රත්තොට සිට ලග්ගල දක්වා ධාවනය කළ ලංගම බසයක කොන්දොස්තරවරයකු ගමන් වාරය අතරතුරේදී මත්පැන් අලෙවි කරද්දී පොලිසියට අසුවිය.
මත්පැන් අලෙවි සැලකින් ලබාගන්නා මත්පැන් අතරමඟ රැඳී සිටින ගැනුම්කරුවන්ට අලෙවි කරන බවට මගීන්ගෙන් ලැබුණු තොරතුරක් අනුව ලග්ගල පොලීසිය උපාය දුතයකු යොදවා මත්පැන් අලෙවි කරද්දි බොතල් හතරක් රුපියල් 7000ක් සමඟ කොන්දොස්තර හා රියදුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකුම් ලංගම බසයට කොහෙද අයිතිකරුවන් වෙල්ගම ඇමතිත් දැන් නෑනේ. මග සිටින අය මේ කොන්දොස්තරට ඇමතුමක් දුන්නාම බඩු ගෙනත් දෙනව ඇති කීයක් හරි තියාගෙන. පොලිසියත් මේ වගේ අහිංසකයො නම් අල්ලයි. එතනෝල් කන්ටේනර් පිටින් ගෙනා ඇමතිලට සැලියුට් ගහයි. (අ)
විකුම් ඔයත් බස් එකේ ගෙනාපුවා පාවිච්චි කරලද ප්‍රවෘත්තිය කියෙව්වේ. (ස)
විකුම්, මේක සී ටී බී බස් එකක්. මෙතන සිදු වෙන දේ ලංකාවේ පිටිසරබද පලාත්වල හැමදාම සිදු වෙන දෙයක්. නගරයට යන බස් වල කොන්දොස්තර රියදුරු මහතුන් ලවා නොයෙකුත් දේවල් ගෙන්නවා ගන්න එක. මෙතනදී පොලිසිය ක්‍රියා කල ආකාරය නීත්‍යානුකුල බව පෙනුනාට මේවා ඔප්පු කරන්න බැහැ. (අ)
ඔය ජංගම සේවය ලංගම මගින්ම ආරම්භ කරොත් අමතර ආදායමක් ලබා දැනට වන පාඩුව පියවගන්න පුළුවන් වෙයි. (හේ)
රුවන් මහතා කිව්වා වගේ, එතනෝල් කන්ටේනර් සහ මත් කුඩු කන්ටේනර්කාරයෝ තාමත් යහතින් (නි)
මේ ගොල්ල මේවට පුරුදු කරගත්තේ පොලිසියමයි, මම දන්නවා කොන්දොස්තරලට පොලිසි නිලදාරීන් කියනවා එනකොට අරක්කු බෝතල් 5ක් අරන් වරෙන් අවම සල්ලි දෙන්නම් කියල, ගේන්න ඇති නමුත් සල්ලි ගත්තනම් දඩකොලයක් අනිවාර්යයි, (බ)
මෙම බස් රථයේ / අයිතිකරුගේ මාර්ග බලපත්‍රය සදහටම අවලංගු කළයුතුය (නි)
විකුම් මේක ලංගම බස් එකක් (අ)