කතරගම දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍යය නිමිත්තෙන් හින්දු බැතිමතුන්ගේ පාද යාත්‍රාව ඇරඹී ඇත.
ත්‍රිකුණාමලයේ සිට කතරගම දක්වා පයින් ගමන් කරන පිරිසක් අද (05) පොතුවිල් සිට පානම ඔස්සේ කරතරගම දක්වා ගමන් කරන්නට වූහ.
ත්‍රිකුණාමලයේ සිට පැමිණෙන මොවුන් මේ වන විට දින 07ක් පයින් පැමිණි බව සඳහන් කළ අතර, තැන් තැන්වල නැවතී කෑම උයා ගනිමින්, ගිමන් නිවා ගනිමින් යති.
ඔවුහු පානම ,සන්නාසිමලේ , ඔකඳ , වහරවෙයි , නාවල්අඩියෙයි, පෙරියවිහාරන් , කොච්චිපතාන ප්‍රදේශ පසු කොට යාල අභය භූමිය මැදින් කතරගමට යති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තුතියි (නදී)
මගේ ලක්බිමට ඔබේ පිහිට දෙන්න කන්දසුරිදුනි ...මේ බැතිමතුන් ට කඳසුරිඳු පිහිටයි.(ම)
පාරවල් ටික නම් ලස්සනට හදලා තියෙනවා (ම)
අජිත්, මේ පැරිසියෙවත්, කොළොම්තොට පාරක්වත් නොවේ.පොතුවිල් සිට පානම දක්වා ඇති මීට පෙර අබලන්ව තිබුන පාරවල්. තවමත් ගැමි සුවඳ තිබෙන පළාත්. තවම මේ පැතිවල පදික වේදිකා නම් හදන්න පටන් ගන්න නැතුව ඇති. (නි)
බැතිමතුන්ට කතරගම දෙවි පිහිටයි! (නි)
හුග කාලෙකට පස්සේ ගමේ පින්තුර ටිකක් දැක්කා ලංකාදිපෙට තුති. (ම)
කොච්චර පාරවල් හැදුවත් මගී ජනතාව ගැන හිතල නැහැ කියල පෙන්වා නේද ? මේ පින්තුර දැක්කම . පදික වේදිකාව හදන්න ඉංජිනේරුවන්ට ඔලුවක් තිබ්බේ නැද්ද ? (බ)
ඔබ සැමට දෙවි පිහිටයි! (නි)
අජිත් රණසිංහ පැරිස්, නොදන්නා දේවල් කතා නොකර හිටියොත් හොඳයි වගේ.පදික වේදිකා හදන්න අවශ්‍ය පාරවල් වර්ග තිබෙනවා.මාර්ග ශ්‍රේණිගත කිරීම් කියලා විෂයක් යටතේ තිබෙන කරුණු කියවන්න.බැතිමත් මේ මිනිසුන්ට කතරගම දෙවි පිහිටයි! (නි)
කරුණාකර පාරේ ළඟපාත සිටින අය මේ අහිංසක බැතිමතුන්ට ජලය බිඳක් සහ ආහාර සපයන්න. (නි)
අජිත්, මෙහෙ ඉංජිනේරුවන්ට කරන්න තියෙන්නේ දේශපාලුවන්ගේ යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පමණයි. බොරු නම් ඇවිල්ලා බලන්නකෝ (නදී)
අජිත් රණසිංහගේ මොලේ තරම මට පේනවා. ඉංජිනේරුවන්ට ඕන විදිහටද මේ රටේ පාරවල් හදන්නේ. අනික ගොවි ඉඩම් වලින් අල්ලලා පදික වේදිකාව ගහන්න ඔයගේද ඉඩම් (නදී)
හැම අවුරුද්දකම වගේ ලංකාවට නිවාඩුවට ගියහම මගේ දෙමාපියන් සහ සහෝදරයන් සමග කතරගම යනවා. එදා ප්‍රේමදාසගේ කාලේදී වටේ සවි කල මොණරු ටිකට දාල තිබෙන විදුලි බුබුළු ටිකවත් අලුත් කරලා නැහැ. කරුවලයි. දවසකට කෝටි ගානක් පඩුරු වශයෙන් ලැබෙන තැනටවත් අලුතින් යමක් කරලා නැහැ. ආයේ අලුතින් කියන්න දෙයක් නැහැනේ. (නදී)
ඔබට කඳ සුරිඳුගේ පිහිටයි! (නි)