IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කාන්තා දිනේ ග්‍රාමාරක්ෂක පුතා ලොකු පිංකමක් කර ගනී

සිවිල් ආරක්ෂක බළකායේ  සෙබළකු බව කියන  බාල පුතා විසින්  කිහිප වරක්ම නිවසින් පන්නා දැමුණු  හැටතුන් හැවිරිදි මව  ජාත්‍යන්තර කාන්තා දිනය වන ඊයේත් (08)  පිහිට පතා තිස්සමහාරාම යෝධ කණ්ඩියේ බෝධි මහා විහාරයට පැමිණියාය.

මගේ බාල පුතා   සිවිල් ආරක්ෂකයෙක් එයා ඉන්නේ තිස්සමහාරාම පොලිසියේ. මගේ පැමිණිල්ල බාර නොගන්නේ ඒ නිසා වෙන්න ඇති.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුයේ මේ ගැන තිස්සමහාරාම පොලිසියෙන් අසා සුදුසු පියවර ගන්නා බවයි.

කළුහැන්නදිගේ සිලිනෝනා නම් වු එම මාතාව මීට පෙරද පන්සලට පැමිණ සිය දුක් ගැනවිලි කියා ඇත.ඒ හැම වාරයකම දෙපාර්ශවයම කැඳවා  සාමදාන කිරීමට විහාරාධිපති වෙහෙරගල ඉන්ද්‍රසාර හිමියෝ වෙහෙසුණාය.එම මව හෙලු කඳුළු පවසනුයේ තමන් සතු අක්කරයක පමණ ඉඩමට තමාගේ නමින් බලපත්‍රයක් ඇති බවද ඇය කියන්නීය.

ඇය තිදරු මවකි.

එහි පුංචි ගෙයක් ඉදිකර ගත් බවත් එයට බොහෝ දෙනා ආධාර කළ බවත් ඇය කියන්නීය.

‘මගේ බාල පුතාත් ලේලිත්   ඒ ඉඩම අයිති කරගන්න හදනවා.ඒ දෙන්නා මා එළියට දැම්මා යන්න තැනක් නැති හින්දා පන්සලට ආවා.මාසයකට ඉහතදීත් මා ගෙදරින් එළියට දැම්මා.ඉන්පසු යාල කැලේ අසල හේනකට ගියා.රත්‍රියේ  වාඩිය අසල පළු ගසකට නඟිනවා.මගේ පුතා එතැනටත් ඇවිත් බැන්නා.මරා ‘ලැට් වලට‘ දමන බව කීවා.ඒ බව තිස්සමහාරාම පොලීසියේ පැමිණිල්ලක් දැම්මා.වැඩක් වුණේ නෑ.එක පාරක් පොලීසිය මගේ පැමිණිල්ල ලියා ගත්තේත් නෑ.

‘ගෑනියේ දරුවට ගේ දීලා මහළු මඩමකට පලයන්‘ යැයි මට කීවා.මැරෙනතුරු මාගේ  පැලේ ඉන්නයි මට ඕනෑ.‘

තම දරුවන් කුඩා කාලයේදී සැමියා මිය ගිය බව ඇය කියන්නිය.ඉන්පසු ජීවත්  වුයේත් දරුවන් පෝෂණය කළේත් ගස් යට වැටෙන දිවුල්  වැනි දේ අහුලා පන්සලට එන වන්දනාකරුවන්ට විකිණිමෙනි. නැති බැරි කම කියා  බොහෝ දෙනාගෙන් මුදල් ඉල්ලා ගත් බවද ඇය කියන්නීය.

දරු තුන් දෙනා සමඟ එකපාරක් කතරගම   වන්දනාකරුවන්ගෙන් හිගා කෑ බව  ඇය කීවාය. කුලී වැඩත් කළා. ලොකු පුතාටත් හරි හමන් රස්සාවක් නෑ. කුලී වැඩක් කරනවා. දුවත් රත්නපුරේ පැත්තේ.

දින කිහිපයකට පෙර තම පුතා  පහරදී තමා ගෙදරින් එළියට දැමු බවත් පසුව ඇය පන්සලට පැමිණි බවත් ඇය හඩා වැටෙමින් කීවාය.

ඉඩමේ බලපත්‍රයද තවත්  ලියවිලි කිහිපයක්ද ඇගේ රෙදි පොට්ටනියේ තිබිණි.

SANY8616

 

 



අදහස් (0)

කාන්තා දිනේ ග්‍රාමාරක්ෂක පුතා ලොකු පිංකමක් කර ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site