‘කොන්ද පණ තියෙනවා නම් කොඳු ඇට පෙළේ එක ඇටයක් හෝ ආත්ම ගරැත්වය කියන එක කළ දක්වත් තියෙනවා නම් ලැජ්ජ නැතුව මෛත්‍රිපාල සිරිසේන මහත්තයගේ කකුල් දෙකගාවට හොරු රැලක් එක්ක ගිහිල්ලා ඉල්ලා හිටියිද, මම අගමැති අපේක්ෂකයා කරන්න කියලා . එයාට අගමැති අපේක්ෂක කම ඕනෑලු. එයාගේ හිතේ මෛතිපාල සිරිසේන මහත්තයා කියන්නේ තොත්ත බබෙක් කියලා‘ යි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මතුගම යටියන ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් පැවසීය .
‘ ලක්ෂ හැටතුනක් අරං ආපු නායකයගෙන් ඉල්ලනවා එයා අගමැති කරන්න කියලා , ඉදිරි මහමැතිවරනය මෙහෙයවන්න දෙන්න කියලා , ඒක කරලා මෛත්‍රිපාල සිරිසේන මහත්මයා පොරවගෙන ඉන්න ඕනෑ මෙයාට ආපහු බාරදීලා. පුදුම චරිත.අපි ආයේ එයාට නැගිටින්න දෙන්නේ නැහැ. ආයෙත් රට විනාස කරන්න ඉඩ දෙන්නෙ නෑ. ‘
‘අපි රාජපක්ෂගේ කන්ගැට්ටෙන් අල්ලලා කරකවා කරකවා කරකවා අනන්තයට අතහැරියා ඒත් ගෙවලයා වගේ වැටිලා තියෙන්නේ පාර්ලිමේන්තුව පැත්තට වැටිලා කොච්චර එලෙව්වත් කොච්චර පහත් තත්ත්වයට වැටුණත් ඒ බල ලෝබය යන්නේ නැහැ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ කවදත් කිව යුතු දේ කිව්වා.(හේ)
මමත් ඔබතුමාට ඉතාමත් ගෞරව කළ කෙනෙක් .මැතිවරණයේදී ඔබතුමා වෙනුවෙන් පෙරමුණ ගෙන ක්‍රියාකළ කෙනෙක්.ඔබතුො කළ ප්‍රකාශය හරි. (හේ)
ඔබතුමා ලෙයින් මාංශයෙන් රට වෙනුවෙන් පුදා බේරාගත් අපේ රට. මේ හොර තක්කඩි කුපාඩි කුඩු මැරවර අයට ආයේ ඉඩදීම රටට කරන ලොකුම විනාශයක්.... ෆොන්සේකා මහතාට ජයවේවා!!!!! (බ)
මහින්ද මහත්තය කියන්නේ තුට්ටු දෙකේ පිචන් චරිතයක් නෙමෙයි වෙල් විදානේ මහත්තයෝ..ලක්ෂ 58ක් එතුමාට ඡන්දෙ දුන්නේ තමුන්ට ඕන විදියට කරකවල අකුලවල ගෙදර තියන්න නෙමෙයි..දන්නා ඔක්කොම දහන් ගැට දාල දේශද්‍රෝහී නඩ ඔක්කොම එක්ක එකතු වෙලා පච වපුරලා එතුමාව ලක්ෂ හතරකින් පරද්දවල එතුමාගේ දේශපාලනේ අවසන් කළා කියල හිතනවානම් ඔහෙට වැරදිලා මහත්තයෝ..තමන්ට කොච්චර ඡන්ද ලංකාවේ තියෙනවද කියල ලබන මැතිවරණෙන් හොදට බලාගන්න..තමනුයි මහින්ද මහත්තයි අතර වෙනස තාමත් පැහැදිලි වෙලා නැත්නම් එදාට ඒක අපි පැහැදිලි කරවන්නම්..බලය වෙනුවෙන් තම ආත්මය පාවල දීල යුධ ජයග්‍රහණය විකුනපු හමුදාවත් රටත් පාවල දීපු යහපාලනෙට කඩේ යාම වෙනුවෙන් ලැබුණු ඔය තරු පටි අපායට ගිය දවසට යාම රජ්ජුරුවන්ට පෙන්නන්න තියා ගන්න..(බ)
