කලකින් වැසි නොලැබුණු කැබිතිගොල්ලෑව, යකාවැව හා හල්මිල්ලවැව ගංවල ජනයා ජල හා ආහාර හිගයකට මුහුණපා සිටී.
මීට අට වසරකට ඉහත දී කොටි ප්‍රහාරයක් එල්ල වූ මේ ගම තවමත් දුප්පත්කමේ අඩියේම ගිළී ඇත.
වැව් අමුණු ඇළ දොළ හා ළිං ද සිදී ගොසිනි.
ගැමියෝ කිසිවක් නොඉල්ලති. බීමටත් කුඹුරටත් වතුර පමණක් ඉල්ලති.
කොටි එදා මේ ගමේ 75 දෙනෙක් පමණ ඝාතනය කළහ. කොටි බෝම්බයකට අසුවූ පියකු දරුවකුගේ සිරුරක් තුරුළු කරගෙන හඬා වැටෙන ඡායාරූපයක් ලංකාදීපයේ පළ විය.
සිවිල් ආරක්ෂක භටයකු වන ජී කේ දසනායක (32) එම තරුණායයි. ඔහු ඔහුගේ ට්‍රැක්ටරයෙන් මිනිසුන්ට හැකි පමණ වතුර බෙදා දෙයි.
සිවිල් ආරක්ෂක භටයකු වන ජී කේ දසනායක මහතා අද
ජී කේ දසනායක මහතා එදා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටරට රැකියා කරන, ජීවත් වෙන ශ්‍රි ලාංකිකයන් මේ වගේ අහින්සක මිනිසුන්ට උදව් කරන්න කැමතියි. ඒ සඳහා ක්‍රමයක් නැති එක ප්‍රශ්නයක්. ගොඩක් වෙලාවට වෙන්නෙ ප්‍රදානය කරන මුදල් නිසි පරිදි නොයෙදීම. ඒ සඳහා දේශපාලනයෙන් තොර අවංක සංවිධානයක් ගොඩ නැගෙනවානම් සෑහෙන දෙයක් කල හැකියි. (ස)
මේ අසරණ මිනිසුන්ගේ අවම යටිතල පහසුකම් නොබලන නොපෙනෙන දේශපාලකයෝ මොකටද?. (ස)
මේ උතුරු මැද පළාත,මෙහි දේශපාලණ බල අධිකාරියේ ඉන්නෙ සහෝදරවරු. ලංකාදීපය වැදගත් මාධ්‍යයක් විදියට ඒ අයට මේ පැණය යොමු කරන්න.එය කාලීන අවශ්‍යතාවක්.! (ස)
මේ පින්තුර දකින කොට දරාගන්න බැරි කණගාටුවක් ඇති වෙනවා. අධිවේගී මාර්ග හදන අතරේ ඇයි දෙවියනේ මේ වගේ අයටත් සහනයක් සලසන්නේ නැත්තේ ? මේ අසරණ මිනිසුන්ගේ අවම යටිතල පහසුකම් නොබලන නොපෙනෙන දේශපාලකයෝ මොකටද?. (ස)
අර්සියාවේ සතුටින්ම ජීවත් වෙන මිනිසුන් ඉන්නේ ලංකාවේ කියල මොකක්දෝ සගරාවකින් හෙළි කලා නේද ?සත්තකින්ම සතුටින්ම ජීවත් වෙන මිනිස්සු ඉන්නේ ලන්කාවේ කියල මේ ෆොටෝ රාමු පෙළ මොනවට පැහැදිලි කරනවද? (දී)
අකමැත්තෙන් හෝ අපිට පිලි ගන්න සිද්ද වෙනවා ලංකාව ලන්වෙන්නේ ඉතියෝපියාව,සෝමාලියාව,වුගන්දාවට,සුවාසිලන්තයට,බන්ගලිදීසයට, කෙන්නියාව දෙසට කියල. (දී)
