ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපය අද හම්බන්තොට, සූරියවැවදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා , ආරක්ෂක ලේකම් බී.එන්.යූ.ඩී.බස්නායක මහතා හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිද හමුදාපතිවරුන්ද ආරක්ෂක ප්‍රධානීන්ද එම අවස්ථාවට එක්වූහ.
ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලයේ උපකුලපති මේජර් ජනරාල් මිලින්ද පීරිස්, දක්ෂිණ මණ්ඩපයේ මණ්ඩපාධිපති බ්‍රිගේඩියර් ලාල් ගුණසේකර යන මහත්වරුන්ද එම අවස්ථාවට සහභාගී වූහ.
1981 වසරේදී රත්මලානේ ඇරඹි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ශාඛාවක් වන දක්ෂිණ මණ්ඩපය වෛද්‍ය, ඉංජිනේරු, නීති, මානව, සමාජ විද්‍යා හා කළමනාකරණ, පරිගණක හා පශ්චාත් උපාධි ඇතුළු පීඨ 9කින් සමන්විතය.
මෙය ඉදිකිරීමට මූලිකත්වය ගෙන ක්‍රියාකළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හිටපු හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක යන මහත්වරුන්ට සිය ස්තූතිය පුද කළ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා යුද්ධයෙන් බැට කෑ රට බේරාගැනීමට උරදුන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇතුළු සියලු රණවිරුවන්වද එම අවස්ථාවේදී ස්තූති පුර්වකව සිහිපත් කළේය.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
වීඩියෝ- රොමේෂ් ධනුෂ්ක











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට හැම පීඨයක්ම සම්පුර්ණ කරලද දන්නේ නැහැ මේක ආරම්භ කළේ. නැත්නම් සත්තු නැති සත්තු වත්තක් ආරම්භ කළා වගේ තියේවි. (බ)
මේවා දකිනකොට අපිට හරි සතුටුයි (නි)
හදපු ටික ඔක්කොම විවෘත කළා කියමුකෝ. ඊටපස්සේ මොකද කරන්නේ...? (නි)
හිටපු රජයේ සහ හමුදාවේ පුද්ගලයන්ද මතක්කිරීම අගය කළයුතුයි. (නි)
නිර්ෂාඩ්, බොරු කියන්න එපා අනේ අපිත් සාමය අගය කරන ශිෂ්ට සම්පන්න ගුණ ගරුක ලක් වැසියෝ වුණත් කවදාවත් ඔය වගේ දේශ ද්‍රෝහියෙකුට නං අපේ ආශීර්වාදය ලබා දෙන්නේ නැත. (බ)
මේ මණ්ඩපය හැදීමට ගිය වියදම අපරාධයක් නාස්තියක් කියලා මාස කීපයකට පෙර කිව්වා නේද? අනේ මන්දා මොනවද කියන්නේ මොනවද කරන්නේ කියලා?? (නි)
මේවා දකිනකොට මහින්ද, ගෝඨා කොච්චර අගය කරත් මදි. මේ අය දැන් නම ව්තරක් ගහගන්නවා. (බ)
මාරයිනේ දින 100න් මෙච්ච්චාර ලොකු එකක් මැවුවද දන්නේ නෑ! මහින්ද හොරා කකා හරි (මෙයාලම කියන විදිහට) නොහැදුව නම් විවෘත කරයි මේවා! (බ)
වත්මන් ජනාධිපතිතුමා හරිදේ හරිය කියන, වැරදි දේ වැරදිය කියන, සැඟවුණු න්‍යාය පත්‍ර නැති, සොරකමට, වංචාවට අනුබල නොදෙන රට යහමගට ගෙනයාමට තිර අධිෂ්ඨානයක් ඇති නිහතමානී, යුක්තිගරුක ශිෂ්ට සම්පන්න, එඩිතර නායකයෙක්. එතුමාට සාමය අගය කරන ශිෂ්ට සම්පන්න, ගුණ ගරුක ලක් වැසියන්ගේ ආශීර්වාදය සැමදා හිමි වේ. (බ)
දින සීයේ ආශ්චර්යය (බ)
මහත්තයෝ,මහජන මුදලින් හරි කමක් නැහැ, තමුන් වැඩක් පටන් අරගෙන පෙන්වනවද? (නි)
කවුරු හැදුවත් රටේ අනාගතය ගැන හිතල විවෘත කල එක ගැන හරිම සතුටු යි අපිට (නදී)