අරණායක කන්දේ හමුදා සොදිසි දෙවැනි වරටත් මධ්‍යහන 12 ට පමණ නතර කිරීමට සිදු විය. වැසි වැටීම ඊට හේතුවයි. හමුදාවේ සෝදිසි මෙහෙයුමට වැස්සටත් වඩා බාධා වී ඇත්තේ දහසක් පමණ පිරිසක් එහි පැමිණීම බව හමුදා ආරංචි කියයි. තවමත් තැන තැන නාය යද්දී ආගන්තුකයන් පැමිණීම ගැන සහන සේවකයෝ නොසතුට පළ කරති. තම නෑයන් නැති වූ බව කියමින් මහ වැස්සේම එහි රැඳී සිටින පිරිස් වෙත නෑයන් පිළිබඳ තොරතුරු සැපයීමේ මධ්‍යස්ථානයක් ආරක්ෂක ස්ථානයක විවෘත කරන්නේ නම් මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා ගත හැකි වෙතියි සහන සේවකයෝ පවසති.
වැසිත් සමඟ නාය යෑමත් වැඩී. විටින් විට වැසි සමඟ කන්දෙන් ජල කඳන් සමඟ පස් සේදී යාම සහන සේවකයන්ට මෙන්ම බැලීමට එන අයටත් දැඩි අනතුරක් ඇති බව එි සිටින බොහෝ දෙනෙක් කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටස්තරයන් බොහෝවිට එන්නේ සොර සිතින්..! විනෝදයට,රැල්ලට එන නරඹන්නන් එන මාර්ග හඳුනාගෙන තාවකාලික මුර කපොලු දමා පොලිස් නිලධාරීන් ලවා 1000/- වටිනාකමින් යුත් රාජ්‍ය ලදුපතක් නිකුත් කළානම් කවුරුත් එන එකක් නැහැ,අත්‍යවශ්‍ය කෙනෙකු හැර. (බ)