ත්‍රිකුණාමල කෝනේෂ්වරම් කොටුවේ දී මවක හා දරුවන් දෙදෙනකු මුහුදට වැටී ඇතැයි ද, යුද හමුදාව ඔවුන් ගොඩට ගෙන රෝහල් ගත කළ නමුත් ළමයින් දෙදෙනා මිය ගිය බව ද පොලිසිය කියයි.
තම දුවත් පුතත් ලිස්සා වැටෙද්දී ඔවුන් බේරා ගැනීමට උත්සාහ කළ බව ත්‍රිකුණාමල රෝහලේ ප්‍රතිකාර ලබන මව කියන්නීය.
කෝනේෂ්වරම් ගල හා මුහුද අතර පරතරය අඩි 75ක් පමණ වේ.
දරුවන් දෙදෙනා ගලක හැපී ඇතැයි රෝහල් ආරංචි කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු. ගොඩාක් කණගාටුයි. (නදී)
අද ඉන්න ගොඩක් මිනිස්සුන්ට සාමාන්‍ය දැනීම නෑ. එ්කයි මේ වගේ අනතුරු වලට ප්‍රධානම හේතුව. යමක් වෙනකම් අන්දයෝ වගේ බලාගෙන ඉන්නවා (නදී)
සිල්වා කියපු අදහස මමත් අනුමත කරනවා (නදී)
දුවට සහ පුතාට නිවන් සුව අත්වේවා (නදී)
අනේ පව් අසරණ ළමයි දෙන්නා (නදී)
දරුවන් දෙදෙනාට නිවන් සුව ! මවට ඉක්මන් සුව ! මට මතක හැටියට මෙතන අවදානම් නිසා වැටක් ගහල තියනවා. මෙයාල වැට පැනල යන්න ඇති. (නදී)
මවට ඉක්මන් සුවය පතමි. දරුවන් දෙදෙනාට ද නිවන්සුව අත්වේවා. අපේ විරෝධාර රණවිරුවන් ඔවුන් බේරා ගැනීමට දිවිපරදුවට තබා ක්‍රියා කිරීම පිලිබදව ඔවුන්ට මගේ ස්තුතිය. (නදී)
දරු පැටව් දෙදෙනාට නිවන් සුව ලැබේවා මවට ඉක්මන් සුවය ලැබේවා නැවත මෙවන් දෙයක් අහන්ඩ නොලැබේවා (නදී)
දරුවන් දෙදෙනාට නිවන් සුව ....! මවට ඉක්මන් සුව.... ! අනේ අනිච්චේ අපේ පාඨකයෝ කොයිතරම් යාන්ත්‍රිකද (නදී)
මොනවා කියන්නද කියල හිතා ගන්න බැහැ. ඉතාම කනගාටු දායක සිද්දියක්. ප්‍රවේසමට මුල් තැන නොමැති කම. (නදී)
ලංකාවේ දරු පැටවුන් ගැන අහන්න තියන කතා.. කාටද මේවා උහුලන්න පුළුවන්. මට නම් කියන්න තියෙන්නේ සියලු දෙවියෝ අපේ දරුවන් රකීවා!! හැම දරුවෙකුටම දළදා සමිදු පිහිට ලැබේවා!! (නදී)
දෙමුපියෝ මිට වැඩිය සැලකිලිමත්වෙන්න ඕනි දරුවන් ගැන මෙවැනි අනතුරු දායක තැන්වලට එක්කගෙන යන්නේ මොකටද ? මෙවැනි අනතුරුවල වගකීම දෙමව්පියන් විසින් ගන්න ඕනි. අපි මුලින්ම අපේ ආරක්ෂාව ගැන හිතන්න ඕනි පලමුව ජීවිතේ දෙවනුව විනෝදය (නදී)
මෙවැනි නිතර සංචාරකයින් යන ස්ථාන වල ආරක්ෂක වැටක් ඉඳි නොකරන්නේ මන්ද? බලධාරීන් කියල ජාතියක් ඉන්නේ මොකටද? මේ සිද්ධියෙන් වත් ඇස් ඇරිලා වැටක් ඉදි කරත්වා. (නදී)
අනේ පවු! මොනවා කරන්නද? ගෙනා ආයුෂ තමයි ඔය (නි)
මේක ලියන මමත් ළමයෙක්. මගේ යාලුවන්ටත් මටත් මෙවන් දෙයක් නොවේවා! (නදී)
