
(යොහාන් භාසුර)
මාස 6 ක කාලයක් සඳහා මෙගාවොට් 100 ක් පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදීගැනීමට කොන්දේසි තුනක් යටතේ ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය දුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද (17) පස්වරුවේ පැවසීය.
ශ්‍රී ලංකා විදුලිබල පනතේ 43 වන වගන්තිය යටතේ මෙම අනුමැතිය දුන් අතර ප්‍රධාන කොන්දේසි 3 ක් යටතේ 2023 අගෝස්තු මස 18 වැනි දින සිට මාස 6 ක කාලයක් සඳහා පමණක් විදුලිය මිලදී ගැනීමට අනුමැතිය දුන් බවත් එම කොමිසම පැවසීය.
කුසලතා පදනම මත අදාල විදුලි මිලදී ගැනීම කළ යුතු අතර විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් කාලය අවසානයේදී එම මිලදීගැනීම පිළිබද ස්වාධීන විගණනයක් කළ යුතුය, කොත්මලේ පොල්පිටිය විදුලි සම්බන්ධතාව 2024 අගෝස්තු 31 දිනට පෙර සක්‍රිය කළ යුතුය සහ අවම පිරිවැය මත පදනම්ව මෙම විදුලිය මිලදීගැනීම කළ යුතුය යන්න එම කොන්දේසි තුන වේ.
නියඟය හේතුවෙන් ජල විදුලි ජනනය අවම වීමෙන් ඇති වන විදුලි ඌනතාව සපයා ගැනීම සඳහා මෙසේ පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගනී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම ගේමම මේකට තමයි. දැන් කල්ල මරේ