
(විමුක්ති එස් රුද්‍රිගු)
මීට වසර 14 කට පෙර ශ්‍රී ලංකාවේ සිදු වූ වෙල්ලමුල්ලිවයික්කාල් සමූල ඝාතනය ඇතුළු පැවති සන්නද්ධ ගැටුම්වලදී දහස් සංඛ්‍යාත දමිළ ජනතාවකට ජීවිත අහිමි වූ බවත් තවත් විශාල පිරිසක් අතුරුදන් වී, තුවාල ලබා හෝ අවතැන් වී ඇති බවත් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසා තිබේ.
කැනඩාවේ දමිළ ජනසංහාර අනුස්මරණ දිනය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මේ බව ප්‍රකාශ කර ඇත.
කැනඩාව ඊයේ(18) දෙමළ ජනසංහාර අනුස්මරණ දිනය සමරන ලදි.
මීට වසර 14 කට පෙර ශ්‍රී ලංකාවේ පැවති සන්නද්ධ ගැටුම් වලදී අහිමි වූ ජීවිත පිළිබඳ සිහිපත් කරන බවත් තේරුමක් නොමැති ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් වේදනාවෙන් සිටින වින්දිතයනගේ සහ දිවි ගලවාගත් පුද්ගලයන්ගේ සමීපමතයන් සමඟ කැනඩා රජය සෑම අවස්ථාවකම සිටින බවත් ටෲඩෝ මහතා පවසා ඇත.
කැනඩාව ශ්‍රී ලංකාවේ ඇති වූ සන්නද්ධ ගැටුමේ වින්දිතයන් සහ දිවි ගලවා ගත් අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම අඛණ්ඩව දුෂ්කරතාවන්ට මුහුණ දෙන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම නතර නොකරන බව අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මහතා ප්‍රකාශ කර තිබේ.
එසේම මෙම වසරේ ජනවාරි මස ශ්‍රී ලංකාවේ සිදු කළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් රජයේ නිලධාරීන් සිව් දෙනකුට සම්බාධක පැනවූ බවද ටෲඩෝ මහතා පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමළ ඡන්ද ගන්න ඕනෑම තුප්පහි වැඩක් කරයි. අනුන්ගේ රටවල වෙච්චි ඒවාට දින දාන්න කලින් කැනඩාවේ ආදි වාසීන්ගේ මානව හිමිකම් කඩකිරීම්, ඒ මිනිසුන්ව සමූල ඝාතනය කිරීම් ගැන සමාව අරන් ඒකට දිනයක් දෙන්න..
අනෙක් රටවල් වලින් හිඟා කාලා ජීවත්වෙන ගමන් ඒ රටවල්වලට විරුද්ධ වෙන්න අමාරුයි නේද?
ටෲඩෝ ඔබ දෙමල්ලු කරේ තියාගෙන නටන්න. මෙහෙ ඒවාට ඉඩ නැහැ. දෙමල සංහාරය අපේ ගොයියෝ හරියට කලේ නැහැ. ප්රභාකරන්ට අමුඩේ ගැස්සුවා විතරයි.
මේ වගේ විදෙස් රටවල අභ්‍යන්තර තීරණවලට අපි කලබල වී විරෝධය ප්‍රකාශ කළ යුතු නැහැ. මේවා ඒ රටවල පාලකයින් දෙමළ ජනතාවගේ ඡන්දය දිහා බලාගෙන ගනු ලබන දෙශපාලනික තීරණ. අපි කළ යුත්තේ හැකිතාක් රටේ සියළු සිංහල දෙමළ මුස්ලිම් ජනතාව සමඟ සුහදව ජීවත් වීම. එමෙන්ම අනිකුත් රටවල් සමගත් එවැනිම ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම. අපේ රටේ ජනතාවට තැපැල් කාර්යාලයකින් සිංහල/ දෙමළ/ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම විද්‍යුත් පණිවුඩ යවන්න පුළුවන් වුණාට ඔය එක රටකවත් එහෙම බැහැ. මේවා බොරු මායාකාරී තින්දු... අපි ප්‍රවේසම් වෙමු.
කැනඩා රටෙන් කෑල්ලක් කඩලා ඊලමකුත් දෙන්නකෝ අපි මොනවත් කියයිද බලන්න, අපිට නං ගානක්වත් නෑ..!
තමන්ගේ රටේ පුරවැසියන් වන ආදිවාසින් විනාශ කිරීම හොඳද, ලංකාවේ වගේම තමා ඡන්දෙ බලාගෙන හෝයියා කියන අගමැතියෙක්... පාරාවලල්ල කැරකිලා එනකොට තේරෙයි මෙයාටත්...