ෆීල්ඩ් මාෂල් තනතුර නිකම්ම ලැබුනද ! මෙයා තමා ජනාධිපතිකමට නියම සුදුස්සා. (බ)
මහින්ද නිකම් පල් වෙනවා බල තන්හාව නිසා. තමන් පැරදුනානම් දිනපු කෙනාට කරදර කරන එක හරි නැහැ. (බ)
නියම කතාව උතුමාණෙනි. කටේ මසුරන් දාන්න වටිනවා. (බ)
මොන දේශපලුවටද කොන්දක් තිබුනේ.(හේ)
කොන්ද පණ නැද්ද කියලා ජනතාව තීරණය කරයි.(හේ)
සහතික ඇත්ත. ලැජ්ජාවක් ඇත්තෙම නෑ.(හේ)
නියම කියමන.(හේ)
ලැජ්ජ නැතිකම මහමුදලික්මට වඩ ලොකුයි කියනවනේ.(හේ)
සම්පුර්නයෙන්ම සත්‍යය කතාවක්.(හේ)
ඒකත් ඇත්ත.(හේ)
මාළුවා නහින්නෙත් කට හින්දා. පැන්ෂන් යන්න නොදී මෙයාව හමුදාපති කරලා අරය දැන් ඉල්ලන් කනවා. කාට කාටත් හොඳ පාඩම් මේවා. (නදී)
කථාවනම් මසුරන්. (නදී)
නියමයි නියමයි (නදී)
ඔබතුමාට කොන්දක් තිබෙනවා කියලා අපි දන්නවා.අර ඔබතුමාගේ ආසනය ඉල්ලා ගන්නකෝ සියල්ලටම කලින්. (නි)
ඔබ උගතෙක්නම් කවදාවත් ඔය විදියට කතා කරන්නේ නැහැ කොහොමටත් මුල මතක නැති ඔබව මුළු ජනතාවම දන්නවා (බ)
මහින්ද මහත්තයාට කොන්දක් තිබෙන බව අපි නම් දන්නවා (නි)
මහත්තයෝ, ඔබතුමා කතා කරනකොට අඩුම ගණනේ තමන්ගේ තනතුර ගැනවත් හිතන්න. මහින්ද මහත්තයා වෛරය කරපින්නාගෙන ඉන්න කෙනෙක් නොවන බව පේනවා. බෞද්ධයකු වශයෙන් එතුමා වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව දන්නවා. (නි)
කතාව ඇත්ත. කියන්න දෙයක් නැහැ (නි)
සැර වැඩි නැද්ද මහත්තයෝ? (නි)
100%ක් හරි (නි)
ජයවේවා මහත්තයෝ! (නි)
සුපිරි කතාවක්. (නි)
මිනිස්සු කියනවලු අගමැතිකමට ඉල්ලන්න කියලා. හැබැයි බලය තිබුන දවස් වල ඔය කිසිකෙනෙක් කියන දෙයක් ඇහුවේ නැහැ. (නි)
සහතික ඇත්ත (නි)
හරියටම හරි (නි)
පිවිතුරු යහපාල උන්නැහේ දැන් මොකද කියන්නේ ? (නි)
පොන්සේකා මහතාගේ කතාව හරියට හරි (නදී)
හබන් කුකුල්ලුන්ට මගුල් තියෙන්නේ උෟරන් කැකුණ තලන වෙලාවේදී කියල මම හිතන්නේ. පොන්සේකා මහත්තයගේ වාචාල කට එස්.බී ගේ වගේම ගඳ ගහන එකක් නේද? (නදී)
මෙම ප්‍රකශයට මගේ ආචාරය (නදී)
සහතික ඇත්ත. (නදී)
කතාව මසුරන් වටිනවා. බල ලෝබය. (නදී)
ඇත්ත කතාව (නදී)