උදේ නැගිටපු වෙලේ ඉදල රෑ නින්දට යනකම් අපේ රටේ පාලකයෝ කල්පනා කරන්නේ කොහොමද රටේ දනස්කන්දය ගසා කන්නේ කියල.(දී)
මේ පින්තුර දකින කොට දරාගන්න බැරි කනගාටුවක් ඇති වෙනවා. අධිවේගී මාර්ග හදන අතරේ ඇයි දෙවියනේ මේ වගේ අයටත් සහනයක් සලසන්නේ නැත්තේ ? (දී)
මේ පැතිවල චන්දෙන් එන දේශපාලකයන් මොනවද කරන්නේ? (දී)
කන්නත් නෑ : බොන්නත් නෑ, නාන්නත් නැහැ (දී)
ගංවතුර කාලෙටත් , නියං කාලෙටත් එලියට බැහැලා මිනිස්සුන්ගේ දුක බලන්න බැරි උදවිය ලොකු පුටුවලට යවපු අයටයි වතුර අදින්න කියන්න ඕන. . (දී)
අද දක්වා හිටපු සියලුම පාලකයනුත් මේ අවස්ථාවාදී ගොඩට අයිති වෙන්නේ නැහැ කියලා මම කොහෙවත් ලියලා නැහැ. ඒ ගොල්ලෝ තමය් මුලින්ම මේ ප්‍රශ්නයට වග කියන්න ඕන අය. (දී)
ලෝකෙට පෙන්න මහා වියපෘති හැදුවට පළක් තියේද? අසරණ ජනතාව ගැන හිතන්නේ නැතුව?(දී)
මේ පළාතේ අන්තිමට ඡන්දෙ දීපු කෙනෙකුත් නැහැ. ඡන්දෙ ගත්ත කෙනෙකුත් නැහැ. මේ පළාතේ භාරකාරයෝ කෝ ? (නදී)
යුද්දේ තියෙද්දී කිව්වා "යුද්දේ යුද්දේ එකයි මුකුත් කරන්න බැරි කියල". දැන් ඒක ඉවරවෙලා අවුරුදු ගානක් ගිහින්, තාමත් මේ මිනිස්සු වතුර ටිකට දුක් විදිනවා. (දී)
අසරණ මිනිස්සු ඒත් හිනා වෙලා ඉන්නවා (දී)
බුක්බර කතාවක් (දී)
මීළඟ "දැයට කිරුළ" කැබිතිගොල්ලාවේ තියමු. (නදී)
ලංකාවේ එ්ක පුද්ගල ආදායම ඩොලර් 4000ක් ලැබෙනවනේ. මේක තමයි ඇත්ත (නදී)
මේ ඉන්නෙත් ලංකාවේ ජීවත් වන අහිංසක මිනිස්සු. මේ අහිංසකයින්ට තියෙන්නේ කාගේ හව්හරනක්ද? අහිංසකයෝ පව්. හැමදාම දුක්විඳින එක තමයි ඔවුන්ගේ උරුමය. මේව නොබලන දේශ පාලකයින්ගේ ඇස් ගෙඩිවලට හෙන ගහලද? (නදී)
මේවා මොන ප්‍රශ්නද දැන් තියන ලොකුම ප්‍රස්නේ දැයට කිරුල තියන්න විශ්ව විද්‍යාලය නොදෙන එකනේ ? (නදී)
බොන්න වතුර නැති මිනිස්සුන්ට වතුර ටිකක් දුන්නම පාරාජිකා වෙන්නේ නැහැ (දී)
අපි දන්නවා තව මාසෙකින් විතර ජලාශවල වතුර නැති බව වාරිමාර්ග බලධාරින් රටට ප්‍රකාශ කරනබව .මාෆියාව (දී)
