විජේදාස රාජපක්ෂ සහ රාවුෆ් හකීම් අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.30 විවෘත කිරීමට නියමිතව තිබූ මහරගම සති පොළ, මහරගම නගර සභා ප්‍රාසභාපතිනී කාන්ති කොඩිකාර සහ බස්නාහිර පළාත් අමාත්‍ය උපාලි කොඩිකාර මහතා විසින් ඊට පැයකට පෙර විවෘත කරන ලදි. අනතුරුව10.30ට පමණ එම පොළ භූමියට පැමිණි විජේදාස රාපක්ෂ හා රාවුෆ් හකීම් අමාත්‍යවරුද නැවත එය විවෘත කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් අන්තිම විවෘත කිරිලි ටික කරගෙන යන්න ඉඩ දෙන්න. (නදී)
ඉගෙන ගෙන තියෙන මිනිස්සු ඔහොම කරන්නනේ නැහැ නේද ? (නදී)
යහපාලනයක් නම් අඩු තරමින් මහින්ද ආණ්ඩුව කරපු දේවල් මේ අය විවෘත කරන විට ඒ ආණ්ඩුවේ අයටත් එතනට ආරාධනා කිරීමට තරම් ශීලාචාර වෙන්න ඕනේ. (ස)
කවද අනේ විවෘත කරපවා ආයෙත් විවෘත කරන්න යන්නේ? (අ)
මේ දෙගොල්ලන්ම නාස්ති කරන්නේ අපේ බදු මුදල් . (නි)
ශ්‍රී ලංකා එක දිනවන්න දලා තියන කට්ටිය දැක්කම පේනවා ජනාදිපතිතුමා බලාපොරොත්තු වන දේ. ඒ කණ්ඩායමේ එකෙක් නැහැ ශ්‍රී ලංකා එකේ විතරක් දිගටම ඉදලතියන . (අ)
ජනතා සේවයට කැප උන මිනිසුන්ගේ හැසිරීම හරිම අගෙයි (නදී)
වෙල්යාය පාරේ අඩි 10 පාරේ තට්ටු 4 බිල්ඩිම ගහන්න පගාව කීයද?
ජනතා මුදල් වලින් හදපු ඒවා විවෘත කරන්න කවුරුවත් මොකටද? බොරුවට උත්සව තියන්න සල්ලි වියදම් කරන්න ඕන නැහැ. (අ)
මහින්ද ආණ්ඩුවෙන් හදපුව විවෘත කරන එක තමයි යහපාලන දින 158 තුලම කලේ. අඩුමගානේ යහපාලන දින 158 තුල පටන්ගත් එකම එක වැඩක් ගැන දන්නා කවුරුහරි ඉන්නවද. පටන්ගෙන තිබුන ගොඩක් වැඩ නවත්තපු බවනම් රටම දන්නවා. දැන් ඡන්දෙ නිසා හිටිගමන් නින්දෙන් ඇහැරිලා වගේ කියනවා වරාය නගරය පටන්ගන්නවා, ජී.එස්.පී ලබන මාසේ ලැබෙනවා, මාර්ග සංවර්ධනයට බිලියන ගණනක් යොදනවා, රැකියා දශලක්ෂයක් දෙනවා කියල. මිනිස්සු හරක් නොවෙයි. (නදී)
අපි දන්නවා මහරගමට වැඩ කරේ කව්ද කියලා. කාන්ති කොඩිකාර සහ උපාලි කොඩිකාර දේපල කරපු දේ හරි. හොද පාඩම උගන්වලා තියෙන්නේ. විජේදාස උන්නැහේ කඩුවෙලට වෙලා හිටියනම් ඉවරයිනේ . ලකුණු දාගන්න ගිහින් තිබුන ලකුණු ටිකත් කපාගත්තා. මනපනම් ලැබෙන්නේ නැහැ පුතෝ මෙහෙම කලාට ..(අ)
උපුල්ගේ කතාව හරියටම හරි කොචර වටිනා ඉඩම් කැබැල්ලක්ද ...මොනතරම් වටිනා ආයෝජන අවස්ථාවද්ද (අ)
