IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


කෝනේෂ්වරම් ගල මුදුනෙන් වැටී දරු දෙන්නා මරුට

ත්‍රිකුණාමල කෝනේෂ්වරම් කොටුවේ දී මවක හා දරුවන් දෙදෙනකු මුහුදට වැටී ඇතැයි ද, යුද හමුදාව ඔවුන් ගොඩට ගෙන රෝහල් ගත කළ නමුත් ළමයින් දෙදෙනා මිය ගිය බව ද පොලිසිය කියයි.

තම දුවත් පුතත් ලිස්සා වැටෙද්දී ඔවුන් බේරා ගැනීමට උත්සාහ කළ බව ත්‍රිකුණාමල රෝහලේ ප්‍රතිකාර ලබන මව කියන්නීය.

කෝනේෂ්වරම් ගල හා මුහුද අතර පරතරය අඩි 75ක් පමණ වේ.

දරුවන් දෙදෙනා ගලක හැපී ඇතැයි රෝහල් ආරංචි කියයි.

 DSC05653 DSC05656 DSC05658 DSC05659

 

 

 



අදහස් (0)

කෝනේෂ්වරම් ගල මුදුනෙන් වැටී දරු දෙන්නා මරුට

හර්ෂන් Monday, 22 September 2014 04:25 PM

පවු. ගොඩාක් කණගාටුයි. (නදී)

:       0       0

සෙනරත් Saturday, 20 September 2014 12:19 PM

අද ඉන්න ගොඩක් මිනිස්සුන්ට සාමාන්‍ය දැනීම නෑ. එ්කයි මේ වගේ අනතුරු වලට ප්‍රධානම හේතුව. යමක් වෙනකම් අන්දයෝ වගේ බලාගෙන ඉන්නවා (නදී)

:       0       0

මාවතගේ Sunday, 21 September 2014 10:16 AM

සිල්වා කියපු අදහස මමත් අනුමත කරනවා (නදී)

:       0       0

සමන් Sunday, 21 September 2014 04:28 AM

දුවට සහ පුතාට නිවන් සුව අත්වේවා (නදී)

:       0       0

උදාරා Saturday, 20 September 2014 12:39 PM

අනේ පව් අසරණ ළමයි දෙන්නා (නදී)

:       0       0

රාජා Saturday, 20 September 2014 12:40 PM

දරුවන් දෙදෙනාට නිවන් සුව ! මවට ඉක්මන් සුව ! මට මතක හැටියට මෙතන අවදානම් නිසා වැටක් ගහල තියනවා. මෙයාල වැට පැනල යන්න ඇති. (නදී)

:       0       0

සම්පත් ලසන්ත Saturday, 20 September 2014 12:56 PM

මවට ඉක්මන් සුවය පතමි. දරුවන් දෙදෙනාට ද නිවන්සුව අත්වේවා. අපේ විරෝධාර රණවිරුවන් ඔවුන් බේරා ගැනීමට දිවිපරදුවට තබා ක්‍රියා කිරීම පිලිබදව ඔවුන්ට මගේ ස්තුතිය. (නදී)

:       0       0

ශාන්ති Saturday, 20 September 2014 01:12 PM

දරු පැටව් දෙදෙනාට නිවන් සුව ලැබේවා මවට ඉක්මන් සුවය ලැබේවා නැවත මෙවන් දෙයක් අහන්ඩ නොලැබේවා (නදී)

:       0       0

රසාදරී Saturday, 20 September 2014 01:21 PM

දරුවන් දෙදෙනාට නිවන් සුව ....! මවට ඉක්මන් සුව.... ! අනේ අනිච්චේ අපේ පාඨකයෝ කොයිතරම් යාන්ත්‍රිකද (නදී)

:       0       0

ටෙනිසන් Saturday, 20 September 2014 01:28 PM

මොනවා කියන්නද කියල හිතා ගන්න බැහැ. ඉතාම කනගාටු දායක සිද්දියක්. ප්‍රවේසමට මුල් තැන නොමැති කම. (නදී)