රටේ ගැහැනුන් ටික පිට රට පටවා, රටින් එන රෙද්දට මූට්‌ටුව දමා, තේ දල්ල වේලා, සුද්දාට ගල්කණුව විකුණා.... එදා වේල හොයාගන්නා ජාතියක් වන්නෙමු. වල්ලා පට්‌ටත්, කිඹුල් හූනාත්, වැහි ළිහිණි කූඩුත් මේ ජාතියේ අතිරේක ආදායම් බවට පත්ව ඇත්තේය. මදිපාඩුවක් වේ නම් තමන්ගේ පරම්පරාගත උරුමයක් ලෙසින් සලකා (තොග වශයෙන්) නිධන් ටික ගොඩදමන්නේය. ඔය අස්‌සේ අහම්බයෙන් හෝ රටට විදේශ විනිමයක් ගෙනෙන සාර්ථක කර්මාන්තයක් වේ නම් රතු මල්ලි කෙනෙකුට එක 'ලෙඩක් දමා' එය මරා දැමිය හැකිය. රටේ කර්මාන්තයට හෙණ ගැසුවත් ආණ්‌ඩුවට නොඇසෙන අතර විපක්‍ෂයට එය සුබ දසුනක්‌ම වන්නේය. (ස)
අධිවේගී මාර්ග හදපු එක ලොකු දෙයක් තමයි ඇත්ත නමුත් ඒවාට සාපේක්ෂව රටේ අනිත් ප්‍රශ්න වලටත් විසදුම් දුන්නොත් නේද හොද (දී)
කතිරවරණය කිට්ටුව ඇවිත් මේ අසරණ මිනිස්සුන්ට පෝර මල්ලක් බෙදල දීල , එළවලු ඇට ටිකක් දීලා හරියනවද ? ඊට කලින් මේ උදවියට පිපාසෙට වතුර ටිකක් නේ ලැබෙන්න ඕන. (දී)
කෝ මේ කඩේ යන භලවතා. ? මේ පින්තුර ටික පෙන්නුවොත් අහවි , නියඟය ඇවිත් වතුර ටික නැති වුනාමත් ඒ කට්ටිය පලිද කියලා. (දී)
දේශපාලනය කරන අයට ජන්දේ කාලේදී වියදම් කරන්න සල්ලි තියෙනවා. ඒවා මේ වගේ කලෙකදී වියදම් කරලා මිනිසුන්ගෙන් චන්දෙ ගන්න පුළුවන් ක්‍රමයක් හැදුනොත් අපේ රට ආසියාවේ ආශ්චර්ය කියන එක ඇත්තක් වෙනවා. (ස)
ශාන් සෞදි , ඔබ ඉහලින්ම අදහස් ලියපු භානුකගේ වචන ටිකමනේ ලියලා තියෙන්නේ ! කනගාටුව ප්‍රකාශ කරන්න වෙනත් වචන තිබුනේ ම නැද්ද ?(දී)
විජේබා, මේ අවස්ථාවේ මේ අපහසුතාවය ට පත්වූ අහිංසක ගැමියන්ට පාලකයන්ගෙන් තමා මැදිහත් වී උදව්වක් කරන්න ඕන. සෙස්සන්ටද පුළුවන් හැටියට කල හැකියි. පිටරට ගිය උදවියට නෝක්කාඩු කියලා මෙහෙම ප්‍රශ්න විසඳන්න පුලුවන්ද ? මා දන්නා තරමින් බොහොමයක් පිටරට ගිය ලාංකිකයන් අප්‍රසිද්ධියේ ලංකාවේ පිහිට ලැබිය යුතු අයට උදව් කරනවා. හැබැයි දේශපාලකයන් වගේ අණබෙර ගසාගෙන නෙවෙයි. (දී)
මේවා මොනවද සාමාන්‍ය දේවල්නේ දේශපාලකයන්ට (දී)
අපෙන් එකතු කරන බදු මුදල්වලට මොකද වෙන්නේ දෙය්යනේ ඇය් මේ අසරණ මිනිස්සුන්ට සහනයක් සලසන්න බැරි. අපෙන් කන පරිප්පු ඇටෙන් හිටන් බදු එකතු කරනවා නේද (දී)
මේ තමයි ලංකාවේ පන්ති වෙනස , ඇත්තෝ කති, බොති ,සුකති .....නැත්තෝ පිපාසයන් මියදෙති ........ (දී)
