IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කන්තලේ කම්කරුවාගෙන් ආදායම් බදු ඉල්ලයි

කුලී වැඩ කරමින් දරු පවුලක් ජීවත් කරවන පුද්ගලයකුගෙන් ආදායම් වාර්තා ඉල්ලා ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ලිපියක් එවා තිබේ.

දින 14ක් ඇතුළත පිළිතුරු යැවීමට අපොහොසත් වුවහොත් රුපියල් 50,000ක දඩ ගෙවිය යුතු බවද ලිපියේ සඳහන් වේ.

ආදායම් බදු දෙපාර්තමේන්තුවේ තොරතුරු අංශයේ සහකාර කොමසාරිස් ජී එල් පී විමලරත්න මහතාගේ අත්සනින්  මෙම ලිපිය එවා ඇත්තේ කන්තලේ යුනිටි 14 අංක 62 ලිපිනයේ පදිංචි ඒ ජී පුංචිබණ්ඩා මහතා වෙතය.

පුංචිබණ්ඩා මහතාගේ රැකියාව කුලී වැඩ බව සඳහන් කරමින් වසමේ ග්‍රාම නිලධරයා සහ කන්තලේ ප්‍රාදේශීය ලේකම්  ඔහුට පිලියක් දී ඇත.

විශ්ව විද්‍යාලයයට තේරී පත්ව සිටින ඔහුගේ දරුවකුගේ අවශ්‍යතාවක් වෙනුවෙන් මෙම සහතිකය නිකුත් කර ඇත.

තමාට ඇති මුළු බූදලයම පාපැදියක් සහ එළ වැස්සියන් දෙදෙනකු පමණක් බව පුංචි බණ්ඩා  පවසයි.

මේ සියල්ල විකුණා දැමුවත් දඩ මුදල ගෙවීමට තරම්වත් ප්‍රමාණවත් මුදලක් නොලැබෙන බව සඳහන් කරමින් ඔහු 23 වැනිදා ආදායම් බදු දෙපාර්තමේන්තුවට ලිපියක් යවා ඇත.



අදහස් (0)

කන්තලේ කම්කරුවාගෙන් ආදායම් බදු ඉල්ලයි

සම්පත් Sunday, 24 March 2013 09:19 PM

ආණ්ඩුව මහජනතාවගේ අප්‍රසාදයට පත්කරන්න හිතා මතා කරන වැඩ මේවා.(නදී)

:       0       0

ඉලේපෙරුම Sunday, 24 March 2013 10:13 PM

මම දන්න අයෙක් තමන් ළඟ වැඩ කරන අයට අර්ථ සාධක ගෙවන්න තමන්ම ඉදිරිපත් වෙලා පානදුරයේ කම්කරු කාර්යාලයට ගියා. එයාට පිළිතුරු ලැබුණෙත් දඩ ගහනවා, හිරේ දානවා කියලයි. කාර්යාලයේ මුද්‍රණය කරලා තියෙන්නේ දඩ ගහන තර්ජන ලිපි විතරයි. නීති ගරුකව තමන්ම ඉදිරිපත්වෙන අය පිළිගෙන එම අයට ස්තුති කරන ලිපි ගැන කම්කරු දෙපාර්තෙම්න්තුව දන්නෙ නැද්ද? මේකත් ඒ වගේ තමයි. (නි)

:       0       0

චමින්ද Sunday, 24 March 2013 10:49 PM

සතයක් ගෙවන්න එපා. (නි)

:       0       0

වීරසේකරගේ Sunday, 24 March 2013 11:15 PM

ඔන්න වැඩ... (නි)

:       0       0

සෙලනිකස් Sunday, 24 March 2013 11:35 PM

වාර්තාවක් ඉල්ලනවා කියන්නේ බදු ගෙවන්නම කියනවා නොවේ. මේ කියන හැටියට මේ කම්කරු මහතා ඉතා අඩු අදායමක් ඇති කෙනෙක්. එහෙම නම් අදායම් බදු වාර්තාවක් පුරවනකොට පෙනේවි බදු ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ කියලා. එහෙම පුරවපු වාර්තාව යැවුවා නම් ඉවරයිනේ. (නි)

:       0       0

අශාන් Monday, 25 March 2013 12:16 AM

ඇමැතිලාගේ ලයිට් බිල්, ඉන්ධන බිල් සාමාන්‍ය ජනතාව පිට පටවන එකේ ඕක මොකක්ද? දේශපාලඥයො කාබාසිනියා කරන දේවල් වලත් අලාභය සාමාන්‍ය ජනතාව පිට පටවලා තියෙන්නේ. ඒකෙනුත් අසරණ වෙන්නේ දුප්පතා. මේක තමා ආශ්චර්යයේ උපරිමය... :D (නි)

:       0       0

පිටිගල - මිලානෝ Sunday, 24 March 2013 03:29 PM

කීයක් හරි අත යටින් දීලා බේරගන්න බැරි වෙයිද?(නදී)

:       0       0

පාලි Sunday, 24 March 2013 03:35 PM

අන්න හරි. පොඩි මිනිස්සුන්ට මෙහෙමම කරන්න. (නි)

:       0       0

රුමී Sunday, 24 March 2013 03:36 PM

දෙයියෝ සාක්කි! (නි)

:       0       0

ෂෙල්ටන් Sunday, 24 March 2013 03:51 PM

ඇත්තටම මේක කාගේහරි කුමන්ත්‍රණයක්ද දන්නෙත් නැහැ. (නි)

