(දයාරත්න ඇඹෝගම සහ බී.ජී.චතුරංග)

පිහිඹියගොල්ලෑව  පීනගම ග්‍රාම සේවා වසමට අයත් අලුත්ගම ගම්මානයේ නිවසක පිටුපස පිහිටි ගෙවත්තක අනවසර විදුලි වැටක ගැටි කෙනරු දෙදෙනකු අද අළුයම මිය ගොස් ඇතැයි අනුරාධපුර වනජීවි කාර්යාලය කියයි.

මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 10 - 12ත් අතර වියේ පසුවන අලියන් දෙදෙනෙකි.

මෙම වන කෙනරුන් දෙදෙනා විදුලි සැර වැදි මෙම ගෙවත්තේ වැටි සිටිනු දැක ප්‍රදේශවාසින් විසින් පිහිඹියගොල්ලෑව පොලිසියට හා වනජීවි නිලධාරින් ලබාදුන් තොරතුරක් අනුව වනජීවි නිලධාරින්  මෙම මිය ගොස් සිටි වන අලියන් දෙදෙනා සොයා ගෙන තිබුණි.

මිය ගොස් සිටින කෙනරු දෙදෙනාගේ දේහයන් සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණය අද සිදුකිරිමට නියමිතය.