කැනඩාවේ ඔන්ටේරියෝ නුවර මැක්මාස්ටර් විශ්ව විද්‍යාලය වාර්ෂිකව සංවිධානය කරන පුණ්‍යාධාර වැඩසටහන යටතේ එහි සිසුන් පිරිසක් අනුරාධපුර විහාරපාළුගම බුලත්කුලම විදුහලට නෑගම් ආහ.
දුෂ්කර පාසල් දරු දැරියන් එකසිය හැට එක් දෙනකුට රුපියල් එක් ලක්ෂ පනස් දහසක් වටිනා පාසල් හා ක්‍රීඩා උපකරණ ප්‍රදානය කළහ.
විදෙස් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පාසල් සංගමයේ සභාපති ඉසිරි හේරත් මීට මුල් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආනන්ද, රෝයි, සුරම්‍යා, මේ ළමයි මේ රටින් පිට හිටියත් උපන් රටට සැබවින්ම ආදරය කරන රටක් වටිනා දරුවන් පිරිසක්. (නි)
ලොකු පුණ්‍යකර්මයක් (නි)
බොහොම ස්තූතියි! (නි)
අපේකම නෑකම වටිනාකම ලාකීයකම ! සැම දිනේවා!.(දිල්)
ඔය පොඩි ළමයිව දම්මලා වන්දවන වැඩේ නවත්තන්න (දී)
හොදයි බොහොම හොද ක්‍රියාවක්වක් (දී)
1572 ක් බැලුවත් මෙවගේ වටිනා වැඩකට අදහස් නැහැ,නලගනට බබා හම්භ උනාම ? (දී)
රුපවතී නැන්දා වෙතට. උසස් කෙනෙකුට ගරු කරන එක අපේ සිරිත. වදින්න තරම් වටිනාකමක් තියන නිසා අපි වදිනවා සහ ගරු කරනවා. ඔබත් මේ විදිහිට හැදුනොත් අපි වදිනවා ඔබටත්. මේක අපේ ලාංකීය කම, අපිට මේක උසස්, අනිත් අය ගැන නම් දන්නේ නැහැ. ස්තුති වේවා. . (දී)
ඔයාල කරපු දෙය ඉතාමත් හොදයි.මට බනින්න එපා මුකුත් නොකර කරන කට්ටියව විවේචනය කරනවා කියල. නමුත් කැනඩාවේ සිට ඇවිත් රුපියල් ලක්ෂ එක හමාරක් වටිනා ද්‍රව්‍ය බෙදීම ඵලදායී දෙයක් නොවේ . එක්කෙනෙකුට ඇවිත් යන්න ආධාර දුන්න මුදලට වඩා වියදම් වෙනවා. (දී)
මම ඉතාමත් අගය කරනවා, ලංකාවේ කෙනෙක් හැටියට. (ස)
ආනන්ද කියා තිබෙන දෙය ඇත්ත. එම නිසා අදහස් දමන අය අඩුයි. (නි)
ආනන්ද හරියට හරි. ලංකාවට එන්න යන්න විතරක් ලක්ෂ තුන හතරක් යනවා. (ස)