අම්මාට ඉක්මන් සුවය ලැබේවා! දරුවන්ට නිවන් සුව ලැබේවා! (නි)
මෙවැනි නිතර සංචාරකයින් යන ස්ථාන වල ආරක්ෂක වැටක් ඉඳි නොකරන්නේ මන්ද? බලධාරීන් කියල ජාතියක් ඉන්නේ මොකටද? මේ සිද්ධියෙන් වත් ඇස් ඇරිලා වැටක් ඉදි කරත්වා (නදී)
අසරණ දරුවන්ට මේ සංසාරයේදී මෙවන් විපතක් නොමවේවා (නදී)
දරුවන් රැක ගැනීම බාර වැඩිහිටි අපිටයි. මේ නම් නොසැලකිලිමත් කමයි (නදී)
මේ සිය දිවි හානි කරගැනීමට ළමයි දෙන්නත් එක්ක පැනලා. මෙතනට ගිය ඕන කෙනෙක් දන්නවා පැන්නොත් මරණය අනිවාර්ය බව. (නදී)
ආරක්‍ෂිත වැටක් වහාම ඉදිකරන්න කටයුතු කරන්න (නි)
හරිම දුකයි. නිවන් සුවය පතමි! අම්මාට ඉක්මන් සුවය පතමි! රණවිරුවනි, ඔබට ස්තූතියි! (නි)
මම මේ අයව හොඳින් දන්නවා. මට නම් සිතෙන්නෙම මේ අම්මා දරුවන් සමඟ මෙතනින් පැන්නා කියලයි (නි)
ෆෙඩ්රික් කොටුවේ ලවර්ස් ලීප් කියන්නේ මෙතැනටයි. දෙවැනි ලෝක යුද්ධය අවසානයේ බ්‍රිතාන්‍ය සොල්දාදුවෙකුට ප්‍රේම කල ලාංකික යුවතියක් ඔහු රැගත් නැව නොපෙනී යත්ම මුහුදට පැන්නේ මෙතනින් කියලා ජන කතාවක් තියනවා. ලංකාවේ තියන අති සුන්දර ස්ථාන අතරින් මුලින්ම තියන මෙතන අඩි හැත්තෑ පහකට වඩා හුඟක් උසයි. මියගිය දරු දෙදෙනාට නිවන් සුව. අම්මාට ඉක්මන් සුව. (නදී)
අනේ පවු! (නි)
ලංකාවේ දරුවන්ට ගිලිලා මැරෙන අපලයක් මේ කාලයේ බලපානවා වගේ. මගේ බලවත් ශෝකය. (නදී)
නිර්භීත සෙබලුන්ට මාගේ ප්‍රණාමය.(නදී)
හරිම දුකයි. දෙන්නා ගෙනාපු ආයුෂ ඉවරවෙන්න ඇති. හොඳ ආත්මයක ඉපදේවා (නදී)
මවට ඉක්මන් සුවය පතමි. දරුවන් දෙදෙනාට ද නිවන්සුව අත්වේවා. අපේ විරෝධාර රණවිරුවන් ඔවුන් බේරා ගැනීමට දිවිපරදුවට තබා ක්‍රියා කිරීම පිලිබදව ඔවුන්ට මගේ ස්තුතිය.(නදී)
මෙම ස්ථානය අති සුන්දර, මනස්කාන්ත ස්ථානයක් වගේම, අති භයංකාර ස්ථානයක්. මවට ඉක්මන් සුවය මෙන්ම, දරු දෙදෙනාට නිවන් සුව. (නදී)
ළමයි හදා ගන්න බැරි නම් ඇයි ළමයි වැදුවේ. මම මේ අයියව හොදට දන්නවා. එයා මගේ හොද යාලුවෙක්. වෙච්ච දේ හිතා ගන්න පුලුවන්. (නදී)
අනිච්චේ දුක්කේ සංසාරේ මෙවන් විපත් නොමවේවා (අ)
මම හිතුවේ එම ස්ථානය තහනම් කලාපයක් කළොත් හොඳයි කියලා.(අ)
ලස්සනම තැනක් මාරයා ඊට වඩා භයනකයි මේ වාගේ තැන් වලදී මාපියෝ සැලකිලිමත් වෙන්න ඕනි ආයේ මෙහෙම නොවෙන්න (අ)
මම හිතන්නේ ඒ ස්ථානය තහනම් කලාපයක් කරොත් හොදයි කියල. (නදී)