( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දු ඉටු කරමින් යුද්ධයේ දී පීඩාවට පත්වුවන් වෙනුවෙන් වගවීමේ ක්‍රියාවලිය අර්ථවත්ව ක්‍රියාවට නැංවිය යුතු බව කැනේඩියානු අග්‍රාමාත්‍ය ජෙස්ටින් ටෘඩෝ මහතා ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාවේ 30 වසරක් පුරා පැවති යුද්ධය අවසන් කර එහි 10 වන සැමරුම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.
මෙහිදී කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ වසර 30කට ආසන්න කාලයක් පැවති යුද්ධයෙන් දහස් ගණනක් ජනතාව මියගිය අතර තවත් දහස් ගණනක් ජනතාව තුවාල ලබා ඇති බවයි.
පසුගිය දශකය පුරාවටම තමන් යුද්ධයෙන් පීඩාවට පත් බොහෝ දෙමළ කැනේඩියානුවන් මුණ ගැසී ඇති බව සඳහන් කරන කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ඔවුන් දිගුකාලීන සාමය සහ සංහිදියාව අපේක්ෂා කරන බව ප්‍රකාශ කර තිබේ.
මෙහිදී ඔහු කැනඩා රජය වෙනුවෙන් ද්‍රවිඩ ජාතිකයින්ට සිය කණගාටුවද ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේද කියන්නේ, ඔහේලට ඔච්චරම කැක්කුම දෙමළ මිනිසුන්ගේ ඡන්දෙත් ඔය රටේ ලැබෙනවනේ. අවුරුදු 30ක්ම රට කාබාසිනියා කලේ සිංහල මිනිසුන්ද? ඔහෙලට ඔච්චරම කැක්කුම ඇත්නම් ඔය රටේම ප්‍රාන්තයක් දුන්නා නම් අහවරයිනේ...
මී හරක්ව රවටාගෙන වැඩ ගන්න ලේසියි... !!
ඒ හමුවෙන අය කියන්නැද්ද? එයාලට එපා වූ හමුදාව අාපහු ආරක්ෂාවට ඉල්ලනවා කියලා එහෙම...
ජාතිවාදියෙක්ද?...!
කැනේඩියානු ලිබරල්වාදීන් මොන අවංක බලාපොරොත්තු තබාගෙනද මේ මිනිහව අගමැතිකමට ගෙනාවේ? ජනතාව හිතුවේ මොහු තවත් පියරේ කෙනෙක් කියා. නමුත් දැක්කා නේද මේ මිනිහා කොම්පැනි එක්ක ඩීල් දාලා මාස ගාණක් තිස්සේ කරන්නේ කැනඩාව පාලනය කරන එක නොවේ. ළඟදී පවත්වන මහා මැතිවරණයෙන් සුළු ඡන්ද වලින් ආයිමත් බලයට එන්නයි. මිනිහා තමයි - ලංකාවේ 2015 ජනවාරි 08 අපේ ගොයියන් අපිව රැවට්ටුවා වගේ...
ඡන්දය ලඟයි. මොහු මෙවර පරදියි.
අවුරුදු ගාණක් පොල්ගාපු අගමැතිගේ කාලේ ඔව්වා කියන්න මතක් වුනේ නැහැ. මිනිහට කෙළවෙන්න එනකොට තමයි මෙව්වා මතක් වෙන්නේ... මොනතරම් තල්ලුව දුන්නත් කොටළුවන් අස්සරේස් වලින් දිනපු රටක් තියෙනවද..?
මෙයාගේ ලිබරල්කම තේරෙයි... ISIS උන් කැනඩාවට කෙළවෙන්න ගැහුවම...
මේ මනුස්සයට තියෙන එකම හයිය එයාගේ තාත්තගේ නම විතරයි. හරියට අපේ රටේ බණ්ඩාරනායකලා, සේනානායකලා වගේ. මුළු කැනඩාවේම ලාංකික දෙමළ සම්භවයක් ඇති අය ඉන්නේ 150,000ක් පමණ වන අතර, එය මිලියන 37කට වැඩි මුළු ජනගහනයෙන් ඉතා කුඩා ප්‍රතිශතයක්... එවැනි සුළුජන කොට්ඨාශයකට මැතිවරණවලදී කළහැකි බලපෑම ඉතා අල්පයි.
ඔහෙට ඊළඟ ඉලෙක්ෂන් එකේදී දුවන්න වදිනවා කියලා ආරංචී.
ඔය දිගුකාලීන සාමය ද්‍රවිඩ ජනයාට වඩා අනෙකුත් ජාතීන් යුද්ධය පවතින වකවානුවේ අයැද සිටියා නමුත් බෙදුම්වාදීන් හා ඔවුන්ට හිතවත් කම පාපු වුන් එයට හරස් වුනා . මට මතකයි බෙදුම්වාදීන් බලවත් වී සිටි අවස්තාවේදී එක්තරා සාම සාකච්චා මේසයේදී අතර මග බෙදුම්වාදීන් අනෙක් පාර්ශවයට තර්ජනය කරමින් නැගිට ගිය අකාරය ඔවුන් යන අවස්ථාවේදීත් නිමල් සිරිපාල ඔවුන්ට අතට අත දීමට ගිය විට බෙදුම්වාදීන් එයට පිළිකෙව් කරමින් හැසිරුණු අකාරය . මම අහන්නේ ඔවුන් දිගු කාලීන සාමය බලාපොරොත්තු වුනානම් මේවාට විරුද්ධව එදා ඔවුන් එලියට නාවේ ඇයි? කැනේඩියානු අගමැතිලා එදා එලියට නාවේ ඇයි ?කව්රුන් ළඟ හරි තිබෙනවානම් එදා කොටුවේ දුම්රියපොළේ තරුණ බේස්බෝල් ක්‍රීඩකයන් බෙදුම්වාදීන්ගේ බෝම්බයට බිලිවී ඔවුන්ගේ පව්ලේ පිරිස් තබපු අන්දොනාවේ වීඩියෝ එක කැනේඩියානු අගමැතිට යවන්න හැකිනම් සුදුහුණු ගාන එම බෙදුම්වාදීන්ට ඔහු සාපකරනු ඇත.
මේ වෙලාවේ රට බේරා ගන්න පුළුවන් නායකයෝ සුළු දෙනයි ඉන්නේ. ගෝඨාභය, සරත් ෆොන්සේකා , පාටලී, සජිත්
ගාමිණි, ඔයාගේ මොලේ අවුල්ද ?
සජිත්? මොනවා බේරා ගන්නද? කබලෙන් ලිපට වැටෙන්න වගේ....
පාඨලී? මොන පාටද? එයා ඉගිලෙන කාලේ අපි එයාගේ පාට දැක්කා...
දිගු කාලීන සාමයට අත දුන්නා නම් තාම ප්රභාකරන් ජීවතුන් අතර...
රවීද්‍ර ඔබ හරි දෙමළ කැනේඩියානුවන් පමණක් මුණ ගැසී ඔවුන්ට පක්ෂපාති ලෙස හැසිරෙනවාද නැද්ද යන්න කිනම් බුද්ධි මට්ටමක කෙනෙකුට වුවද තේරුම් ගැනීමට එතරම් අපහසු නොවන්නේය.