කැනඩාවේ ආගමන නීති වෙනස් කිරීමට එරට රජය පියවර ගැනීමත් සමග එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් 1,40,000 ක් පමණ එරට පුරවැසි භාවය අහිමිවීමේ අවදානමට පත්ව ඇතැයි වාර්තාවේ.
දෙමළ සන්ධාන මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා මේ සම්බන්ධයෙන් පැවසූවේ විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් නොසලකමින් මෙම නීති සකස් කර ඇති බවත් ඔවුන්ගේ කැනඩා පුරවැසි භාවය අහිමිවීමේ අවදානමක් පැන නැගී ඇති බවත්ය.
විශේෂයෙන්ම කැනඩාවේ පුරවැසි භාවය බලාපොරොත්තුවෙන් සිටින ලාංකික දෙමළ ජනතාවට මෙය විශාල ගැටළුවක් වන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න, බටහිර රටවල් ගැන තව මොනවද.කොටියන්ට පක්ෂව කතාකරන ගමන්ම බෙල්ලත් කපනවා. (නි)
මෙහෙ ආවත් ආයෙත් බාගයක් ඉල්ලයිද?(නදී)
මෙයාලගේ ගොඩක් අය එහෙනේ ඉන්නේ. (ස)
අලුත් නිතිය යටතේ කැනඩාවේ පදිංචි වෙලා ඉන්න ගමන් වෙනත් රටවලට ගිහින් ත්‍රස්ත දේසපාලනය කරමින් කල්ගතකරපු කට්ටිය අමාරුවේ. අඩුම තරමින් වසර 4ක් ඇතුලත අවුරුද්දකට දින 183ක් වත් කැනඩාවේ ඉන්න අවශ්‍යයි. විශේෂම වෙනස් කම් නම් අලුත් නිතිය යටතේ කැනඩාවේ හෝ වෙනත් රටක සාපරාදී වරදකට වරදකරුවෙක් උනොත් කැනඩාවේ පුරවැසිකම අහිමි වෙනවා. ඒ වගේම ද්විත්ව පුරවැසිකම ලබා ගෙන කිසියම් ත්‍රස්ත සංවිධානයකට බැඳුනොත් හෝ ඔත්තු බැලීමක යෙදුනොත් හෝ ත්‍රස්ත ක්‍රියා වලට අනුබල දුන්නොත් පුරවැසිකම අහිමි වෙනවා. මේ අලුත් නීති දැක්කහම සමහර ලෝගු දාගත්ත කොටින්ට නම් උන ගැනෙනවා තමයි. (ර)
ලංකාවේ කට්ටිය නම් ඉතින් ලංකාවට ආවා නම් ඉවරනේ. (නි)
දැන් සියලුම රටවල් නීති තද කරනවා. ත්‍රස්තවාදයට උදව් කළ රටවලට එයින්ම ප්‍රතිවිපාක ලැබීම ගැන නම් සතුටුයි. මේ සමහර සංක්‍රමණිකයන් කළේ දියුණු රටවල නිදහස, සම්පත්, රැකවරණය පාවිච්චි කරලා අනෙක් රටවල යුද්ධයට සහයෝගය දෙන එක. (නි)
ඉතාමත් හොද නීතියක්. කැනඩා අගමැති ශ්‍රී ලංකා විරෝධියෙක් එහෙට පැන ගත්ත ද්‍රවිඩ ජතිකයනේ කතා අහල. දැන් එකේ අනිත් පැත්ත. දැන් ඉතින් ලංකාවේ නීතියක් පනවා ගත්තොත් හොදයි ඒ වගේම ලංකාවෙන් පැනල ගිහින් රට පවා දීපු අයට ආපසු ලංකාවට බර ගන්නේ නැති විදියට. (ම)
එතකොට ඇමෙරිකාවේ පුරවැසි අපේ රට කාපු ඇත්තන්ට මොකද කරන්නේ ? (හේ)
කැනඩාවට දැන් තමා මොළය ඇවිල්ලා තියෙන්නේ! (නි)
පළමුව පමාවී දෙවනුව නොපමාවීම (නි)
හෙට අනිද්දාට ඕස්ට්‍රේලියාවෙත් බෙල්ලෙන්ම අල්ලා නීති ටික තද කරාවි. අපිට කනින් කොනින් කසුකුසුවක් ආරංචියි ඕස්ට්‍රේලියානුවන්ට ද්විත්ව පුරවැසි බව ගැනීමේ නීති තද කරන්න යනවා කියලා. (නදී)
