කිලෝ 1528.9 ක් බරැති ඇත්දළ 359ක් ජාත්‍යන්තර රේගු දිනය නිමිත්තෙන් ගාලු මුවදොර පිටියේදී අඟහරුවාද (26) පුළුස්සා අළු මුහුදට දැමීමට යයි.
කෙන්යාවේ සිට ඩුබායි වෙත රැගෙන යමින් සිටියදී රේගු මාධ්‍ය 2012.512 දින කොළඹ වරායේදී මෙම ඇත්දළ 359 රාජසන්තක කළ බව රේගු ප්‍රකාශක ලෙස්ලි ගාමිණී පවසයි.
එම අවස්ථාවට ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු සහභාගිවීමට නියමිතය.
මෙම ඇත්දළ ගාලු මුවදොරදී පොඩිපට්ටම් කර පුළුස්සා දැමීම සඳහා පුත්තලමේ හොල්සිම් දහනාගාරයට යැවීමට නියමිතය.
අලි ඇතුන් මැරීම අධෛර්යවත් කිරීම සඳහා මේ පියවර ගැනීම ගැන දෙස් විදෙස් පරිසරවේදීහුද වන සතුනට හිතවත් සංවිධානද ශ්‍රී ලංකාව පසසයි.
අප්‍රිකා අලි ඇතුන් මරා කපා ගත් දළ විනාශ කිරීම කිසි ලෙසකින් බුද්ධාගමට සම්බන්ධ කර නොගැන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ අලි ඇතුන් මරල දාලා ඉවරයි නේ ... එතින් මෙච්චර වටින දළ ලෝකයේ කෞතුකාගාර වලට තෑගි දෙන්න බැරිද ? අනාගත පරම්පරාවට බලා කියා ගන්න ? විනාස කරන්නේ ඇයි ? (ර)
මෝඩ වැඩක්. (ර)
මේ දල විනාශ කරහම අලි ඇතුන් මැරීම අධෛර්යවත් වෙන්නේ කොහොමද කියලා දන්නා කෙනෙක් කියනවාද, ඊට වඩා හොද නැද්ද මේ දල යුගල බැගින් හැම රටකම කෞතුකාගාර වලට දෙන එක, (කෞ)
මේක මෝඩ වැඩක් නෙමෙයි.රේගුව අත්සන් කරපු ජාත්‍යන්තර ගිවිසුමකට අනුවයි මෙහෙම කරන්නේ.ඒ ගිවිසුමට අනුව මේවා වෙන දෙයකට පාවිච්චි කරන්න බෑ.(කෞ)
හරක් (අ)
අපරාදේ. (අ)
ඇත්දළ පුච්චන්නේ ඒවා වලට වටිනාකමක් නැති නිසා. සතෙක් මරලා ගත්ත දල කෞතුගාගර වලට දෙන එක තේරුමක් නෑ තමන්ගේ අම්ම මරල දත් ටික කෞතුගාර වලට දෙනවා වගේ වැඩක් ඔය.. (කෞ)
හොඳ වැඩක් (නි)
ඉතා හොඳ වැඩක් (නි)
මේවා අද ඊයේ අත්අඩංගුවට ගත්තුවා නෙවේ. (ර)
සතුන් මැරීම පවක් තමා. ඒත් මේ කරන්න යන වැඩේ මම අනුමත කරන්නේ නැහැ (නි)
ශ්‍රී ලාංකිකත්වය විදහා දැක්වෙන තවත් වැඩක් (නි)