
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කතානායකවරයා විධායකය සමග හවුල් වී මහා කූට ව්‍යවස්ථාදායක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කොට තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අධිකරණ , ව්‍යවස්ථාදායකය සහ විධායකය යන ත්‍රිත්වය තුළ තිබෙන සංවරණ සහ තුලන පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමේ කුමන්ත්‍රණයේ මහමොළ කරු ලෙස කතානායකවරයා ක්‍රියා කරන බවද විපක්ෂ නායකවරයා කීය.
කතානායකවරයාට එරෙහි විශ්වාස භංග යෝජනා විවාදයේ අදහස් දක්වමින් වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:-
ප්‍රශස්ත කථානායකවරයෙක් සතු ගුණාංග පිළිබඳව ලෝකයේ පිළිගත් මූලධර්ම තිබෙනවා. ඒ ගුණාංග පිළිබඳව දන්නේ නැතිනම් පුස්තකාලයට ගොස් අදාල පොත් කියවන්න. නූගත්කමට හොඳම බෙහෙත පුස්තකාලයයි. මේ ප්‍රශස්ත ගුණාංග මුල් කරගෙන අපේ කතානායක කටයුතු කර තිබෙනවාද කියා සලකා බැලිය යුතුයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ට මුකුත්ම කියන්න බයයි, ඒ නිසා කථානායකව අල්ලාගෙන හම ගහනවා.
රටත් ජනතාවත් දැනුවත් කිරීම අගය කරමු. ජනතාව ඔබතුමන් ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා.
අනුර තමයි එකම ගැලවුම්කරු කියන මතයේ සිටින ඔබ වැනි අයට අනිත් පක්ෂවල ඉන්න ඔක්කෝම පේන්නේ ඔය වගේ තමයි.
ප්‍රශස්ත මහත්වරුන් සතු ගුණාංග පිළිබඳව ලෝකයේ පිළිගත් මූලධර්ම තිබෙනවා. ඔවුන් අලි නායකත්වය ගන්න විධායකය සමග කුමන්ත්‍රණ කරන්නේ නැහැ .