
(තිස්ස කොටින්කඩුව)
හොද වැටුපක් ලබා ගත හැකි කැනඩාවේ රැකියා ලබා දෙන පවසා නොයෙක් ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් 14 දෙනකු රවටා රුපියල් කෝටි 06 ක ක මුදලක් වංචා සහගත ලෙස ලබාගත් කාන්තාවක වත්තල සුපිරි නිවෙසකදී සැකපිට අත් අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.
ළමා වියේ සිටම ජත්‍යන්තර පාසැලක අධ්‍යාපනය ලබා ඇති 37 හැවිරදි සැකකාරිය සුපිරි ජීවිතයක් ගත කරමින් මෙම කුට ජාවාරමේ යෙදී ඇති බවත් කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා කුරුනෑගල,පොතුහැර,කොටහේන,මීගමුව සහ වත්තල ප්‍රදේශයන්හි කාන්තාවන් දෙදෙනකු ඇතුලු පුද්ගලයන් 14 දෙනකු ගෙන් කොටස් වශයෙන් රුපියල් ලක්ෂ 20 - 75 අතර මුදල් ප්‍රමාණයක් ලබා ගෙන ඇති බව විමර්ශන කටයුතුවලදී හෙලිවු බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන නිලධාරි කාර්යාලය සදහන් කරයි.
කැනඩාවේ රැකියා බලා පොරෙත්තුවෙන් ඇගේ බොරු පොරොන්දුවලට රැවටී ඇයට මුදල් ලබාදුන් කීපදෙනකු තමන් කරමින් සිටි රැකියාවලින්ද අයින් වී ඇති බව මෙහිදී වී හෙලිව ඇත.
සේවාදායකයින්ගේ විශ්වාසය දිනා ගැනීම සදහා ඇය විසින් කුට ලිප ලේඛනද සකස් කොට ඔවුන්ට ඉදිරිපත් කර ඇති අතර ඒවා අතර තානාපති කාර්යාලයෙන් නිකුත් කරණ ලේඛන මෙන්ම කැනඩාවේ ප්‍රසිද්ධ ආයතනවලින් ලැබුන බවට සදහන් ව්‍යාජ ලේඛනද අඩංගු බවද මෙහිදී හෙලිව ඇත.
සැකකාරිය වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැනඩා සිහිනයක් පෙන්නා කෝටි හයක් ගරලා