සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ තැන්පතු වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එහි හිමිකරු ලලිත් කොතලාවලගේ බිරිය සිසිලියා කොතලාවල පිළිබඳ වාර්තාව ලබන අගෝස්තු 12 වැනිදා ඉදිරිපත් කරන්නැයි රහස් පොලිසියේ ඉන්ටපෝල් ශාඛාවට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය අද (16) නියෝග කළාය.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් ඇය එම සිද්ධියෙන් පසු ශ්‍රී ලංකාවෙන් බැහැර ගොස් සිටියදී අත් අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර පොලිසියට වරෙන්තු නිකුත් කර ඇතැයි කීවේය.