ඔබත් පොරක් කළේ ඒ මනුස්සය තමයි ..නැත්නම් තාම කර්නල් ..කොහොමත් කටේ හැටි අපි දන්නවා ..මහින්ද කන් ගැට්ටෙන් විසිකළ නෙවෙයි පක්ෂේ එකෙක් පාවාදීල ගියපු එකයි වුනේ. හරියට ඡන්දෙ ඉල්ලලා දිනුව වගේනේ කතාව..මහින්ද නැගිටිනවද නැද්ද කියල තව ටික දවසකින් බලන්න ...ඔබටත් මහින්ද අසාධාරනකම් කළ වෙලාවේ අපි හැමෝම හිටිය...එ්ත් මුල අමතක කරන්න එපා...(බ)
බොහොම හොඳයි (බ)
ආමි එකටම හොඳයි (බ)
අනේ කතා කොරන්න ඉගෙනගන්න (බ)
අපෝ මෙයා සිල් ගත්ත උපාසකයනේ? (බ)
මෙන්න දේශපාලන පරිනත භාවය. භාෂාව හැසිරවිමෙන්ම පෙනෙනවා (බ)
දැන් මහින්ද මහත්තයට විතරද බල ලෝබය තියෙන්නේ. මේ කතාකරන මහත්තයටත් මොන ලෝබයද දන්නේ නැහැ තියෙන්නේ ඔක්කොම එකයි (නදී)
හොදම උදාහරණය පැණි හැලියේ වැටුණ අැඹලයා (නදී)
රට සුදු කොඩි කතා කියල පාවල දීල අනුන්ගේ නැට්ටේ එල්ලිලා ෆීල්ඩ් මාෂල් අරගෙන ආයේ කලවැද්ද නාඩගම 2 පටන්ගෙන.(නදී)
කට කට කට මාළුවා නහින්නෙත් කට නිසා. එක පාරක් ඉල්ලන් කෑවා. මදි නිසා තවත් ඉල්ලනවා. මුල මෙනෙහි කරන්න එතකොට ඇත්ත තේරෙයි.(නදී)
ක්‍රෝදය වපුරන්න එපා !(නදී)
මහින්ද නැත්නම් මේ අය ගැන මිනිස්සු දන්නෙවත් නෑ. තව ටික දවසකින් දැන් ජනාදිපති තුමාටත් මීට හපන් කතා කියයි (නදී)
හරියටම හරි මේ වගේ කාලෝචිත දෙයක් අහන්නත් ආසයි. හොරා කාලා එ්කේ අගේ දන්නා නිසානේ අාපහු එන්න හදන්නේ.(නදී)
ලැජ්ජා නැති හිගාකන නායකයෙක් පරාජය බාර ගෙන නමිබුව අාරක්ෂා කර ගෙන ගෙදරට වෙලා තම අනුගාමිකයන්ට උදවි කිරිම තමා වැදගත්..(නදී)
ඔය බයේ කියවන්නේ. දන්නවා මහින්ද මහත්තයා අවොත් දිනනවා කියලා. (නදී)
අනේ මෙහෙම ආසාවක් අනේ මෙහෙම තණ්හාවක්, පුදුම විදිහෙ නිග්‍රහවක් තවමත් නැද්ද මේකේ නැවතීමක්, ජනතාවට ඇත්තෙ පුදුම කළකිරිමක්.(ම)
මහින්දට සහ අදුර දර්ශි ඇමැති මණ්ඩලයේ (වැරදි කළ ) හොර තක්කඩින්ට පළදුන්නේ ශාපයක්. තුන් වන ලෝකයේ දුප්පත් රටක්වන ලංකාවේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් නිදහස පරිසරය අධ්‍යාපනය සෞඛ්‍ය සතුන්ගේ නිදහස නිතිය සහ තවත් බොහෝ දේ හොරකමින් සුළුපිරිසක් වෙනුවෙන් පරිහරණයට ගැනිමෙන්(නදී)
පසුගිය සැරේ 18 ලක්ෂයකින් දිනපු මහින්ද මහත්මයා, මෙවර ලක්ෂ 4 න් පරාජය වුණා. එහෙම හිතනකොට ලක්ෂ 22 ක් පස්සට ගිහින්. ඔහුට විරුද්ධව ඡන්දෙ දුන් ප්‍රමාණය ලක්ෂ 62 ටත් වැඩියි. මෛත්‍රී මහත්තයාට සහ සෙසු අපේක්ෂකයොත් ගත් ඡන්ද මහින්ද මහත්තයාට විරුද්ධ ඒවා වෙනවා. ජනතාව ඔහුට විරුද්ධව ඡන්දෙ දුන්නේ "රට බේරාගත් නායකයා" බව නොදැන නොවෙයි. තවත් මෙම පරාජය ගැන හේතු දක්වනවිට තව ටිකක් දුර හිතන්න. ජනතාව එම තීරණය ගත්තේ කාටවත් රැවටිලා නොවෙයි. මහින්ද පාලනය එපාවෙලා කියලා තමයි පැහැදිලි වන්නේ. මෛත්‍රී පාලනය වරද්දාගත්තොත් මීටත් අන්ත ලෙස ඔහුත් ඔහුගේ රජයත් පරදන්න ජනතාව පසුබට වෙන්නේ නැහැ. දැන් ජනතාවට උවමනා වෙලා තියෙන්නේ, සාධාරණයයි.