:       0       0

රාජු Saturday, 20 September 2014 01:29 PM

ලංකාවේ දරු පැටවුන් ගැන අහන්න තියන කතා.. කාටද මේවා උහුලන්න පුළුවන්. මට නම් කියන්න තියෙන්නේ සියලු දෙවියෝ අපේ දරුවන් රකීවා!! හැම දරුවෙකුටම දළදා සමිදු පිහිට ලැබේවා!! (නදී)

:       0       0

සිල්වා Saturday, 20 September 2014 01:43 PM

දෙමුපියෝ මිට වැඩිය සැලකිලිමත්වෙන්න ඕනි දරුවන් ගැන මෙවැනි අනතුරු දායක තැන්වලට එක්කගෙන යන්නේ මොකටද ? මෙවැනි අනතුරුවල වගකීම දෙමව්පියන් විසින් ගන්න ඕනි. අපි මුලින්ම අපේ ආරක්ෂාව ගැන හිතන්න ඕනි පලමුව ජීවිතේ දෙවනුව විනෝදය (නදී)

:       0       0

තිලක් Saturday, 20 September 2014 01:49 PM

මෙවැනි නිතර සංචාරකයින් යන ස්ථාන වල ආරක්ෂක වැටක් ඉඳි නොකරන්නේ මන්ද? බලධාරීන් කියල ජාතියක් ඉන්නේ මොකටද? මේ සිද්ධියෙන් වත් ඇස් ඇරිලා වැටක් ඉදි කරත්වා. (නදී)

:       0       0

සෙනෙවිරත්න Monday, 22 September 2014 02:15 AM

අනේ පවු! මොනවා කරන්නද? ගෙනා ආයුෂ තමයි ඔය (නි)

:       0       0

මිහින් චානුක Saturday, 20 September 2014 02:18 PM

මේක ලියන මමත් ළමයෙක්. මගේ යාලුවන්ටත් මටත් මෙවන් දෙයක් නොවේවා! (නදී)

:       0       0

ගිම්හාන Sunday, 21 September 2014 06:23 AM

අම්මාට ඉක්මන් සුවය ලැබේවා! දරුවන්ට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

සුදර්ශණ Saturday, 20 September 2014 03:30 PM

මෙවැනි නිතර සංචාරකයින් යන ස්ථාන වල ආරක්ෂක වැටක් ඉඳි නොකරන්නේ මන්ද? බලධාරීන් කියල ජාතියක් ඉන්නේ මොකටද? මේ සිද්ධියෙන් වත් ඇස් ඇරිලා වැටක් ඉදි කරත්වා (නදී)

:       0       0

කසුන් හර්ශන Saturday, 20 September 2014 03:51 PM

අසරණ දරුවන්ට මේ සංසාරයේදී මෙවන් විපතක් නොමවේවා (නදී)

:       0       0

නිහාල් යටවර Saturday, 20 September 2014 03:51 PM

දරුවන් රැක ගැනීම බාර වැඩිහිටි අපිටයි. මේ නම් නොසැලකිලිමත් කමයි (නදී)

:       0       0

කසුන් Saturday, 20 September 2014 04:53 PM

මේ සිය දිවි හානි කරගැනීමට ළමයි දෙන්නත් එක්ක පැනලා. මෙතනට ගිය ඕන කෙනෙක් දන්නවා පැන්නොත් මරණය අනිවාර්ය බව. (නදී)

:       0       0

ප්‍රභාත් Saturday, 20 September 2014 05:30 PM

ආරක්‍ෂිත වැටක් වහාම ඉදිකරන්න කටයුතු කරන්න (නි)

:       0       0

රොෂාන් Saturday, 20 September 2014 05:55 PM

හරිම දුකයි. නිවන් සුවය පතමි! අම්මාට ඉක්මන් සුවය පතමි! රණවිරුවනි, ඔබට ස්තූතියි! (නි)

:       0       0

බුද්ධික Saturday, 20 September 2014 07:24 PM

මම මේ අයව හොඳින් දන්නවා. මට නම් සිතෙන්නෙම මේ අම්මා දරුවන් සමඟ මෙතනින් පැන්නා කියලයි (නි)