අපට පිහිටට එක්කෙනෙක් වත් නැහැ මේවා දකිනකොට බඩ පපුව පිච්චිලා යනවා (දී)
එක පැත්තක ගඟක වතුරින් මිනිස්සු මෙරෙනවා. අනිත්පත්තේ නියගෙන් මෙරෙනවා. එහෙම උනත් කමක් නැහැ අපිට කාපට් දාපු පාරවල් තියෙනවා. (දී)
ලංකාවේ දේශපාලකයින් තමන්ගේ කොට්ටාශයට සංවර්ධන කටයුතු සඳහා ලැබෙන මුදල් වියදම් කරන්නේ මිනිස්සුන්ට උපරිම ප්‍රයෝජනයක් ලැබෙන ආකාරයට නොවේ. තමන්ට උපරිම චන්ද ගානක් ලැබෙන ආකාරයටයි. මිනිසුන් දුක් විඳීම බොන්න වතුර නැතිවීම ඉන්න ගෙයක් දොරක් නැතිවීම, නියගය ගංවතුර කියන ඒවා විසඳිය යුතු ප්‍රශ්න හැටියට සලකන්නේ නැහැ. චන්දය තමාගේ පැත්තට හරවා ගැනීම තමා ඔව්න් විසදන්න උත්සාහ කරන එකම ප්‍රශ්නය. (දී)
මේ මම උපන් පළාත .හැමදාම දෙසපලකයන්ගේ බැල්ම නොවැටෙන දුප්පත්කම සදා උරුම කරගත් මගේ හිතවත් ගම්වැසියන් ගැන මට දුකය් . මගේ පවුලේ සැමට 1991 මෙරටට පැමිණිදා සිට හැකිපමණ උදව් කරනනමුත් සෙසු ගැමියන්ට උදව් කිරීමට තරම් මගේ ආර්ථිකය බලගතු නොමැති වීම ගැන දුක්වෙමි (දී)
කව්රු හරි එකතු වෙනවා නම් මේ ගමට ස්තිර නල ලිඳක් හදල දෙන්න. මම 100,000 දෙන්නම්. (නදී)
මේවා දකින කොට ඉවසීමේ සීමාව ඉක්මවා යන බැවින් මමද භානුකගේ අදහසට එකඟ වෙමි. එහෙත් එකක් කිව යුතුයි. ඡන්ද කාලයේදී සිංහලයා රවටන හැම දේශපාලුවෙක්ටම සාප වේවා. (නදී)
වැඩි දවසක් යන්න කලින් වෙනසක් ඇතිවෙනවා. දුප්පතාගේ හිතවතා ළඟදීම ජනපති වෙලා දුප්පත් අපිව අගාධයෙන් ගොඩගන්නව සිකුරුයි (නදී)
මිනිස්සු රැවටෙනවා . දෙසපාලකයෝ රවට්ටනවා . එකයි මෙතැන වෙන්නේ. මිනිස්සුන්ට තේරුම්ගන්න ශක්තියක් නැහැ. (ස)
ඔය ප්‍රදේශයේ විපක්ෂයේ කවුරුත් වත් නැද්ද පාර්ලිමේන්තුවේ ගිහින් කියන්න (නදී)
මේ පුවතට දැනට ලැබී ඇති ප්‍රතිචාර බලන විට අද අපේ රටට වෙලා තියනේ දේ ඉතාමත් කණගාටුවට කරුණක්. අපි යුද්දෙන් දිනපු රටක්. ඒ කවුරු නිසාද කියන එක කතා කරනෙන් නැහැ. එත් බලන්න. අද මොනා ද අපි වසර පහකට පසුව කතා කරන්නේ. ලංකාවට කිසිම ජාතික ප්‍රතිපත්තියක් නැති බව පේනවා. කිසිම නව කර්මාන්තයක් නිෂ්පාදන ක්‍රියා වලියක් නැහැ නේද ? අපේ රට දිනෙන් දින ඉතාමත් අසීරු තැනකට නේද මේ යන්නේ. රටේ බඩු මිල දිනෙන් දින ඉහලට යනවා. රටේ මෙවැනි ගම් රජය විසින් නොසලකා ද එසේත් නැත්නම් කරන්න වැඩපිළිවෙලක් නැද්ද මුදල් නැති ද රටේ දුෂණය අවනීතිය නම් ඕන තරම් අහන්න තියනවා. අපි මේක ද බලාපොරොත්තු වූ දේශය කල්පනා කර බලන්න. (ස)
