ශ්රී ලාංකික සම්භවයකින් යුතු කැනේඩියා ජාතික රෝයි සමාදානම් (46) ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන වද හිංසා පැමිණවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට සුදුසු වන්දියක් ලබා දෙන ලෙස මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව ශ්‍රී ලංකාවට නියෝග කර ඇතැයි කැනඩාවේ ‘‘නැෂනල් පෝස්ට්’’ පුවත්පත වාර්තා කරයි.
රෝයි සමාදානම් මීට වසර තුනකට පෙර කළ පැමිණිල්ලේ විභාගය අවසන් කරමින් මෙම කමිටුව එම තීන්දුව ලබා දී ඇති අතර ඔහුට මෙම පැමිණිල්ල මෙහෙයවීම සඳහා ජාත්‍යන්තර නීතිය සඳහා වන කැනේඩියා මධ්‍යස්ථානය සහාය දක්වා ඇත.
ශ්‍රී ලාංකික සරණාගතයෙකු වශයෙන් කැනඩාවේ සිටි මොහු 2007 වසරේදී සිය විවාහය සඳහා ලංකාවට පැමිණි අවස්ථාවේදී මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව වද හිංසාවට පත් වී ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න එහෙම තීන්දු තව තවත් වැඩිවේවා! (නි)
මෙයා කොටියෙක් (බ)
ආත්ම ලාභය සදහා රට විකුණන එවුන් කවුරු වුනත් රටට වැද්ද නොගත යුතුයි. මේ අය රටට අගෞරව කරන්නේ ඒ රටවල ජිවත් වෙන්න නේ. කොහේ ජිවත් වුනත් අපට කමක් නැහැ, එහෙම ගිය අය නැවත අපේ මවුබිමේ පස්පාගන්න එපා.රෝයි සමාදානම්ට ඇවිල්ල සල්ලි ටික අරන් යන්න කියන්න. ආවාම වැදලා සමාව අරගෙන දෙමු ආයේ නොයන්න. (බ)
සමාදානම් සහ එයාලගේ අය සමාදානයෙන් ඉන්නවා නම් කිසි කෙනෙකුට කරදරයක් නැහැනේ (බ)
කීයක් හරි දෙන්න අනේ. සංහිඳියාව වැඩෙන්න. (බ)
බමුණු මලේ කට! කට! කට වරද්දගන්නවා එහෙම නොවෙයි!! (නි)
කොහොමත් අපේ අයගේ ආගන්තුක සත්කාරය ඉස්තරම්නේ! (නි)
විදේශ රටවල සරණාගත විසා වලින් හෝ පුරවැසිබාවය ලැබූ දමිළයන් බහුතරයක් කොටින් හෝ ත්‍රස්තවාදීන් නොවේ. ඔවුන් ආර්ථික සරණාගතයන්. දමිළයන් මෙන්ම සිංහලයන් බහුතරක්ද මෙසේ සරණාගත විසා හෝ විදේශ රටවල පුරවැසිබාවය ලබා තියෙනවා. ඔවුන් සියල්ල ආර්ථික වාසි සඳහා සරණාගත විසා හෝ පුරවැසිබාවය ගත් අයයි (නි)
කැනඩාවටත් මුල්‍ය අහේනියක් තියෙනවා වගේ. මානව හිමිකම් කියලා රට වනසන අයට උදවු කරලා, ඒ ඒ රටවලට වෙන හානිය ගැනවත් නොහිතා, ඒ රටවල් වලටම දඩ ගහනවා. මේකට මොකක් හරි පිළියමක් තියෙන්න ඕනෑ. පොඩ්ඩ පොඩ්ඩ තුවාලයක් හොඳ කරනවා වගේ ඔය විෂබීජ නැතිකර දෙන මෙන් ඉල්ලා සිටිමි. භාෂා දෙකක ජාතික ගීයක් තියෙන එක නම් ඇත්තටම කණගාටුයි. (නි)