පහුගිය රජය කාලේ නොතිබුනේ එයයි. (නි)
කාටද දන්නෙ නැහැ බල ලෝභය තිබ්බෙ (බ)
ශ්‍රි ලංකාවේ ඇත්ත කථා කරන එකම දේශපාලකයාට ජයවේවා! (බ)
කලවැද්දා කියලා එහෙම බනිනවා නෙමෙයි (බ)
චමින්ද. මොහුවත්, මොහු ගැන දන්නා කවරෙකුවත් මොහු උගතෙක්යැයි කොහෙදිවත් කියා නැහැ.(හේ)
නියමයි (බ)
මේ මහත්මය පුදුම වෛරයකින් කතා කරන බව හැගෙනවා. ඔය වෛරය ඔබ තුමාගේ සෞඛ්‍යයට හොඳ නැහැ (බ)
සහතික ඇත්ත. අපි නම් මීට ඉස්සර එහෙම එකක් තියා මොලේවත් නෑ කියල දැනගෙන හිටියා (බ)
ඔබ තුමා කරුණාකරලා ආලවක දමනය කාගෙන් හරි ඉගෙන ගන්න.(බ)
ඔබතුමා ගෙ කතාව නම් හරිම ඇත්ත. (නදී)
ලැජ්ජා නහරේ කපල තියෙන්නේ.(නදී)
දෙපැත්තම එකයි (නදී)
ඇත්තටම මටත් හිතෙන්නේ ගෙවලයෙක්ම තමා. (නදී)
නියම කතාවක් (නදී)
නියම කතාවක් ඔබ කිව්වේ (නදී)
අනේ මේ කතාවේ වීඩියෝ පටිය තිබෙනවානම් බලන්න කොයි තරම් අගෙයි ද?(නදී)
සරත් ෆොන්සේකා කියන නමට මිනිසුන් සලකන්නේ ඔබ හමුදාපති යෙකු ලෙස කල සේවයට. ඒ අබිමානය දේශපාලනයට ඇවිත් පහත කතා කියල ඔබේ ගරුත්වය නැති කර ගන්න එපා. මෙහෙම කිව්වට (නදී)
ඇත්ත කතාව ලජ්ජා නැති කමයි බලතන්හාවයි නිසා ආයේ එන්න හදනවා. මම නම් කියන්නේ ලංකාවේ තේරුමක් නැති මිනිස්සු ඉන්නකම් එයාලට හොදයි. පසුගිය කාලේ පත්තර හුගක් ලංකාවේ බලන්න බැරුව තිබුනේ. හිටපු පාලකයා මිනිස්සුන්ට ඇත්ත දැනගන්න දුන්නේ නැහැ. ඒක එයාලට වාසියි (නදී)
ඔබතුමාගේ සහ එතුමාගේ වෙනස එ්ක තමා(නදී)
බුදු අම්මේ සද්දේ ? (නදී)
ඉතා හොඳයි. අායෙත් කටට පන ඇවිල්ලා. තමන්ගේ තත්වේ තියන් කට පරිස්සම් කරගන්න (නදී)
කොයි පැත්තෙන්ද කතා කරන්නේ. කාටද ලැජ්ජා තියෙන්නේ.(නදී)
අනේ මෙහෙම ආසාවක් අනේ මෙහෙම තන්හාවක්, පුදුම විදිහෙ නිග්‍රහවක් තවමත් නැද්ද මේකේ නැවතීමක්, ජනතාවට ඇත්තෙ පුදුම කළකිරිමක්. (නදී)
ළඟ හිටියා නම් අම්මපා දානවා මගේ අත ඔබේ කටේ. මසුරන් කියමන. රටේ ඉහලම පදවියේ ඉඳලා පහල පදවියක් බදාගන්නෙ මොන කෙහෙල්මලකටද ? (නදී)
අනේ මන්දා ගිය උඩ (නදී).