මේ මිනිසුන්ගේ ඡන්දෙන් පාර්ලිමේන්තු යන අයට මේවා බලබල උබලට බත් කන්න පුලුවන්ද ? (ස)
ආශ්චර්ය' නම් හීනයක්.! මේ වගේ බය දේශපාලකයොත් එක්ක., ඒත් මේවගේ ලක්ෂ ගානක් වෙන අමතක වෙච්ච ගම්මාන තියෙනවා .ඒවාට පිටරටින් එන ආධාර ලැබෙන්නේ නැහැ සිංහල නිසා., මේ ගැන බය නැතුව කතාකරලා දේශපාලකයෝ යවන්න ගම් වලට. , පුළුවන් මිනිස්සුත් 'දාන' කියල මේ අහිංසකයන්ට උදවු කරන්න පටන් ගන්න, විසඳුම ඕකයි. කරන්න පුළුවන් මිනිස්සු සමගි වුනොත්., සන්හින්දියාවද මොකක්ද කිය කියා මිනිස්සු දුක් වින්දා ඇති ..වෙලා තියෙන්නේ හිදී යාමක් විතරයි. මේත් මේ රටේ මිනිස්සු නේද? (ස)
ගම්මාන වල වතුරත් නැතිව දුක් විඳින ජනතාවගේ ජිවන රටාව පෙන්වන වටිනා වීඩියෝ දසුනක් ලංකාදීපය විසින් පලකොට තිබෙනවා ඔබලාට ස්තුතියි. ජල සම්පත නොඅඩුව තිබෙන අපේ රටේ කොතරම් මුදල් වියදම් කර හෝ කොමිස් ගසා හෝ ඇයි මේ ගම්මාන වල ඉන්න අහිංසක මිනිස්සුන්ට ජල පහසුකම් සපයන්න බැරි? මේ ජලය පානය කරන අයට වකුගඩු රෝග හැදෙන එක අහන්න දෙයක්ද? වීඩියෝ පටයේ පෙන්වන බෝක්කුව හදල තියන කෙනා නම් බෝක්කු හැදීම ගැන ලෝකෙටම පාඩමක් කියල දීල තිබෙනවා. තව අඩි 15 ක් විතර උසකින් දැම්ම නම්, දුර තියලම බෝක්කුව පෙනෙන්න තිබුන. මේවා දකින අපි මොනවා හරි ලියන්නේ, ජනතාව විසින් පත්කළ ආණ්ඩුවකින් ජනතාවට අවශ්‍ය දෙයක් කරගන්න මිසක් ආණ්ඩු පෙරලන්න නෙමේ. ජනතාවට අවශ්‍ය දෙය නොකර ආණ්ඩුවට අවශ්‍ය දෙය කරනවා නම්, එය ජනතාවාදී ආණ්ඩුවක් වන්නේ කොහොමද? ර(ස)
ඇයි මේ දසනායක මහත්තය වගේ මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට, පළාත් සභාවට්, යවන්නේ නැත්තේ? (ස)
භානුක, ඔබ හරි. මේ පොඩි රටට අධිවේග අවශ්‍ය නැහැ. මේ අයට උදව් කරන්නේ නැත්නම් මොකටද අනෙක් දේවල්? (නි)
මේ මිනිස්සු මොනවද මේ කියවන්නේ? (ස)
පවු අහිංසක මිනිසුන්! (නි)
