නීති අර්බුද මධ්‍යයේ ගෙන්වන ලද මෝටර් රථ අමතර කොටස් ඇතුළත් කන්ටේනර් අටක් මුදාහරින්නැයි මුදල් අමාත්‍යාංශය ශ්‍රී ලංකා රේගුවට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.
කන්ටේනර් මුදා හැරීම සඳහා අවශ්‍ය උපදෙස් මුදල් අමාත්‍යාංශය මේ සතිය ආරම්භයේදී රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වෙත යවා ඇතැයි ද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාවරයා සභාපතීත්වය දරන කැබිනට් අනු කමිටුවක් විසින් අදාළ නිදහස් කිරීම අනුමත කර ඇතැයිද තවදුරටත් වාර්තා වේ.
නීතිපතිවරයාගේ උපදෙස් මත ආනයනකරු (වෙහිකල්ස් ලංකා (පෞද්) සමාගම) විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් සැලකිල්ලට ගනිමින් අදාළ ක්‍රියාමාර්ගය ගත් බව කැබිනට් උප කමිටුව සඳහන් කරයි.
අමතර කොටස් සහිත කන්ටේනර් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි. මෝටර් රථ අමතර කොටස් සහිත කන්ටේනර් නිදහස් කිරීමට මුදල් අමාත්‍යාංශයට එම හැකියාවක් නැතැයිද ඔවුහු පවසති.
මහා භාණ්ඩාර ලේකම් ආර්.එච්.එස් සමරතුංග මහතා විසින් එවන ලද තමාට ලැබුණු බවත් තවමත් එය නීති අංශය විසින් අධ්‍යයනය කරනු ලබන බවත් රේගු අධ්‍යක්ෂක ජෙනරාල් චූලානන්ද පෙරේරා මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේවට මොකුත් කියන්නත් බයයි (නි)
එකපාරක් රේගුවේ කරුංකා ප්‍රශ්නයක්, ඊළඟට ප්‍රාඩෝ රථ ප්‍රශ්නයක්, දැන් වාහන අමතර කොටස් ප්‍රශ්න. මේ සේරමට මුදල් අමාත්‍යංශයෙන් බලපෑම්. රට යන අත නම් ඡන්දෙ දීපු අපිට දැන් හොඳට පෙනෙනවා. (නි)
නලින්..ඉස්සර කියා කියා හැම එකෙන්ම ගැල වෙන්න බැහැ..මේ අවුරුදු දෙකම ඇද්දේ ඔය පාඨයෙන්ම නේද..දැන් බලනකොට පහම අදිවි ඉස්සර මෙහෙම වුනා අරම වුනා කියල..නොවුන දේවල් පත්තර වල දාන්න මාධ්‍යවේදීන්ට පිස්සුවක් ඇතැයි..(බ)
ඕකත් දීලා දාන්න අනේ (බ)
අර පසුගිය රජය කාලයේ බුද්ධ සාසන අමාත්‍යාංශයෙන් කුඩු කන්ටේනර් පිට කරන්න අනුමැත කළාට සමාන වැඩක් බැලුවම කවුරුත් එකයි (බ)
නලින් ඉන්දික, දර්ශන අපි යහපාලනයට ඡන්දය දීල බලාපොරොත්තු මේක නෙවිනේ ඒගොල්ලෝ රට සංවර්ධනය කරන ගමන් එයාලත් සංවර්ධනය කරගත්ත මේගොල්ලෝ සංවර්ධනයක් නොකරම ඉක්මනින්ම එයාල සංවර්ධනය වෙන්න තෝරාගෙන. මට හිතෙන්නේ අපේ රට තව ඉස්සරහට ඉතාමත් භයානක තත්වයකට ඇදවැටීම වැළක්විය නොහැකි බවයි (බ)
රේගුවට කරන්න තියෙන්නේ නිතිය අනුව කටයුතු කරන එක තමා. දෙසපාලුවෝ එනවා යනවා. කොන්ද කෙලින් තියාගත්තම ඔබලාගේ දුදරුවන්ට සැප ලැබේවි, රටේ අනාගතය සුබවේවි. (ර)
තවත් දේශපාලුවෙක්ගේ තැරවූ කාරයෙක්ගේ භාන්ඩ වෙන්න ඇති. (ර)
බලමු මොකද වෙන්නේ කියලා.
දැන් මේවගේ නිවුස් පත්තරේ යනවා. ඉස්සර රේගුව , මුදල් අමාත්‍යාංශය ගැන මේවගේ දේවල් දැක්කේ නැහැ (බ)
අමුණලා විකුණයි (බ)
"නීතිපතිවරයාගේ උපදෙස් මත ආනයනකරු (වෙහිකල්ස් ලංකා (පෞද්) සමාගම) විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් සැලකිල්ලට ගනිමින් අදාළ ක්‍රියාමාර්ගය ගත් බව කැබිනට් උප කමිටුව සඳහන් කරයි. " එතකොට නීතිපති පෙනී සිටින්නෙ රේගුව වෙනුවෙන්ද නැත්නම් ආනයනකරුවන් වෙනුවෙන්ද? (බ)
දැන් කී පාරක් නම් රේගුවෙන් කන්ටේනර් මුදාහරින්න මුදල් අමාත්‍යංශයෙන් උපදෙස් දුන්නද? රටේ ආදායම් නැතිකරගන්න මේතරම් මොකක්ද මුදල් අමාත්‍යංශයට තියෙන අවශ්‍යතාවය? (නි)
ඉස්සර ඕවා වුණේ නැහැනේ නලීන්. ඉතින් පත්තරේ කොහොම දාන්නද (නි)
මේකටත් පාලක දේශපාලන ධූරාවලියේ ඉහළම තැනින් නියෝගය එනතුරු ඔංචිල්ලාව වගේ දෙපැත්තට පැද්දෙයි. අපි යටට වෙලා බලාඉඳිමු ඔංචිල්ලාව කොතනද නවතින්නේ කියලා. (නි)
අනේ ඉතින් පහුගිය කාලෙත් අමාත්‍යංශ වලින් දෙන උපදෙස් පත්තර වල දාලා, නීති උපදෙස් අරන්ද ක්‍රියාත්මක කළේ? (නි)
අරහේ කෙනෙක් කෑගහනවා කව්රු දැඟලුවත් 2020 වෙනකල් ආණ්ඩුව කරන්නේ අපිම තමා කියලා. හොඳයි හොඳයි කරලා බලමුකෝ. (නි)
අනවශ්‍ය ලෙස වැඩකෙරෙන බවයි පෙනෙන්නේ අපිට නම්. (නි)
මේවා වොක්ස්වාගන් අමතර කොටස්ද දන්නැහැ. මොකෙක් හරි මෝරෙක් ඔතැනට ගෑවිලා ඇති. (බ)
ඉස්සර ඕව දැම්මනම් සුනිල් , සුදු වෑන් තමා එවන්නේ ඒකට්ටිය. (බ)