ඕක මොකක්ද මෛත්‍රි ලගට ගිහින් නඩු අයින් කරගෙන හොරපාරෙන් ෆිල්ඩ් මාෂල් ගත්ත අය ඉන්න රටේ(නදී)
අපෝ මෙයා තමයි හරි මිනිහා (නදී)
මෙයාගේ මේ අදහසට මිනිස්සු හොඳ හොඳ කතා කියල මෙයාට බැනල තිබුන (බ)
"පරසිඳු පබු දනන් සෙවි පමණින් මහරු බෙලෙනිඳු මඳ වුවත් නොකෙරෙති රුපුන් සරු බරණිඳු ගෙල වසන නා රද වෙමින් ගරු ගුරුළිඳු අතින් ඇසි කිම යහළු තොරතුරු" (අලගියවන්න මුකවෙටි තුමන් විසින් රචිත සුභාෂිතය) නායකයන් සමග ළංව සිටි පමණින් දුලබයෝ තමන් බලවත් යැයි සිතති. ඊශ්වරයාගේ බෙල්ලේ වසන නාග රාජයා ඊශ්වර බලයෙන් උදම් වී ගුරුලාගෙන් සැප දුක කෙසේදැයි ඇහුවලු (බ)
ඔබතුමා නිවැරදියි. දුම්මලවත් ගහල බලමු. (නදී)
කටේ මසුරන් දාන්න වටිනවා (නදී)
මහින්ද යුද්දේ ඉවර නොකලා නම් මේ මුකුත් නැහැ නේද.100% හොයමු. ලංකාව කියන්නේ මේ ලොකේ ගොඩ නොයන රටක්. ලංකාවේ වාහනයක් පාරට දැම්ම හදිසියකදි කවුද සිග්නල් දෑම්මම ඉඩ දෙන්නේ? අන්තවාදී ඔලුව උස්සනකම් යහපාලනයෙන් යමු. මහින්ද රජෙක් රට එක් සේසත් කරපු. එ්ක රනිල්ටවත් සිරිසේනටවත් කරන්න බැහැ. උඩ ටික ලිව්වේ අහිංසක විදියට. (නදී)
ඔබතුමා රටේ යුද්ධය අවසන් කරන්න දිවි හිමියෙන් කටයුතු කළා. ඒකට ඔබතුමාට ජනතාවගෙන් ලැබෙන ගෞරවය රැක ගැනීම ඔබ තුමාගේ වගකීමක්. මෙවැනි ප්‍රකාශ වලින් නැවතත් පෙන්නුම් කරන්නේ ඔබතුමාගේ දේශපාලන නොදැනුවත් කමයි. මමත් රාජපක්ෂ මහතා නැවත බලයට එනවාට කොහොමවත් කැමති නැහැ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක ඡන්දයකින් පරාද උන කෙනෙකුට නැවත ඡන්දය ඉල්ලීමට ඇති අයිතිය (ජනපති ධුර දෙක ඉවරනම් සාමාන්‍ය මන්ත්‍රී කමකට /පළාත් සභා /ගම් සභා )ගැන පහත් භාෂාවෙන් හෙලා දැකීමෙන් ඔබතුමා හානි කරගන්නේ ඔබතුමාගේම ප්‍රතිරූපයටයි.(නදී)
ඔබතුමාගේ කතාව හරියට හරි (නදී)
ෆීල්ඩ් මාර්ෂල් ලා ලෝකයේ ඉතා විරලයි. සරත් ෆොන්සේකා කියන චරිතයත් ඒ වගේමයි. ජෙනරාල් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් තනතුර හොයාගෙන ආවා නොවෙයි ෆීල්ඩ් මාර්ෂල් තනතුර ඒ මහතාව සොයා ගෙන ආවා. ඒ ආකාරයට වර්තමානයක් සකස් වෙමින් නව දේශපාලන ඉතිහාසයක් ලියැවෙන මොහොතක දේශපාලන පිශාචයෙක් මහ සොහොන් තනතුර ඉල්ලීම කොතරම් ශෝචනීයද? (නදී)