IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


කාන්තා දිනය දා උපන්දින මත් සාදයට සරසවි සිසු - සිසුවියන් 17ක් ඇවිල්ලා

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

සරසවි සිසුවෙකුගේ උපන්දින සාදයක් සඳහා මුහුණු පොත හරහා ආරාධනා ලැබ පැමිණි සරසවි සිසුවියන් පස් දෙනෙකු ඇතුළු විසි හත් දෙනකු මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී  කාන්තා සැමරුම් දිනය පැවති ඊයේ (08) රාත්‍රීයේ කහතුඩුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර පෞද්ගලික සරසවියක අධ්‍යාපනය ලබන සිසුවියන් පස් දෙනෙකු , සිසුන් 12 දෙනෙකු ඇතුළු විසි හත්දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අය අතර වෛශ්‍යාව තිදෙනෙකුද  වන අතර සාදය සඳහා මත්ද්‍රව්‍ය රැගෙන විත් ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ මිතුරන් හතර දෙනකු විසින් කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකින් බවද අනාවරනය වී ඇත.

දියතලාව ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික සරසවියක අධ්‍යාපනය සඳහා හෝමාගම උඩුවන මහල් නිවාස සංකීර්ණයකට පැමිණ රුපියල් 45000 කුලියට ලබාගත් නිවසක මෙම සාදය පවත්වා ඇත්තේ ඔහුගේ විසි දෙවන උපන්දිනය වෙනුවෙනි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් විස්සක් , වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක්, මත්පෙති තුනක්, හා ජංගම දුරකථන තුනක් පොලිස් භාරයට ගෙන තිබේ

කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර මහතාට ලද තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (13)

කාන්තා දිනය දා උපන්දින මත් සාදයට සරසවි සිසු - සිසුවියන් 17ක් ඇවිල්ලා

රංබොඩ Saturday, 09 March 2024 12:22 PM

කාන්තා දිනය නෙවෙයි, මව්වරුන්ගේ දිනය කිව්වත් මෙවැනි කාලකන්නි කොටසක් ඉන්නවා දුරාචාරයෙන් සතුටවන. ඉතින් මෙවැනි පංච උපාදානස්කන්ධ වලින් රටකට වැඩක් වෙයිද?

:       15       88

sena Saturday, 09 March 2024 01:27 PM

අනේ මන්දා රටට මොනවද වෙන්නේ කියලා. පහුගිය දවස්වල කුඩු අල්ලන්න ලොකූ මෙහෙයුමක් කරා නේද? මට නම් පේන්නේ කිසිම වැඩක් වෙලා නැහැ වගේ...!

:       20       54

Don Pablo Escobar Saturday, 09 March 2024 02:08 PM

හෙනම ගහන්න ඕනේ පොලිසියට...!

:       30       40

ප්‍රසන්න Sunday, 10 March 2024 02:05 AM

ලොකු වැඩක් කරලා වගේ පොලිසිය.. මිලිග්රෑම්ලු ඇල්ලුවේ... පොඩිඅය ටිකක් අල්ලාගෙන...

:       0       0

MDD Saturday, 09 March 2024 09:16 PM

මාර වැඩක් දීලා... අයියෝ...!

:       0       0

pakeer Saturday, 09 March 2024 09:36 PM

ඉතින් අපට මොකද? කොහොමත් අපි දන්නවා සරසවි ගියා කියලා මිනිස්සුන්ගේ මොරාල් ප්‍රින්සිපල්ලා හදන්නේ නෑ. ඔවුන් නිකන් රොබෝලා ටිකක් විතරයි.

:       0       0

Vithana Sunday, 10 March 2024 04:18 AM

ආපු අය දිහා බැලුවාම කාන්තා සමුළුවක් තියලා වගෙයි...

:       0       0

ගංගානාත් Sunday, 10 March 2024 08:20 AM

අධ්‍යාපනයේ ඉහළටම ඉගෙනගන්න ළමයි කරන දේවල්. මොනවාද මේ ලංකාවේ ළමයින්ට උගන්වන්නේ...? අධ්‍යාපනයේ ලොකු වෙනසක් අවශ්‍යයි. ඒකට හොඳ අධ්‍යාපනයක් ඇති කෙනෙක් අවශ්‍යයි... අර යුක්තිය මෙහෙයුමට මේ අය ගෙනාපු මත්ද්‍රව්‍ය අහුවෙලා නැද්ද...? පව් දෙමව්පියෝ මේ ළමයින්ගේ...!