:       0       0

සංජීව Sunday, 24 March 2013 03:54 PM

ලොකු මිනිස්සු කිසිම බද්දක් ගෙවන්නේ නැහැ. අහිංසක මිනිසුන්ට තමයි සේරම් පව් වලට කරගහන්න වෙලා තියෙන්නේ. (නි)

:       0       0

ජයසූරිය Sunday, 24 March 2013 04:11 PM

දැන් ඉතින් කම්කරුවන්ගෙන් පවා ආදායම් බදු ගන්න කාලේ හරි. (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Monday, 25 March 2013 03:05 AM

බඩ අල්ලා හිනා විය හැකි ආ(හා)ශ්චර්යය... (නි)

:       0       0

ජීව Monday, 25 March 2013 03:11 AM

තමන් ආදායම් ගෙවන තත්වයේ නොමැති නම්, ඒ බව ප්‍රකාශ කර සිටින්න. ඒ සඳහා අවස්ථාව එහි තිබෙනවා. (නි)

:       0       0

කුමා Sunday, 24 March 2013 04:24 PM

මේ අය බලන්නේ කාගෙන හරි සල්ලි ගරාගන්න.(නදී)

:       0       0

කැලුම් Sunday, 24 March 2013 05:06 PM

ගණන් ගන්න එපා අනේ, මේ ලංකාවනේ. (නි)

:       0       0

කොස්වත්ත Sunday, 24 March 2013 05:13 PM

රටේ ආශ්චර්යය දකිද්දී අපිටත් නිකන් පිස්සු වගෙයි. (නි)

:       0       0

කුමාර Sunday, 24 March 2013 05:14 PM

ආශ්චර්‍යයට යන කොට දුප්පත්කම නැති කරන්න එපැයි. (නි)

:       0       0

දයා- සෞදි Sunday, 24 March 2013 05:25 PM

නැහැ, නැහැ කව්රු හරි තරහකාරයෙක් ආදායම් බදු දෙපාර්තමේන්තුවට පෙත්සමක් ගහලා ඇති.(නදී)

:       0       0

දමිමි Sunday, 24 March 2013 05:30 PM

ආදායම් බදු දෙපාර්තමේන්තුවේ තොරතුරු අංශයේ ලොකු මහතා වහා අස්කල යුතුයි.(නදී)

:       0       0

වරුණ Monday, 25 March 2013 07:39 AM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. අර එතනෝල් ගෙනාපු අයට මේ බදු නීතිය ක්‍රියාත්මක නැද්ද? (නි)

:       0       0

කේ.හේමසර හිමි Sunday, 24 March 2013 05:37 PM

මේ ලිපිය ඔබට අදාල නොවේනම් නොසලකා හරින්න. මෙය වැරදීමක් විය හැකියි.(නදී)

:       0       0

ගාමිණි Monday, 25 March 2013 08:30 AM

මේ අසරණ මනුස්සයාගෙන් මොන ආදායම් බදුද (දී)

:       0       0

හේවාවිතාරණ Sunday, 24 March 2013 06:03 PM

එතනෝල් ආනයනය කරන මිනිස්සු වාසනාවන්තයෝ.(නදී)

:       0       0

රණසිංහ Monday, 25 March 2013 08:36 AM

අර ලක්ෂ ගණනින් මුදල් හම්බකරන සමහර කපු මහත්වරුන්ට ඇයි බදු ගෙවන්න කියන්නෙ නැත්තේ? (නි)

:       0       0

රණසිංහ Monday, 25 March 2013 08:50 AM

සමහර අය දන්නෙ නැතුවා වගෙයි මේ රටේ වාර්තා පුරවන්න තියා ලියුමක් තැපැල් කරගන්නවත් දන්නෙ නැති අහිංසක මිනිස්සු ඉන්න බව (නි)

:       0       0

බණ්ඩාර Sunday, 24 March 2013 06:35 PM

මොනවාද මේ වැඩ වල තේරුම (දී)

:       0       0

දර්ශන දන්තනාරායන Sunday, 24 March 2013 07:03 PM

කළ යුතු වැඩේ නෙමෙයි මේ නිලධාරීන් කරන්නේ. පොඩි මිනිහෙක් අල්ලගන්නවා ඕනම දේකට.(නදී)

:       0       0

වජිර - රෝමය Sunday, 24 March 2013 07:03 PM

තව ඉදිරියට මීට වඩා දේවල් බලාගන්න පුළුවන්. මේක තමයි චින්තනය.(නදී)

:       0       0

අරුණ Sunday, 24 March 2013 07:56 PM

අපිව අන්දනවා. ඔයාට කව්ද ඔය පුටුව දුන්නේ.(නදී)

:       0       0

අමර Sunday, 24 March 2013 08:22 PM

වගකිවයුතු මහත්වරුනි. දුප්පතාට පිහිටවන්න.(නදී)

:       0       0

ලංකාසිරි Sunday, 24 March 2013 08:36 PM

එරකෙක්ව බෝංචි ඇට වලට මාරුකළොත් අර පුංචි කාලේ කියවපු කතාන්දරයක වගේ ඔයාටත් රත්තරන් බිත්තර දාන කිකිළියෙක් ලැබෙයි. එතකොට පුලුවන්නේ බදු ගෙවන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 892 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site