මේ මිනිසුන් වතුර නැතිව කොපමණ දුකක් විදින්නේ ද ඒ පින්තුර දකින මට මහා දුකක් ඇති උනා ඔවුන් කෙසේ දවස ගෙවා ගන්නේද කියා ඒ පළාතේ ඉන්න මන්ත්‍රීට ඇමතිට නින්ද ගිහින් තාම ඇහැඇරිලා නැතුව වගේ නගරය දෙසට වඩා ගම්බද ජිවිත දෙස විමසිල්ලෙන් බලන්න ඇමති තුමනි. (ස)
රටේ ආශ්චර්යය මෙන්න (ස)
කෝ මේ පළාතේ තුමා ලා ? මැතිවරණය කිට්ටු වෙනකොට ඇවිත් වතුර බෝතල් බෙදල පොඩි දරුවන්ගේ මුහුණ අත ගාල වයෝවෘද්ධ අම්මලාට වැඳලා ගොවියන් ගේ පිටට තට්ටුවක් දාලා යන්න තාම නැකත හරි නැතිව ඇති. (ස)
මට පේන හැටියට යුද්ධ කාලෙට වඩා දැන් මේ උදවිය අසරණ වෙලා වගේ. ! (ස)
හරිම දුකක් ඇතිවුනා මට . මේ පළාත තාමත් මුදා නොගත් ප්‍රදේශයක් ද ජනතාවට මෙහෙම දුක් විඳින්න වෙලා තියෙන්නේ?. (ස)
අපි ඡන්දෙ දීලා පත් කරගෙන තියෙන්නේ පුදුම දේශපාලකයන් නේ ? මේ පින්තුර පෙන්නුවාම කියාවි "ආ මම මේ පළාතට ඡන්දෙන් පත් වුනාද ? මට මතක නැනේ " කියලා. (ස)
වතුර නැතිනම් "වයින්" බොන්නකෝ!..වහාම් වතුර බෝතල් කරලා බිස්නෙස් එකක් පටන් ගම්මුකො! (ස)
මේ රට ගමන් කරන්නේ ලොකු අගාදයකට ඉදිරියේදී විශාල දුෂ්කරතා වලට ජනතාවට මහුණ දෙන්න වෙනවා හරි තීරණ නොගත්තොත්!! (ස)
කොටින් ප්‍රසිද්ද කරපු වෙබ් එකකත් මේ ළමය තියාගෙන ඉන්න පින්තුරයක් තිබුන. කොටි ලෝකෙට පෙන්නන්නේ බොරුව කියල අපි තාමත් හරියට ඔප්පු කෙරන්නේ නැහැ (දී)
මේ පළාත් වල මිනිස්සුන්ට පන දෙන්නම් කියපු දේශපාලකයෝ කෝ (දී)
වගකිවයුත්තන් නිදිද දෙවියනේ? (නි)
ඉතා දුෂ්කර ගමක් වුනත් ගැමියන් ඉතා ඉහල අධ්‍යාපන මට්ටමක් තිබෙන අය බව කතාවෙන්, , හැසිරීමෙන් පෙනෙනවා. ශෝකජනක තත්වයක්. මම බලපොරොත්තු වෙනවා. අර දරු පවුල් වලට උදව් කල ඇමති මැදිහත් වෙලා මෙය වහා විසඳයි කියල. (දී)
මේ පැත්තේ බලවතුන්ගේ නම දාන්න. ලංකාදීපෙට පුළුවන් මේක විසදන්න එහෙම කලොත් නේද? (දී)
කනගාටුයි දෙයියනේ (දී)
ලැජ්ජා විය යුතු කාරණාවක් (නදී)
පන දෙන්න හිටිය කට්ටියකෝ (දී)
ආයෙත් චන්දෙ ඉල්ලාගෙන ආවම ගන්න ඉලපත අතට.. (දී)
ලෝකයට පෙන්නන්න හදන ආශ්චර්යයේ, ලංකාව දැන් ඉන්නේ මුලද?මැදද?අගද? (දී) ලෝකයට පෙන්නන්න හදන පුහු ආශ්චර්යයේ,ලංකාව දැන් ඉන්නේ මුලද?මැදද?අගද?
