
(යොහාන් භාසුර)
අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් 2500 කට වැඩි සංඛ්‍යාවක් නිදහස් කරගැනීමට නොහැකිව නැවතත් කොළඹ වරායේ ගොඩගැසී ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ නිලධාරියෙක් පැවසීය.
අදාල කන්ටේනර් නිදහස් කරගැනීමට ඩොලර් නිකුත් නොකිරීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බව කී එම නිලධාරියා මාසයකට වැඩි කාලයක සිට මෙම කන්ටේනර් තොගය එකතු වී ඇති බව ද සඳහන් කළේය.
සහල්, සීනි, කඩල, පරිප්පු, වියලි මිරිස්, කරවල සහ කොත්තමල්ලි ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක් එම කන්ටේනර්වල තිබෙන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල තාම ඇමැතිකමේ ඉන්නවනේ ලැජ්ජා නැතිව...!