මෙහෙමත් පිස්සුවක්. (නදී)
අනේ මෙහෙම ආසාවක්. අනේ මෙහෙම තන්හාවක් (නදී)
දැන් තමා බලු පොරය පටන්ගන්නේ (නදී)
පිස්සුව තියෙන්නේ මේ ආණ්ඩුවටනේ. ගිය ආණ්ඩුවෙන් පටන් ගත්ත ඒවා විවෘත කර කර උන්ගේ නම් ගහ ගන්නවා. (නදී)
මේ බලු පොරයට සදාකාලික තිත තියන්නට ලබන 17 වෙනිදාට එක්වෙමු. ජනතාව දැනුවත් කරමු. එය අපේ යුග මෙහෙවර වී තිබේ.(නදී)
මම හිතුවේ "ධර්මිෂ්ඨ" විජේදාස රාපක්ෂ මහතා මේ වගේ බාල වැඩ නොකරන අයෙක් කියලා. අපි හොඳටම දන්නවා මහරගම එම වෙනස කලේ කාන්ති කොඩිකාර මහත්මියගේ මෙහෙයවීමෙන් කියලා. අදාළ ගරුත්වය නිසි අයට ලබා දීම යහපත්. විජේදාස රාපක්ෂ මහතා මෙය නොදැන කරන්න ගියා යයි හිතන්නවත් බැහැ. (නදී)
කාන්ති කොඩිකාර මහත්මිය තරම් "සේවයක් " කරපු කෙනෙක් මහරගම ඉතිහාසයේම හිටියේ නැහැ . අවාසනාවට මගේ ගෙදරත් අයිති වෙන්නේ ඔය කියන 'නරක' සභාවටයි. (නදී)
බල තන්හාව (නදී)
විවෘත කරන්ට තියෙන හදිසිය තිබුනට, ගමේ අඩුපාඩු ටික ඉක්මනින් සම්පුර්ණ කරන්ට එච්චර හදිසියක් නැහැ වගේ. (නදී)
කාන්ති කොඩිකාර මහරගමට කරපු සේවය අති විශිෂ්ටයි ...දැන් ලංකාවේ හොදම නගරසභාව මහරගම . (අ)
අහිංසක මිනිසුන්ගේ ජන්දෙ ගන්න මෙයාල කරන දේවල්. හරියට මෙයාලගේ මුදල්වලින් කරපුව වගේ. අපේම සල්ලි උන්ගේ විදිහට අගේට පෙන්වනවා. (ස)
කාන්ති කොඩිකාර මහත්මිය කලකින් නොදැකපු අතිවිශිෂ්ඨ ගනයේ කාන්තාවක් ලෙස , දකින මගේ උත්තමාචාරය ඔබ තුමියට. (ස)
ආණ්ඩුව මේ මස 5 ට කරපු එක දෙයක් ලියන්න පුලුවන්ද. එකක් විතරක් කලා. මහා බැංකුවට නියම ගේමක් දුන්න. (ස)
ඇත්ත තමයි රුබට්, දැන් ඔය තියෙන කොලපාට ආණ්ඩුව ඒ කාලේ කලෙත් බඩ කට පිරෙන්න රට ණය වෙලා හරි අර ඒ කාලෙම කීව වගේ ඇට අට වර්ගයක් දීල බඩ පිරෙව්වා වගේ අදත් කරන්නේ ඒ ටික තමා. රට ණය වෙලා හරි රටේ අනාගතය බලා ඒ අය සංවර්ධනය කරන්න දන්නේ නැහැ. දැන් මේ අයගේ තියරිය තමයි අනුන් කරපුවාට ලකුණු දමා ගන්න එක. කව්රුත් දන්නවා නේ මෙතෙක් කරපුවා. (ස)
මහරගම සති පොල නම් හරිම ගොන් වැඩක්. හොදම ඉඩමක්, ඒ ඉඩමේ උඩට යන තට්ටු බිලිඩිමක් හැදුවා නම් අනාගතයට කෙච්චර පලදායිතාවයක් ලැබෙනවාද ? යටම පොලට දීලා උඩ මොනවා කරන්න බැරිද ආදායමයි සේවාවයි දෙකම. (නදී)