අපිට කන්නත් නැහැ, අපිට බොන්නත් නැහැ.මොන දෙයක්වත් නැහැ (නි)
දේශපාලකයෝ මොනවා කරන්නද වතුර නැති උනාට නේද (දී)
කොළඹට කිරි ගමට කැකිරි චන්ද ගොඩක් තියෙන්නේ කොළඹ නේ.වැඩ පෙන්නන්න ඕනත් කොළඹ නේ.මේ පාලකයන්ට මේ දුක පෙනේනේ නැද්ද. (දී)
දඹුල්ලේ කාංචන කුමාර ආරියදාස මහතා හැමදාම මේ වගේ වැදගත් ගවේෂණ පුවත් හෙළි කරනවා ,(දී)
අහිංසක මිනිසුන්ගේ වතුර පිපාසය තේරුම් ගන්න මේ මිනිස්සුන්ට බැරි එක .ගැන පුදුම වෙන්න දෙයක් නැ(දී)
අද ඒ දරුපැටිය හිටියනම් වයස 12/13 විතර නේ .පපුව පිචිල යනවා .ඒ අතරේ සමහරු කියනවා කොටි දරු පවුල් වලින් පලි ගත්තේ නැහැල්ලු .(දී)
ඔය පළාතේ දේශපාලුවන්ගේ ඇස් ගෙඩි දෙකට හෙන ගැහිලද ?.(ස)
මේ පළාතේ දේශපාලකයන් මොකද කරන්නේ? (නි)
මහේෂ් -සෞදි ඔබගේ අදහස හොදයි මටත් පුළුවන් එවැනි මුදලක් දෙන්න මටත් දන්වන්න (දී)
මම ගොඩක් දුක් උනා මේ සිද්දියඋන දවසේ ,මම හිටියේ රට මගේ දරුවාගේ වයසේ දරුවෙක් වගේම මගේ පුතාගේ පෙනුම තිබුනේ ඒ ෆොටෝ එක නැතිඋනා මගෙන් අදටත් මම දුක්වෙනවා මේ දරුවට වගේම අනෙක් අය ගැනත් නිවන් සුව ලැබෙවා ! (දී)
රට තුල හටගන්නා මාරාන්තික යුද්දයකදී (කොටි යුද්දය), හමුදාවට බැඳිලා රට බේරගන්න ජීවිතය දෙන්න ඉදිරිපත්වෙන්නේ මේ පින්තුරයේ ඉන්නා අම්මල වගේ අයගේ අහිංසක දුප්පත් දරුවෝ විතරයි. අනික් ඔක්කොම -මේ අපි වගේ අය - එක්කෝ රට අත ඇරලා යනවා, නැත්නම් තමන්ගේ වාසියට බොරු කියන අවස්ථාවාදීන් බවට පත් වෙනවා. මේක නොවේද හැමදාම අපේ රටේ වුනේ??????(දී)
ජනතාව දුක් විදිනවා (දී)
මෙතන පළවී ඇති අදහස් බැලූ විට අපි හැමෝම හිතන විදිහ එක වගේ කියලයි මට හිතෙන්නේ. ඇයි අපිට බැරි මේ දේශපාලනය පැත්තකට දාලා ජනතාවට සේවය කරන වැඩසටහනක් පටන්ගන්න? මහේෂ්-සෞදි වගේ හොඳ මිනිසුන් මේ රටේ තාමත් ඉන්නවා (නි)
මෙහෙම මිනිසුන් තව කොපමණ අපි අතර ඇද්ද? (නි)
මම මුලින්ම කියන්න ඕනේ මම ගැන වැරදි ලෙස හිතන ගොඩක් දෙනා එසැන තුල ඉන්න නිසා මගේ නමින් එනම් චන්දි කියල ලියන්නේ නැහැ. නමුත් එසැන තුල මා තවමත් පෙරසේම රැදී ඉන්නවා වෙනත් නමකින් හෝ දෙකකින්. නමුත් මෙම නිවුස් එකට මගේ නමින්ම ලියන්න සිතුවේ.., අපේ දෙමාපියන් හා දු දරුවන් වැනි මේ අහිංසක මිනිසුන්ට උදවු කිරීමට කැමති නිසාවෙනි. මහේෂ්-සවුදි ඔබගේ නොමසුරු සහයට එක්වීමට මාද කැමැත්තෙමි ඇ.ඩො.100ක් හෝ 150ක් වැනි මුදලකින් මමද ඔබට එක්වන්නෙමි එසැන තුලින් ඒ ගැන මා දැනුවත් කරන්න (දී)
මේ මිනිස්සු කොයි තරම් අහිංසක ඉල්ලිමි ද ඉල්ලන් නේ ? පන්සලක් නෑ. බොන්න වතුර නෑ . කෑම බීම නෑ . ලොකු පන්සල් වල නායක හාමුදුරුවරුන් ගෙන් මන් කාරුණික ඉල්ලිමක් කරනවා මේ මිනිසුන් ට වදින්න පුදන්න පන්සලක් හදල දෙන්න උදව් කරන්න කියලා! (දී)