මේ රටවලින් යන සරණාගතයන් ගේ ප්‍රශ්නය එම රටවල් වලටත් වදයක් වෙලා තිබුනේ , එම රටවල කොටින්ට මෙපමණ සහනයක් හෝ ලැබුනේ , පසුගිය ආණ්ඩුවේ හිටපු විහිලුවන්සල වැනි අැමැතිවරු තමන්ගේ මනාප ගොඩ වැඩි කරගනු පිණිස එම රටවලට ඉවක් බවක් නැතිව බැනීම. , දැන් එහෙම ප්‍රශ්නයක් නොමැති නිසා , ලංකාව ගැන නම්‍යශීලි ප්‍රති පතියක් අනුගමනය කිරීමට ඔවුන් පෙළබි ඇත , මෙම තත්වය දේශපාලන රැකවරණ අරන් ත්‍රස්තවාදය පෝෂණය කරන පුද්ගලයන්ට ඉදිරියේදී දරුණු විය හැක (බ)
දැන් ඉතින් මොනවා කරන්නද? (නි)
දැන් ඉතින් බුරුතු පිටින් අපි ලංකාවට හරි ආදරෙයි කියමින් පුරවැසිකම් ඉල්ලයි. දේශපලුවන්ටත් කල්ල මරේ! (නි)
දැන් මොනවා කරන්නද? එන්න ලංකාවට. ඇවිල්ලා ප්‍රශ්න ඇතිනොකර ඔය රටේ ජිවත්වුණා වගේ සමගියෙන් ජීවත්වන්නට සිතාගන්න.(නි)
මේවා කාට කාටත් හොඳ පාඩම් (නි)
දැන් එහෙත් නැහැ මෙහෙත් නැහැ (නි)
අලුත් නිතිය බලපාන්නේ සාපරාධි කටයුතු කරන පුද්ගලයන්ට. නීති ගරුක පුද්ගලයන්ට මේ නීතියෙන් කිසිම වරදක් වෙන්නේ නැහැ. හොර වැඩ කරන පුද්ගලයන්ට දෙවියන්ගේම පිහිටයි. (ම)
නලින් කියන කතාව ඇත්ත. තාම ඇමරිකාව ඔය නිතිය ගෙනත් නැහැ හැබැයි ගෙනාපු දවසට අපේ දේශපාලනය කරන ගොඩක් අය අමාරුවේ. දැන් ඔස්ට්‍රේලියාවත් නීති තද කරනවා. (ර)
මෙම රටවල දේශපාලකයන්ට සහ රජයේ අනාථයන් සම්බන්ධව ක්‍රියාත්මක වන නිලධාරීන්ට මිත්‍රශීලීව කතාකොට ඔවුන්ට ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කර ලංකාවේ ජනතාවගේ එදිනෙදා ජීවිතය ඔවුන්ට පෙන්විය යුතුය. ලංකාවේ ජීවත්වුණ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකිකයන් වන ලක්ෂ්මන් කදිරගාමර් වැනි ද්‍රවිඩ දේශපාලකයන් ගැන සහ ලෝකප්‍රසිද්ධ ක්‍රීඩකයන් වන මුරලිදරන් වැනි ක්‍රීඩකයන් ගැන ඔවුන්ට පහදා දියයුතුය. ලංකාවේ ව්‍යාපාරික කටයුතු වල යෙදෙන කෝටිපති ද්‍රවිඩ ව්‍යාපාරිකයන් ඔවුන්ට මුණගස්වා ඔවුන්ගේ ව්‍යාපාර පෙන්විය යුතුය. ඉන්පසු ඔවුන් තමන්ගේ රටවලට ගොස් ව්‍යාජ දේශපාලනික සරණාගතයන්ට සහ ත්‍රස්තවාදීන්ට විරුද්ධව කටයුතු කරනවා නියතය (නි)
ලංකාවේදී කරදර වෙනවා කියලා පිටරට පනින හැමෝම වගේ කිට්ටුව තියෙන ඉන්දියාව (තමිල්නාඩුව)ට නොගොස් කැනඩාව, ඕස්ට්‍රේලියාව වගේ දුර රටවලටම යන්නේ ඇයි? (නි)
අයියෝ සේන ලංකාවට ඇවිත්...? (ර)
එහෙ ඉඳන් රට පාවා දීපු අයට දිට්ට ධම්ම වේදනීය කර්මය පලදීල ඇතුලට එනකොට කට්ටිය ගැන සැලකිල්ලෙන් හිටියොත් හොඳයි. (ර)
එහෙත් ඉල්ලීම් ඉල්ලලා සටන් කරන්න වේයිද ? (ර)