ගොවියාට පොහොර සහනාධාර දෙන අයුරින් ධීවරයාට භූමිතෙල් සහනාධාර දෙන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මීගමුවේ දී පැවසූහ.
බස්නාහිර ධීවරයෝ අද තෙවැනි දිනටත් මුහුදු නොගොස් එම සහනාධාරය ඉල්ලා උපවාසයේ යෙදෙති.
‘මගේ බලය සීමිතයි. මං ආගමික නායකයෙක්. දේශපාලනය බලය තිබෙන්නේ මැති ඇමැතිවරුන්ට. රජය අද ගොවියාට පොහොර සහනාධාරය ලබා දී තිබෙනවා. නමුත් සුළු පන්න ධීවරයාට ඉන්ධන සහනාධාරය දී නැහැ.
මං වගකිව යුත්තන්ගෙන් උදක්ම ඉල්ලා හිටින්නේ මුහුදු ගොස් දුක් විඳ මසුන් අල්ලන ධීවරයාට භූමිතෙල් සහනාධාරය ලබා දෙන ලෙසයි.
ඉන්ධන සහනාධාරය නොලැබීම නිසා පීඩා විඳින්නේ සුළු පන්න ධීවර කාර්මිකයායි. ඉන්ධන සහනාධාරය සුළු පන්න ධීවර කාර්මිකයාට ලබා දීමට රජයත් සමඟ සාකච්ඡා කිරීමට මං හැකි හැම උත්සාහයක්ම ගන්නවා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි (නි)
දුප්පත් අහිංසක මිනිස්සු මීගමුවේ ධිවරයින් හරිම සාමකාමී කට්ටියක්. නමුත් ඒ අයව අන්දවන්න දේශපාලුවන්ට බැහැ. මතකයි නේද සී ප්ලේන් ප්‍රශ්නයේදී මිගමු කලපුවට ඒවා ගොඩබස්සන්න දුන්නෙම නැහැ. ඒ අයගේ ජීවිකාව කරන කලපුව බේරාගත්තා. මේ සටනත් ඒ වගේමයි. ඔවුන්ගේ සටනට ජයවේවා...(නදී)
අහිංසා කියන්නේ ඇත්ත. මීගමුවේ මිනිස්සු මෝඩ නැහැ. එ්ත් හොඳ දේශපාලන නායකයෙක් නැහැ මේ ගැන කතා කරන්න. (නදී)
ගිය පාර මෙහෙම උන වෙලාවේ හලාවත රදගුරු තුමා කිව්ව කතාව තමයි මෙතුමා කියන්නෙත්. නමුත් වුන දෙයක් නැහැ. (නදී)
අැයි විරුද්ද පක්ෂයට බැරි මේ ගැන කතිකාවතක් ගොඩ නගන්ඩ. (නදී)
ධීවරයින්ට අරමුදලක් හදලා, ධීවර සමිති මාර්ගයෙන් දෙන්න ක්‍රමයක් හදන්න බැරිද? (නි)
ඔවුන්ට සහනාධාරයක් දෙන්න ඔබතුමාට මැදිහත් වෙන්න පුලුවන් නම් හොඳයි (නි)
මේ ප්‍රශ්නයට ඉක්මන් විසඳුම් අවශ්‍යයි (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)