රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකළ අභිනව චෛත්‍යයේ කොත නිරාවරණය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (8) පැවැත්විණි.
චෛත්‍ය ඉදිකිරීමට ධන පරිත්‍යාග කළ වෝල්ටර් අබේසුන්දර මහතා සහ මහත්මිය ඇතුළු පවුලේ පිරිස මුල් ඵලකය විවෘත කළ අතර ජනපතිගේ අතින් අභිනව බුද්ධ මන්දිරයට මල් පහන් පූජාව සිදු කිරීමෙන් අනතුරුව කොත නිරාවරණය කෙරිණි.
එම අවස්ථාවට ඉත්තෑපාන ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නායක සහ විහාරාධිපති මාපලගම බුද්ධසිරි යන හිමිවරු ප්‍රමුඛ මහා සංඝ රත්නයද එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දගේ වැඩේ මෛත්‍රී බාර ගෙන වගේ. (නදී)