කන්තලේ ප්‍රදේශයේ ජනවාර්ගික සමගිය තවත් තහවුරු කැර ගැනීමට මහා සංඝරත්නය හා ස්ලාමීය මව්ලවිවරු කන්තලේ පොලීසියේ රැස්වීමකදී සමගි සම්මුතියකට පැමිණියහ.
බුද්ධශාසන නියෝජ්‍ය ඇමැති එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි.
කන්තලේ වෙළුන්නා රජමහා විහාරාධිපති යටවර පුඤ්ඤරතන උතුරු නැගෙනහිර ප්‍රධාන සංඝනායක හිමියෝ ද කන්තලේ ජමියාතුල් උලමා සභාවේ සභාපති ඉන්සාද් මව්ලවි තුමාද පොලීසිය හා යුද හමුදා නියෝජිතයෝ ද සාකච්ඡාවට පැමිණි අය අතර වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශීය රටවල අතකොලු නොවී ශ්‍රී ලාංකිකයන් විදිහට එකම රටක මිනිසුන් විදිහට සතුටින් සමාදානයෙන් විසීම බොහොම වැදගත්. එය මුළු ලෝකයටම ආදර්ශයකි (නදී)
කෝ බන්දුල තුමා ? මේවා දැකල උන්නැහේට සතුටු නැද්ද ? (නදී)
දැන් එහෙනම් සේරම ප්‍රශ්න නිවාරණයි තීන්දුයි! අනේ හොඳයි. (නි)
බින්දු මොකටද දෙශපාලන විසදුම් ? මොකක්ද මෙතන තියෙන දෙශපාලන ප්‍රශ්නය , (දී)
අපි කව්රුත් මිනිස්සු (නදී)
කාන්ත' ලේ හොල්ලන්න කලින් මොලේ පාවිච්චි කරලා මේ වගේ සහයෝගිතාවයක් ගොඩ නැගීම ගැන ප්‍රසංශා කලයුතුයි. අන්තවාදී වීම නිසා ( කොයි කවුරු උනත් ) මේ ප්‍රශ්ණ ඇතිවෙන්නේ. සාමය දිනේවා ! මෙත් සිතිනි, (අ)
මේවා කොහොමත් අපේ රටේ තියෙනවා. ඔය ලෝගු කාරයින් සහ සරණාගත කට්ටිය අල්ලන නාඩගම් එක සහ පුරා වස්තු කොල්ල කන එක කුරගල නිල ගල ලංකාපුර වගේ තැන ආරක්ෂ කරනවා නම් හරි. (අ)
මේ රටේ සිදුවන සියළුම අන්තවාදී ක්‍රියා නැවැත්වීමට රජය වහා කටයුතු කල යුතුයි. එය බෞද්ධද මුස්ලිම්ද කතෝලිකද හින්දුද කියලා නැතුව සියළුම අන්තවාදී ක්‍රියා නැවැත්විය යුතුයි. මේ රටේ මුලින්ම ක්‍රියාත්මක වුනේ කුමන අන්තවාදීන්ද කියල ජනතාව දන්නවා. ඊට එරෙහිව පසුව වෙනත් අන්තවාදීන් පාර්ශව බිහිවුනා. දැන් අන්තවාදීන්ට බනින සමහරු එ් දවස්වල සිටම අන්තවාදයට විරුද්ධව කට අැරියනම් මේක මෙතරම් දුර දිග යන්නේ නෑ. (නදී)
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ. (ස)
රට පුරාම මෙවැනි වැඩසටහන් අවශ්‍ය යුගයක් මේක. (ස)
මේ ප්‍රශ්න ඇතිවෙන්න හේතු තිබෙනවා. අන්න ඒ හේතු හොයලා ඒවාටයි විසඳුම් දියයුත්තේ (නි)
හැමදාමත් මෙහෙම ඉන්න පුළුවන් නම් කොච්චර හොදද . (දී)
ලෝකයා ඉදිරියේ ලැජ්ජාවෙන්න වැඩ කරන්න එපා දේශපාලන විසදුමක් වහාම ගෙන්න (දී)
මෙන්න කරනවානම් වැඩ. වටිනා ආදර්ශයක් මුළු ලංකාවටම. (දී)
අන්න ලෝකෙටම ආදර්ශමත් වැඩ (දී)
ඔබ ගැන ආඩම්බර වෙනවා. ඔය සමගිය යළි නැතිවෙන්න ඉඩ තියන්න එපා (නි)
ඇත්තටම හොඳ දෙයක්. (නි)
රටට බොහොම හොඳ කාලීන ආදර්ශයක්.රටක ආර්ථිකය,සහජීවනය වර්ධනය කරගත හැක්කේ සමගි බලයෙනි. (ස)
බොහොම අගෙයි (නි)
බොහොම හොද වැඩක් ,මෙයයි අපට උවමන වන්නේ (දී)
ඇත්ත තමයි. සියලුම දෙනාට සමගියෙන් සාමදානයෙන් ඉන්න ලැබේවා! ඉතා හොඳ වැඩක් (නි)
අන්න හොද වැඩ. මේ වගේ මුළු රටටම ඉන්න පුලුවන්නම් කොච්චර හොදද ? (දී)
මගේ සුභපැතුම්, රටේ මිනිස්සු ඔක්කොම එකයි (දී)
අන්න ඔහොම ඉන්නකෝ.මොකද මේ කුලල් කා ගන්නේ.මොනවා බෙදා ගන්න බරුවටද. (දී)
රටට බොහොම හොඳ කාලීන ආදර්ශයක්.රටක ආර්ථිකය,සහජීවනය වර්ධනය කරගත හැක්කේ සමගි බලයෙනි. හැමදාමත් මෙහෙම ඉන්න පුළුවන් නම් කොච්චර හොදද. (දී)
සැමට එකාවන්ව සැලකිය යුතුයි. ඒ වාගේම සුළු ජාතීන්ට සුළු ජාතිකයින් ලෙස නොදැනෙන ලෙස රටේ ජීවත් වීමට හැකියාව තිබියි යුතුයි. සුළු ජාතීන් ද මහා ජාතිය තේරුම් ගත යුතුයි. එමෙන්ම සුළු ජාතිකයින් සිංහල බෞද්ධ රටක් ලෝකයේ නොමැති බවත් එය වෙනස් කිරීමට කටයුතු නොකල යුතු බවත් සිතට ගත යුතුයි. ලෝකයේ එක් එක් රටවල් පාලනය වන්නේ එ් ඒ ජාතීන්ට අදාල හා ඒ ඒ ආගම් වලට අදාල බව සිහියට ගන්න. උදාරහරණ ලෙස බ්‍රිතාන්‍ය, ඉන්දියාව සහ අරාබියේ රටවල් සලකා මොන ජාතිකයින්ගේ මොන රට ලෙස ද හඳුන්වන්නේ සිතා බලන්න. (ස)
හරිම සතුටුයි. මව්බිමේ සැමට සාමයෙන් කල් ගෙවන්න ලැබේවා ! (දී)