:       0       0

සෑම් Saturday, 20 September 2014 10:21 AM

ෆෙඩ්රික් කොටුවේ ලවර්ස් ලීප් කියන්නේ මෙතැනටයි. දෙවැනි ලෝක යුද්ධය අවසානයේ බ්‍රිතාන්‍ය සොල්දාදුවෙකුට ප්‍රේම කල ලාංකික යුවතියක් ඔහු රැගත් නැව නොපෙනී යත්ම මුහුදට පැන්නේ මෙතනින් කියලා ජන කතාවක් තියනවා. ලංකාවේ තියන අති සුන්දර ස්ථාන අතරින් මුලින්ම තියන මෙතන අඩි හැත්තෑ පහකට වඩා හුඟක් උසයි. මියගිය දරු දෙදෙනාට නිවන් සුව. අම්මාට ඉක්මන් සුව. (නදී)

:       0       0

සංගීත් දිනුෂ Saturday, 20 September 2014 08:05 PM

අනේ පවු! (නි)

:       0       0

ජයනි Saturday, 20 September 2014 10:41 AM

ලංකාවේ දරුවන්ට ගිලිලා මැරෙන අපලයක් මේ කාලයේ බලපානවා වගේ. මගේ බලවත් ශෝකය. (නදී)

:       0       0

රංග Saturday, 20 September 2014 10:54 AM

නිර්භීත සෙබලුන්ට මාගේ ප්‍රණාමය.(නදී)

:       0       0

අසංක Sunday, 21 September 2014 08:22 AM

හරිම දුකයි. දෙන්නා ගෙනාපු ආයුෂ ඉවරවෙන්න ඇති. හොඳ ආත්මයක ඉපදේවා (නදී)

:       0       0

සමන් Saturday, 20 September 2014 11:07 AM

මවට ඉක්මන් සුවය පතමි. දරුවන් දෙදෙනාට ද නිවන්සුව අත්වේවා. අපේ විරෝධාර රණවිරුවන් ඔවුන් බේරා ගැනීමට දිවිපරදුවට තබා ක්‍රියා කිරීම පිලිබදව ඔවුන්ට මගේ ස්තුතිය.(නදී)

:       0       0

ලංකා චමත් Saturday, 20 September 2014 11:22 AM

මෙම ස්ථානය අති සුන්දර, මනස්කාන්ත ස්ථානයක් වගේම, අති භයංකාර ස්ථානයක්. මවට ඉක්මන් සුවය මෙන්ම, දරු දෙදෙනාට නිවන් සුව. (නදී)

:       0       0

විනෝදා Sunday, 21 September 2014 09:02 AM

ළමයි හදා ගන්න බැරි නම් ඇයි ළමයි වැදුවේ. මම මේ අයියව හොදට දන්නවා. එයා මගේ හොද යාලුවෙක්. වෙච්ච දේ හිතා ගන්න පුලුවන්. (නදී)

:       0       0

වික්ටර් Saturday, 20 September 2014 11:42 AM

අනිච්චේ දුක්කේ සංසාරේ මෙවන් විපත් නොමවේවා (අ)

:       0       0

ශාන්ත. Sunday, 21 September 2014 09:32 AM

මම හිතුවේ එම ස්ථානය තහනම් කලාපයක් කළොත් හොඳයි කියලා.(අ)

:       0       0

ගයාන් Saturday, 20 September 2014 11:59 AM

ලස්සනම තැනක් මාරයා ඊට වඩා භයනකයි මේ වාගේ තැන් වලදී මාපියෝ සැලකිලිමත් වෙන්න ඕනි ආයේ මෙහෙම නොවෙන්න (අ)

:       0       0

ශාන්ත නවරත්න Sunday, 21 September 2014 09:38 AM

මම හිතන්නේ ඒ ස්ථානය තහනම් කලාපයක් කරොත් හොදයි කියල. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 669 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 310 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 687 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1561 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 913 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 943 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1440 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1625 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 427 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site