මීළඟ මැතිවරණවලදී පක්ෂ පාට නොබලා උගත් බුද්ධිමත් නියෝජිතයන් ජයග්‍රහණය කරවීමට කටයුතු කිරීම, කාන්තා නියෝජනය වැඩි කිරීම ආදී කරුණු ඔස්සේ රටේ බලපෑම් කළ හැකි සියලු පාර්ශවයන් එකතු කරගනිමින් රජයට බලපෑම් එල්ල කිරීමට ඉදිරියේදී කටයුතු කරනවා.‘ යැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ දිසානායක මහතා පවසයි.
‘මාර්තු 12‘ ව්‍යාපාරය සමග අත්වැල් බැඳගෙන නව මැතිවරණ ක්‍රමයක් ගොඩනගන්නට නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැංවීමට එක්වන ලෙස මේ රටේ සියලු ජනතාවට ආරාධනා කරනවා‘ යැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ දිසානායක මහතා කොළඹ කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතන ශ්‍රවණාගාරයේ අද (25) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පැෆරල් සංවිධානයේ කාන්තාවෝ කීදෙනෙක් වැඩ කරනවද? (නි)
පාර්ලිමේන්තුව හොඳවීමයි කාන්තා නියෝජනය වැඩිවීම අතරයි සම්බන්ධයක් තියෙනවද? දැන් ඔය කෝටියක් ප්‍රශ්නවලට හේතුව කාන්තා නියෝජනය අඩුවීමද? ඒ හින්ද ගැහැණු පිරිමි බව නොසළකා උගත් බුද්ධිමත අය තෝරා යවන්න කියන එක නම් හරි. (නි)
රෝකිගේ කතාව මමත් අනුමත කරනවා. කාන්තාවෝ වැඩියෙන් ඉන්න රාජ්‍ය සේවයෙන් රටට ලැබෙනවද කාර්යක්ෂම සේවයක්? ඒ වගේම පාසල් වල ගුරුවරියන්ගෙන් කීදෙනෙක්ද තමන්ගේ සේවය හරියට කරන්නේ? වැඩිපුර කරන්නේ තමන්ගේ ගෙදර වැඩක් පාසලට ගෙනල්ලා කරන එක. ඒ නිසා ඡන්දදායකයෝ කළයුත්තේ උගත් බුද්ධිමත් වැඩක් කරන කෙනෙකුට ඡන්දය දෙන එක, පාට පක්ෂ නොබලා (නි)
කාන්ත නියෝජනය අනුමත කරනවා. ඒ වුණාට සාරියක් ඇඳගෙන කට විතරක් වැඩ කරනවා නම් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ වැඩ කරන්න තවත් පරිවාර කාන්තාවන් අවශ්‍ය වෙනවා. (නි)
හොඳයි. ඒකත් කොරල බලන්නකෝ. රාජ්‍ය සේවයට වෙච්ච් සන්තැසිය අපි නොදන්නවය? (බ)