:       0       0

Deepal Nirosh Sunday, 10 March 2024 09:39 AM

අනේ හැබෑට මේ යුක්තියට මොකද වුණේ? තනතුර ස්ථිර වුණාට පස්සේ නැවතුණාද? නැත්නම් ඒ කොන්දේසියට අනුව තනතුර ස්ථිර කළාවත්ද?

:       0       0

අබිලින් Sunday, 10 March 2024 11:10 AM

අම්මෝ ඉතින් හම්බවෙලා තියන මහලොකු ප්‍රමාණය බලන්නකෝ? මේ දවස්වල ඔය ලොකු ලොකු ඉස්කෝලවල බිග් මැච් වෙලාවක පැන්නා නම් ඔය වගේ කී ගුණයක් ඔය කියන ජාති හොයා ගන්න තිබ්බාද?

:       0       0

Nuwan Sunday, 10 March 2024 11:22 AM

තමන්ගෙ සල්ලිවලින් කාටවත් කරදරයක් නොවී කාලා බීලා සතුටුවෙන එක නීති විරෝධී දෙයක් වෙන්නේ මොන නීතියෙන්ද?

:       0       0

Moratuve api Monday, 11 March 2024 12:46 AM

මෙම අය පුද්ගලික අධ්‍යාපන ආයතනයක් වන අතර රජයේ විශ්ව විද්‍යාල සිසුන් නොවේ උසස් පෙළ ඉහළින්ම සමත් සිසුන් පේරාදෙණිය, මොරටුව, කොළඹ, යාපනය, සබරගමුව, නැගෙනහිර, රුහුණ, සිටින අතර ඔවුන්ට මෙවැනි සාද දැමීමට කාලයක් නොමැත... ඔවුන් අමතර වශයෙන් කරන්නේ සමාජ අසාධාරණයට එරෙහිවීම පමණි.

:       2       0

සුජීව Monday, 11 March 2024 11:29 PM

දැන් ඉතිං මේ ඔබලාගේ බජියාලාට වෙච්චි අසාධාරණය වෙනුවෙන් පෙනී සිටිනවාද? ඔබලාට මේකට ආරාධනා ලැබුනේ නැතෙයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්ෂයේ තවත් හතකට බාර් තෑගි
2024 අප්‍රේල් මස 30 388 0

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර( බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.


බදු නොගෙවූ අරක්කු සමගමේ ලොක්කෙක්ට කෝටි 135ක ඇපයක්
2024 අප්‍රේල් මස 29 303 0

කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ ඝනකාධිකාරීවරයා රුපියල් කෝටි 135 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළං


කහව සිට තෙල්වත්ත දක්වා මාර්ගයේ පරිස්සම් වෙන්න
2024 අප්‍රේල් මස 29 258 0

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව මංසන්ධියේ සිට තෙල්වත්ත දක්වා කොටසේ මුහුදු රළ ගොඩගැලීමෙන් මාර්ගයේ වැලි තිබීම හේතුවෙන් අනතුරු සිදුවිය හැකි බැවින් යතුර


තනිව සිටි නීතිවේදනිය මරා දමලා
2024 අප්‍රේල් මස 29 494 0

නිවසක තනිව විසූ අවිවාහක වයෝවෘද්ධ නීතිඥවරියක නිවසේ ඇඳ මත අභිරහස් ලෙස ඝාතනය කර දේපළ කොල්ලකා ඇතැයි කොහුවල පොලිසිය කියයි.


ආර්ථිකය ගොඩගන්න කෘෂිකර්මයේ උදව් ගන්නවා
2024 අප්‍රේල් මස 29 116 0

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


කළුතර මුහුද ගොඩගලයි
2024 අප්‍රේල් මස 29 805 1

කළුතර උතුර ප්‍රදේශයෙන් අද (29) පස්වරුවේ මුහුද ගොඩ ගැලීම නිසා කළුතර උතුර සමාන්තර පාර තාවකාලිකව වසා දමන ලදී.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 390 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1787 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1618 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site