ගොවියාට පොහොර සහනාධාර දෙන අයුරින් ධීවරයාට භූමිතෙල් සහනාධාර දෙන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මීගමුවේ දී පැවසූහ.
බස්නාහිර ධීවරයෝ අද තෙවැනි දිනටත් මුහුදු නොගොස් එම සහනාධාරය ඉල්ලා උපවාසයේ යෙදෙති.
‘මගේ බලය සීමිතයි. මං ආගමික නායකයෙක්. දේශපාලනය බලය තිබෙන්නේ මැති ඇමැතිවරුන්ට. රජය අද ගොවියාට පොහොර සහනාධාරය ලබා දී තිබෙනවා. නමුත් සුළු පන්න ධීවරයාට ඉන්ධන සහනාධාරය දී නැහැ.
මං වගකිව යුත්තන්ගෙන් උදක්ම ඉල්ලා හිටින්නේ මුහුදු ගොස් දුක් විඳ මසුන් අල්ලන ධීවරයාට භූමිතෙල් සහනාධාරය ලබා දෙන ලෙසයි.
ඉන්ධන සහනාධාරය නොලැබීම නිසා පීඩා විඳින්නේ සුළු පන්න ධීවර කාර්මිකයායි. ඉන්ධන සහනාධාරය සුළු පන්න ධීවර කාර්මිකයාට ලබා දීමට රජයත් සමඟ සාකච්ඡා කිරීමට මං හැකි හැම උත්සාහයක්ම ගන්නවා.‘
2025 දෙසැම්බර් මස 18
417
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1026
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාදිනල්තුමෝ ධීවර දුක දකිති
ටෙනිසන් Thursday, 19 June 2014 06:30 AM
බොහොම හොඳයි (නි)
අහිංසා Thursday, 19 June 2014 07:37 AM
දුප්පත් අහිංසක මිනිස්සු මීගමුවේ ධිවරයින් හරිම සාමකාමී කට්ටියක්. නමුත් ඒ අයව අන්දවන්න දේශපාලුවන්ට බැහැ. මතකයි නේද සී ප්ලේන් ප්‍රශ්නයේදී මිගමු කලපුවට ඒවා ගොඩබස්සන්න දුන්නෙම නැහැ. ඒ අයගේ ජීවිකාව කරන කලපුව බේරාගත්තා. මේ සටනත් ඒ වගේමයි. ඔවුන්ගේ සටනට ජයවේවා...(නදී)
සසිත් Thursday, 19 June 2014 09:27 AM
අහිංසා කියන්නේ ඇත්ත. මීගමුවේ මිනිස්සු මෝඩ නැහැ. එ්ත් හොඳ දේශපාලන නායකයෙක් නැහැ මේ ගැන කතා කරන්න. (නදී)
ජනක Wednesday, 18 June 2014 09:00 PM
ගිය පාර මෙහෙම උන වෙලාවේ හලාවත රදගුරු තුමා කිව්ව කතාව තමයි මෙතුමා කියන්නෙත්. නමුත් වුන දෙයක් නැහැ. (නදී)
වසන්ත Thursday, 19 June 2014 09:43 AM
අැයි විරුද්ද පක්ෂයට බැරි මේ ගැන කතිකාවතක් ගොඩ නගන්ඩ. (නදී)
කසුන් Thursday, 19 June 2014 12:24 AM
ධීවරයින්ට අරමුදලක් හදලා, ධීවර සමිති මාර්ගයෙන් දෙන්න ක්‍රමයක් හදන්න බැරිද? (නි)
සම්පත් Thursday, 19 June 2014 02:17 AM
ඔවුන්ට සහනාධාරයක් දෙන්න ඔබතුමාට මැදිහත් වෙන්න පුලුවන් නම් හොඳයි (නි)
සම්පත් Thursday, 19 June 2014 02:42 AM
මේ ප්‍රශ්නයට ඉක්මන් විසඳුම් අවශ්‍යයි (නි)
කුමාර Thursday, 19 June 2014 02:54 AM
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)