රුහුණු කතරගම මහ දේවාලයේ පාරම්පරික කපු මහතෙකු ලෙස කටයුතු කිරීමට රංජිත් පද්මසිරි අධිකාරම් මහතාට අවසර දෙමින් දුන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ක‍්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (22) පෙත්සමක් ගොනු කැරිණි.
සෑම වසරකම මාසයක කාලයක් අදාළ ධූරයේ කටයුතු කිරීමට අවසර දෙමින් අධිකරණය දුන් නියෝග දින 14 ක් ඇතුළත ක‍්‍රියාත්මක කළ යුතු වුවත්, එය එසේ නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ,එබැවින් ඒ සම්බන්ධයෙන් විභාග කර දඩුවම් පමුණුවන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා ඇත.
රංජිත් පද්මසිරි අධිකාරම් මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් රුහුණු කතරගම මහ දේවාලයේ වත්මන් බස්නායන නිළමේ පියතිස්ස කුමාරගේ මහතා නම් කරනු ලැබ සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදාගෙන කන්නේ නැතිව බෙදාගෙන කන්න (ම)
වෙනත් රටවල ආගමික සිද්ධස්ථාන වල අාදායම බද්දට යටත්වනවා. රුහුණු කතරගම මහ දේවාලය රජයට බදු ගෙවනවද? නිවැරදි ගිණුම් පවත්වනවාද? (නි)
නඩුව දෙවියන්ට බාරදෙන්න බැරිද? මොකද අපේ නඩු දිනාගන්න අපි කතරගම යනවා. කපු මහත්තුරු උසාවි යනවා? (නි)
ඉන්දියාවේ දේවාල වල නම් ආදායම නිවැරදිව සඳහන් කරනවා. අපේ දේවාලයක රජයෙන් කාසිමුට්ටිය යතුරු දැම්මා කියලා කපු මහත්තරු වැඩවර්ජන කර පසුව බේසන් වලට සල්ලිදාන්න පටන් ගත්තා. මේ දේවාලය ජනවාරි 1 දින අප්‍රියෙල් 14 දින දක්වා මැණික් මුදලාලිලාගෙන් වැඩිම මුදලක් ලබන දේවාලයක්. (නි)