
(සුජිත් හේවාජුලිගේ )
බහාලුම් 323 ක් පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වරාය වෘත්තීය සමිති නියෝජිතයන් තිදෙනෙකුගෙන් පසුගියදා (25) ප්‍රශ්න කර ඇත.
කන්ටේනර් සිද්ධිය ගැන එම තිදෙනා එහිදී කරුණු රැසක් අනාවරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
කොළඹ වරායෙන් කන්ටේනර් 323 ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කාරක සභාව රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතාගෙන් මීට පෙර දින තුනක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත්තේය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවේ විමර්ශන කටයුතු මාස තුනක් ඇතුළත අවසන් කර එහි වාර්තාව පාර්ලිමේන්තුවට භාරදීමට නියමිතය.
මෙම කමිටුව ශ්‍රී ලංකාවේ රේගුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන්ද ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිතය.
මීට අමතරව මෙම සිද්ධිය ගැන තොරතුරු තවත් විස්සකට වැඩි පිරිසක් කමිටුව හමුවට කැඳවෙනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd