IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කොතලාවල දක්ෂිණ මණ්ඩපය විවෘත වෙයි

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපය අද හම්බන්තොට, සූරියවැවදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා , ආරක්ෂක ලේකම් බී.එන්.යූ.ඩී.බස්නායක මහතා හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී  ඇතුළු ත්‍රිවිද හමුදාපතිවරුන්ද ආරක්ෂක ප්‍රධානීන්ද එම අවස්ථාවට එක්වූහ.

ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලයේ උපකුලපති මේජර් ජනරාල් මිලින්ද පීරිස්, දක්ෂිණ මණ්ඩපයේ මණ්ඩපාධිපති බ්‍රිගේඩියර් ලාල් ගුණසේකර යන මහත්වරුන්ද එම අවස්ථාවට සහභාගී වූහ.

1981 වසරේදී රත්මලානේ ඇරඹි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ශාඛාවක් වන දක්ෂිණ මණ්ඩපය වෛද්‍ය, ඉංජිනේරු, නීති, මානව, සමාජ විද්‍යා හා කළමනාකරණ, පරිගණක හා  පශ්චාත් උපාධි ඇතුළු පීඨ 9කින් සමන්විතය.

මෙය ඉදිකිරීමට මූලිකත්වය ගෙන ක්‍රියාකළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හිටපු හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක යන මහත්වරුන්ට සිය ස්තූතිය පුද කළ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා යුද්ධයෙන් බැට කෑ රට බේරාගැනීමට උරදුන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇතුළු සියලු රණවිරුවන්වද එම අවස්ථාවේදී ස්තූති පුර්වකව සිහිපත් කළේය.

RDS_6353 RDS_6395 RDS_6443 RDS_6502 RDS_6505 RDS_6509 RDS_6527 RDS_6549 RDS_6558 RDS_6582 RDS_6587

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා

වීඩියෝ- රොමේෂ් ධනුෂ්ක



අදහස් (0)

කොතලාවල දක්ෂිණ මණ්ඩපය විවෘත වෙයි

සුපුන් Wednesday, 06 May 2015 07:26 AM

හරියට හැම පීඨයක්ම සම්පුර්ණ කරලද දන්නේ නැහැ මේක ආරම්භ කළේ. නැත්නම් සත්තු නැති සත්තු වත්තක් ආරම්භ කළා වගේ තියේවි. (බ)

:       0       0

සිරිසේන Tuesday, 05 May 2015 08:48 PM

මේවා දකිනකොට අපිට හරි සතුටුයි (නි)

:       0       0

ෂෙහාන් Tuesday, 05 May 2015 09:51 PM

හදපු ටික ඔක්කොම විවෘත කළා කියමුකෝ. ඊටපස්සේ මොකද කරන්නේ...? (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Tuesday, 05 May 2015 11:06 PM

හිටපු රජයේ සහ හමුදාවේ පුද්ගලයන්ද මතක්කිරීම අගය කළයුතුයි. (නි)

:       0       0

සුමුදු හේවා Friday, 08 May 2015 06:01 AM

නිර්ෂාඩ්, බොරු කියන්න එපා අනේ අපිත් සාමය අගය කරන ශිෂ්ට සම්පන්න ගුණ ගරුක ලක් වැසියෝ වුණත් කවදාවත් ඔය වගේ දේශ ද්‍රෝහියෙකුට නං අපේ ආශීර්වාදය ලබා දෙන්නේ නැත. (බ)

:       0       0

දංගොඩ Wednesday, 06 May 2015 02:14 AM

මේ මණ්ඩපය හැදීමට ගිය වියදම අපරාධයක් නාස්තියක් කියලා මාස කීපයකට පෙර කිව්වා නේද? අනේ මන්දා මොනවද කියන්නේ මොනවද කරන්නේ කියලා?? (නි)

:       0       0

ප්‍රභාත් Wednesday, 06 May 2015 02:58 AM

මේවා දකිනකොට මහින්ද, ගෝඨා කොච්චර අගය කරත් මදි. මේ අය දැන් නම ව්තරක් ගහගන්නවා. (බ)

:       0       0

රංචාගොඩ Wednesday, 06 May 2015 03:15 AM

මාරයිනේ දින 100න් මෙච්ච්චාර ලොකු එකක් මැවුවද දන්නේ නෑ! මහින්ද හොරා කකා හරි (මෙයාලම කියන විදිහට) නොහැදුව නම් විවෘත කරයි මේවා! (බ)

:       0       0

නිශාර්ඩ් Wednesday, 06 May 2015 03:19 AM

වත්මන් ජනාධිපතිතුමා හරිදේ හරිය කියන, වැරදි දේ වැරදිය කියන, සැඟවුණු න්‍යාය පත්‍ර නැති, සොරකමට, වංචාවට අනුබල නොදෙන රට යහමගට ගෙනයාමට තිර අධිෂ්ඨානයක් ඇති නිහතමානී, යුක්තිගරුක ශිෂ්ට සම්පන්න, එඩිතර නායකයෙක්. එතුමාට සාමය අගය කරන ශිෂ්ට සම්පන්න, ගුණ ගරුක ලක් වැසියන්ගේ ආශීර්වාදය සැමදා හිමි වේ. (බ)

:       0       0

නිෂාමල් Wednesday, 06 May 2015 04:17 AM

දින සීයේ ආශ්චර්යය (බ)

:       0       0

රනිල් Wednesday, 06 May 2015 05:14 AM

මහත්තයෝ,මහජන මුදලින් හරි කමක් නැහැ, තමුන් වැඩක් පටන් අරගෙන පෙන්වනවද? (නි)

:       0       0

සුමිත් Wednesday, 06 May 2015 04:38 PM

කවුරු හැදුවත් රටේ අනාගතය ගැන හිතල විවෘත කල එක ගැන හරිම සතුටු යි අපිට (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 734 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site