බංග්ලාදේශයට එරෙහිව තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සඳහා නම් කළ 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට යොවුන් ක‍්‍රීඩකයන් වන කිත්රුවන් විතානගේ, ඇන්ජලෝ පෙරේරා සහ සචිත් පතිරණ ඇතුළත්ව සිටිති.
ආබාධයට ලක්ව සිටින මහේල ජයවර්ධන මෙම සංචිතයට ඇතුළත්ව නැති අතර රංගන හේරත් විවේක ගන්වා තිබේ. තිලකරත්න ඩිල්ෂාන්ගේ ශාරීරික යෝග්‍යතාව අනුව තරගාවලියට සහභාගි වීම තීරණය වේ.
පළමු එක්දින තරග දෙක මේ මස 23 සහ 25 දෙදින සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දිවා/රාත‍්‍රි තරග ලෙස පැවැත්වේ.
ශ්‍රී ලංකා එක්දින සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත්, කුමාර් සංගක්කාර, ළහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, සචිත‍්‍ර සේනානායක, උපුල් තරංග, කිත්රුවන් විතානගේ, ඇන්ජලෝ පෙරේරා, ශාමින්ද එරංග සහ සචිත් පතිරණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණුසුම් සුභ පැතුම් (දී)
උපුල් තරංග ඔතනට වැඩක් නැහැ කියලයි මම නම් හිතන්නේ. (නි)
අපි කැමති ඒකට (දී)
මම නම් ප්‍රාර්ථනා කරන්නේ කවදාහරි මාලිංග තරගාවලියක වීරයා වෙලා මාධ්‍යයට මුහුණ දෙන දර්ශනය දකින්නයි. (නි)
මම බලන් ඉන්නේ මාලිංගව බලාගනි. (අ)
ජයවේවා (දී)
නියමයි (ද)
පරණ අය ඔක්කොම අයින්වෙලා අළුත්ම අයට තැනක් දුන්නා නම් මොකෝ? (නි)
ජයවේවා. නියමයි (දී)
එක්දින තරගවලට උපුල්තරංග තව දුරටත් සුදුසු නැහැ. නවකයකුට එම අවස්ථාව දුන්නොත් හොඳයි (අ)
ඒක හොදයි. (නි)
අර එක්කෙනෙක් නම් වැඩක් නැහැ. එයා මාධ්‍යයට කතා කරන්න දන්නෙත් නැහැ. (නි)
මට නම් එයාව පෙන්නන්න බැහැ. (නි)
සන්තෝසයි....සන්තෝසයි....සන්තෝසයි....(දී)
අපි නම් කැමති ඒකට (දී)
මේ කණ්ඩායම හොඳයි . නමුත් මාලිංග නැත්නම් තවත් හොඳයි. තරගාවලිය ජයග්‍රහණය කිරීමට සියලුම දෙනාට සුබ පතනවා! ජය වේවා! (නි)