IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


කාදිනල්තුමෝ හෙට පාප් වහන්සේ හමුවෙති

(ඩයනා උදයංගනී)

වතිකානයේ සංචාරයක නිරත මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් හෙට (27) පෙරවරුවේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවීමට නියමිත බව වතිකාන ආරංචි මාර්ග පවසයි.

මෙම හමුව පැවැත්වෙන පෙරවරු 10.30ට වතිකානයේ සේන්ට් පීටර්ස් චතුරශ්‍රයට එක්රැස් වන ලෙස ඉතාලිය ඇතුළු යුරෝපයේ සියලු රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ආරාධනාවක්ද කරන ඇත.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු නොවීම සමබන්ධයෙන් මෙහිදී  සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ. 



අදහස් (15)

කාදිනල්තුමෝ හෙට පාප් වහන්සේ හමුවෙති

Waleboda Saturday, 26 February 2022 01:44 PM

කාදිනල්තුමා මොනවා කරැන්නද? අනුන්ගේ රටවල්වල ප්‍රශ්නවලට...

:       84       11

uk ran Saturday, 26 February 2022 02:42 PM

මෙයා දැන් ත්‍රස්ත විරෝධී පනතටත් විරුද්ධව අත්සන් කරලා ලංකාව පාවලත් දෙයි.. ඒකයි තත්වේ...

:       47       125

SUNIL MILANO Saturday, 26 February 2022 03:01 PM

දැන් සේරම කේලම් ටික කියාවි...!

:       46       91

පාදිලි තැන. Saturday, 26 February 2022 03:48 PM

රාසප්පු ජෝෂප් පාදිලි තැන කොටි ත්‍රස්තවාදීන් සමග කටයුතු කරන කොට කාදිනල්තුමා කොහෙද හිටියේ..? ත්‍රස්තවාදී පනතට විරුද්ධ වෙලා. දැන් දෙවියන්ගෙන් අහන්න ඇයි වඳින්න ආපු අය මැරුවේ කියලා...?

:       34       142

saaliSaturday, 26 February 2022 06:10 PM

කේ.පී.ලා, පිල්ලෙයාන්ලා, ඒ කාලයේ කොහේද හිටියේ? මොනවද කෙරුවේ? මේන මිනී මැරුවත් සමාවක්, මුක්තියක් දීම වැරැදියි. දැන්වත් මිනීමරුවන්ට දඬුවම් දීමට පටන් ගත යුතුය.

:       68       21

ddd Saturday, 26 February 2022 04:36 PM

සුබපැතුම්... පිටරටවල සහාය අරගෙන හරි මේ දේශපාලකයෝ ටික එළවලා දාන්න ඕනේ. මේ අය තවදුරටත් ජීවත් වුණොත් අපට ඉන්න රටක් නැතිවෙනවා.

:       124       44

BamunuarachchiSunday, 27 February 2022 07:17 AM

මේ මොන ගොබ්බ කතාවක්ද? පිටරටවල සහායෙන් තමයි ඔහෙලාට පාස්කු ප්‍රහාරය හම්බවුණේ? ඔහෙලගේ පාරම්පරික මුස්ලිම් ක්‍රිස්තියානි අරගල බේරන්න සිංහල බෞද්ධයින් බිලිවෙන්නේ මොන කෙන්ගෙඩියකටද? ඔය අරගල ඕගොල්ලෝ යනයන ගෙනියන අරගල. අරගල නැවත්වීම අපිට අදාළ නැහැ අපිට කරන්නත් බැහැ. අපිට කරන්න ඕනෙත් නැහැ. මම දරන මතය රටේ තවත් අය දැරුවා කියලයි මට හිතෙන්නේ...!!!

:       4       39

BamunuarachchiSunday, 27 February 2022 07:21 AM

මොන විකාරද හලෝ කියවන්නේ? පාප්තුමාත් ගමන් බිමන් යන්නේ වෙඩි නොවදින වීදුරු කූඩුවක් ඇතුලේ නේද?

:       4       36

dddSunday, 27 February 2022 01:28 PM

අනේ රුසියාවෙන් හරි, අපේ රටත් අල්ලලා මේ දේශපාලුවන් 225 දෙනා සහ වටේ ඉන්න අය ඉවරකරලා දාන්න පුළුවන්නම්...!

:       17       2

කමල් Saturday, 26 February 2022 09:45 PM

වහල් නඩෙට රාජපක්ෂලාට ඡන්දෙ දෙන්න කියනකොට නම් කාදිනල්තුමා දෙවියෙක්...

:       19       2

Jagath Saturday, 26 February 2022 10:23 PM

පුළුවන්නම් අහවල් පවුලම විදුලි පුටුවට යවන්න වැඩේ සලස්වන්න. අපගේ සියලුම සහයෝගය ඔබතුමාට...!

:       14       1

සමන් සුමන Saturday, 26 February 2022 10:27 PM

අර ගාල්ලේ කන්‍යාරාමයක සිද්ධ වුණු කාන්තා අකටයුත්තක් ගැන පොලිස් පරීක්ෂණ නවත්තන්න කියලා ඒ කාලේ ජනාධිපතිට තර්ජනය කළේත් මෙයානේ...!

:       1       18

Sampath Sunday, 27 February 2022 07:55 AM

පොහොට්ටුව දිනුවේ බෝම්බේ නිසා. තමන්ට වාසියක් කරලා දුන්නු අයට දඬුවම් කරන්න පොහොට්ටුවේ අයට පිස්සු නෑ. පොහොට්ටුවට ජයවේවා. ඊළඟ පාරත් පොහොට්ටුව දිනන්න ඕනෑ. නැත්නම් සජබෙ, ජේවීපී අය රට විනාශ කරයි...

:       15       1

anura Sunday, 27 February 2022 09:55 AM

අපි කවුරුත් මුලදී හිතුවා ඔබතුමා ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් පෙනී සිටින උතුමෙක් විදිහට. ඒ කාලේ අවෛරය ගැනත් දේශනා කළා. දැන් කවුරුත් ඒ අදහස් වෙනස් කරගෙන සිටින්නේ. බිමටම වැටී සිටින ශ්‍රී ලංකාව තවදුරටත් පා දමා තමන්ගේ හා ලංකාව තුළ හා පිටත ඉන්නා ලංකාවට විනකරන කොටසකගේ පැතුම් ඉටු කරගන්නෙක් ලෙස පෙනී සිටින බව හොඳින් පෙනෙනවා...

:       4       38

ලංකෝනිස් Sunday, 27 February 2022 12:35 PM

දැන් තමන්ගෙ උපන් රටට වඩා අනාගතයේ තමන්ට ලැබේ යැයි සිතන තනතුරක් වෙනුවෙන් රටට කෙලින්නද හදන්නේ කියලා අබමල් රේණුවක සිතක් ඇතිවුණා..

:       3       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 115 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 267 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 617 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site