
(අංජුල මහික වීරරත්න)
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (10) උපදෙස් ලබා දුන්නේය.
ඒ අනුව අක්කර පහකට නොවැඩි ඉඩම් මෙලෙස ලබා දීමට නියමිත අතර, ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ නිලධාරින් හමු වූ අවස්ථාවේදීය.
විෂයභාර අමාත්‍යවරයා ලෙස මෙහිදී අදාළ අමාත්‍යාංශවල ක්‍රියාකාරිත්වය සහ ප්‍රගතිය විමසූ ජනාධිපතිවරයා ඉදිරි සැලසුම් පිළිබඳව ද සාකච්ඡා කළේය.
කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ, ඉඩම් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් හේමසිරි ලියනගේ යන මහත්වරු ඇතුළු අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මීට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට සීනි කර්මාන්ත ශාලාව දියුණු කරගන්න සූදානමක් නැද්ද ? තියෙන තියෙන එක බෙද බෙදා යන ගතියක් තමයි පේන්නේ.
වර්තමාන කෘෂිකර්මය එදාවේල ටුවර්ස් නොවේ කියලා වටහාගත යුතුයි. පොඩි ඉඩම් කට්ටිවල වූවත් හඳුනාගත් එකම භෝගය මහාපරිමාණ වගාවට යොමු කරන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරමුද? එය වාණිජ මට්ටමෙන් විය යුතුයි.