි)
එයාලා නම් ගියාට කමක් නැහැ අපිට (නි)
මින් එක් අයෙකුට මට මතක හැටියට මේ පදවිය දුන්නේ මීට මාසයකට පෙරද කොහෙද? (නි)
අපි නම් මෙහෙම අය දන්නෙත් අදයි. නමට විතරයි.මොකටද ඔහොම ඇමතිකම් තියාගෙන ඉන්නේ.දීලා දානවා මිසක්. (නි)
මේක නම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද කොහෙද? (නි)
තව දෙන්නෙකුට දොර අරින්නයි හදන්නේ... (නි)
ජනපති මහින්දට මේ අය යන එකමයි හොඳ. හරියට මෝදිට තමිල්නාඩුව අවශ්‍ය නැහැ වගේ. මොවුන්ගේ ඡන්ද වලින් මහින්දව දනගස්සන්න බැරිබව මෙවර ඔවුන්ට හොඳ හැටි වැටහේවි. (නදී)
බඩ පෙරට - රට යටට....පෙරමුණේ වෙන්දේසි කරුවෝ.....(ස)
සමස්ථයක් ලෙස පවතින රජය වතුකරයේ ජනතාව ගැන මිට වැඩිය හිත්න තිබුණා. (නදී)
විධායකයම නායයන එක 8 වැනිදාට බලන්න පුළුවන්. (නි)