මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා සහ පළාත් නවයේ රදගුරුවරු ජනපති කාර්යාලයයේදී මෛත්‍රීපාල සිරිසේන ජනපති හමුවී අද (24) සාකච්ඡා කළහ.
‘මෛත්‍රීපාල සිරිසේන ජනපති වැනි ගුණ ගරුක ,නිහතමානී හා සරල පැවැත්මක් ඇති ලෝක නායකයකු තමා දැක නැතැයි ද ඔහුගේ හා තමාගේ ගති ගුණ අතර සමානත්වයක් ඇතැයි ද පාප්තුමා පැවැසීයැයි කාදිනල් රංජිත් තුමෝ ජනපතිට කීහ.
එවැනි නායකයකු සිටින රටක ජනතාව බෙහෙවින්ම භාග්‍යවන්ත බවත් ,රට නිසැකයෙන්ම දියුණු වන බවත්, පාප්තුමා පැවසී යැයි ද එතුමෝ පැවැසුහ. පාප්තුමාගේ පසුගිය ජනවාරි සංචාරය සාර්ථක කැර ගැනීමට ශ්‍රී ලංකාව කළ මෙහෙවර අගැයීමට කිතුනු නායකයෝ ජනපති හමුවුහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ කතාවක් (නි)
පාප්තුමාට රටට එන්න ආරාධනා කළ මහින්ද මහතාවත් මතක්කරන්න වටිනවා (නි)
අනුෂ්ක බොදුද කතෝලිකද දන්නේ නැහැ. එහෙත් අපේ උගත් ආචාර්ය මහාචාර්ය හාමුදුරුවරු ඉන්න බව අමතක කරන්න එපා. අනික පුජකතුමන්ලගේ උගත්කම මේ ප්‍රවෘත්තියට බලපාන්නේ කොහොමද. (නි)
නොබෝ දිනකින් නව ජනපති කුරුසේ කරේ එල්ලාගත්තත් පුදුම වියයුතු නැත. සුපිරිම වදන් ටිකකින් කාදිනල් ජනපතිවරයාව කුල්මත්කර ඇත. ඒ කපටි වදන්පෙල කටුස්සාගේ කරේ රත්‍රන් බැන්දා මෙන්ය. පාප්තුමන්ට වතිකානුව නම් කතෝලික ආගමේ මූලස්ථානය පිහිටි රටේ ජනපතිවත් සිරිසේන මහතා තරම් හොඳ නැත.ලෝකයේ රටවල් කොතරම් තිබුනද, කතෝලික රටවල් කොතරම් තිබුනද, පාප්වරයාට බෞද්ධ රටේ ජනපති තරම් අති විශිෂ්ටයෙකු නොමැතිවී ඇත.පාප්වරයා එසේ කීවායැයි සිතිය නොහැක.කාදිනල් රංජිත් කලදුටුකල වල ඉහගෙන ඇතිබව නම් හොදින්ම පෙනීමට තිබේ. අහෝ රටට යන කල, බෞද්ධයෝ පාට පිල් පක්ෂ බෙදුනා මිස බුදුසසුනේ චිරස්ථිතිය වෙනුවෙන් කරගත් කෙහෙල්මලක් නැත. (ස)
පාප්තුමා මේ වගේ ළාමක විදියට රාජ්‍ය නායකයන්ව මුරුංග අත්තේ තියයි කියල මටත් හිතෙන්නේ නැහැ .මොකද එතුමා ඉතා කල්පනාකාරීව වචන හසුරුවන කෙනෙක් නිසා . මේක ලකුණු දාගන්න ගොතපු කතාවක් වෙන්න පුළුවන් (බ)
මෛත්‍රීපාල මහතාට සියළු දෙවි රැකවරණයි! (නි)
අනුෂ්කා යන්නේ කොහෙද මල්ලේ පොල් කිවලු. අනේ මගේ කට. අනුශ්කගේ ටිකිරි මොලේ . (ස)
කොහොමත් කතෝලික පුජකයින් උගත්, බුද්ධිමත්. ඔවුන් ප්‍රඥාවන්තයි. (නි)
මෙයාල තමයි කපටි නරි. අපේ එවුන් ඉතින් මහින්දයි මෛත්‍රීවයි බෙදාගන්න බැරුව රන්ඩු වෙයල්ලා. (ස)
එතුමා සියළු ආගමික නායකයින්ගේ පැසසුමට ලක්වීම සතුටක් (නි)
ඔබ තුමා ගැන අපිට සතුටුයි. (ස)
එහෙම ප්‍රකාශයක් කළා නම් ඒක ලොකු ගෞරවයක් (නි)
එකනම් ඇත්ත, මෙතුමවනම් තව පාරක් තියගන්නම වෙනවා යහ පාලනේ වෙනුවෙන් ! රටේ අබිවුර්දියට. (ර)
අනුෂ්ක,අනේ ඔව් මේගොල්ලෝ බුද්ධිමත් නිසා තමා ඉස්සර විද්‍යාත්මක සොයාගැනීම් කරපු අයව හිරේට යැව්වේ පොතට පිටින් ගියා කියල!! (බ)
රටේ පාලනය මහින්දට දීල , මෙයාව ආගමට බදවගන්න. (බ)
අනුෂ්කා,තණකොළ කන පාටක් පේනවා!! (බ)
අනුෂ්කා,එතකොට අර කොටින්ට උඩගෙඩි දෙන පණ්ඩිත රායප්පු ජෝසේෆ් එහෙම ආවේ නැද්ද මේකට? (බ)
මේ කතාව අගය කරන්න වටිනවා.මොකද පාප්තුමා ආවට ගියාට ප්‍රකාශ නිකුත්කරන්නේ නැහැ. මෙය ලංකාවේ ජනපතිතුමාට ගෞරවයක්. (නි)
සුසා.....ඔයාගේ කතාවට මට හිනා ගියා. (බ)
මහින්ද මහත්තයව හම්බවුනාමත් ඔය ටිකම කියයිද දන්නේ නැහැ. (ස)