(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොවිඩ් ආසාදනයවීම නිසා කොළඹ බෝවන රෝග විද්‍යායතනයේ (අයි ඩී එච් රෝහල) ප්‍රතිකාර ලැබූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සුවය ලබා ඊයේ (31) ඉන් පිටව ගියේය.
කොවිඩ් ආසාදනයවීමෙන් එම රෝහලට ඇතුළත් කෙරුණු කතානායකවරයා දින කිහිපයක් එහි ප්‍රතිකාර ලැබුවේය.
කොවිඩ් ආසාදිත සේවකයන් කිහිප දෙනෙකු කතානායක නිල නිවෙසේ නිරෝධායනයවෙමින් සිටින හෙයින් කතානායකවරයා රෝහලෙන් පිටවී ගොස් සිටින්නේ ඔහුගේ දෙහිවල පිහිටි නිවෙසටය.
කථානායකවරයාගේ නිරෝධායන කාලය අවසන් අවසන්වීමට නියමිතව ඇත්තේ ලබන 7 වැනිදාය. මේ අනුව ඔහුට ලබන 8 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට සහභාගීවීමට හැකිවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර කතානායක නිල නිවසේ කළමනාකාර පසන් අතුකෝරළ මහතාටද කොවිඩ් ආසාදනයවී ඇතැයි වාර්තා වේ.
ඔහුද කතානායක නිල නිවෙසේ නිරෝධායනයට යොමු කරනු ලැබ සිටී. කතානායක නිල නිවෙසේ කොවිඩ් ආසාදනයවී සිටින සේවක සංඛ්‍යාව හයකි.
කතානායකවරයාගේ ආරක්ෂක නිලධාරීන් ඇතුළු තවත් සේවකයෝ දස දෙනෙක් කොවිඩ් රෝගීන්ට ආශ්‍රිතවීම නිසා නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත්ම නිර්ණායක අනුව වැක්සින් 3ම අරගෙන නම් ආශ්‍රිතයෙක් කියලා නිරෝධායනය වෙන්න බැහැ. හැදුණොත් විතරයි නැඩට නොයා ඉන්න පුළුවන්... කථානායක නිවසේ අයට ඒවා අදාල නැතුව ඇති...!
කතානායක කෙනෙකුට ඉන්න සෙවකයින් ගාණ 16ක්ද? ඒකනේ ඉතින් සැප හොයාගෙන පොරකාගෙන යන්නේ ඔතැනට...
කට්ටිය බැලුවේ ගුරු පොකුරක් හදන්න. හැදුණේ පාර්ලිමේන්තු පොකුරක්. ඒක තමයි දෛවයේ සරදම් කියන්නේ... දැන්වත් තේරුම් ගියොත් හොඳයි ඵල දෙන්න කරපු කියපුවා කියලා...
මම ඒත් හිතුවා දැන් රටේ වෙන දේවල් වල හැටියට අපි එච්චර වාසනාවන්ත නෑ කියලා...