ජේ.ඒ.එල්. ජයසිංහ
තමා කිසි විටක කතරගම බස්නායක නිලමේ ධූරයෙන් ඉල්ලා අස් නොවන බව රුහුණු කතරගම මහා දේවලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතා අද මහනුවරදී අද මහනුවරදී පවසා ඇතැයි දැනගන්නට ඇත
එක එක රස්තියාදු කරයින්, කතරගම පුද බිමේ කසිප්පු මත්පැන් විකුණන අය කීවට තමා ඉල්ලා අස්වෙන්නේ නොවන බවත් තමා මේ ධූරයට පත් වී ඉන්නේ නීත්‍යානු කූල ක්‍රමවේදයකින්, නීත්‍යානුකූලව පැවැති ඡන්දයකින් ඔහු පවසා ඇත.
ජනාධිපති හෝ බෞද්ධ කටයුතු කොමසාරිස් කීවොත් පමණක් ධූරයෙන් ඉල්ලා අස්වන බව ද කියා ඇත. කතරගම දේවාලයේ ‘තේවා පූජා කටයුතු කපු මහත්වරුන්ට සමසේ බෙදා දෙන්න මා කටයුතු කළ නිසා කපු මහත්වරු දෙදෙනකුගේ දැඩි විරෝධය එල්ල වී ඇතැයි ද කියා තිබේ.
කපු මහත්වරුන් තිදෙනකු මාත් සමග එකඟ වුණොත් ඔවුන්ටත් අවස්ථාව නොදී කපු මහතෙකු සහ ඔහුගේ බෑණා බලහත් කාරයෙන් දේවාලයේ කටයුතු කරගෙන යන බව ඔහු පවසා තිබේ.
පුද බිමේ අද උදේ පිරිසක් තමාට විරුද්ධව උද්ඝෝෂණයක් කර තිබෙන බවත් ඊට ඉතා සුළු පිරිසක් තමයි සහභාගී වී ඇති බව ද ඔහු කියා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමාට සරණ තමාම බව තිලෝගුරු අමා මෑණියන් වහන්සේ පවසලා තියෙද්දිත් මුදල් ලෝභයෙන් ඇනකොටා ගන්න මේ වගේ ලෝක හොරතනතුරු දරන ඊනියා දේවාලවල වසන ඒත් තමන්ගේ දේවාලේ ප්‍රශ්නෙවත් විසඳා ගන්න බැරි දුබලයන්ගේ පිහිට සොයා නොයන්නට දැන්වත් හිතට ගනිමු.
ප්‍රධාන කපු මහතාටයි, එයාගේ පිරිසටයි සල්ලි ටික හොරා කන්න ඉඩහැරියානම් ඔය කරදර නැහැනේ...
දේශපාලනේ කරන අය ඒකට පොරකන්නේ ඇයි? මහජනතාවට සේවය කරන්න තියෙන ආශාව හින්දා බව කවුරුත් දන්නවා. දේවාලවල වැඩ කරන අය ඒකට පොර කන්නේ ඇයි? දෙවියන්ට සේවය කරන්න තියෙන ආශාව හින්දා බව කවුරුත් දන්නවා.
නීත්‍යානුකුලව පත් වුණානම් බෞද්ධ කටයුතු කොමසාරිස් හෝ ජනාධිපති නොවෙයි. මොන දෙවියා කිව්වත් ඔබ අස්විය යුතු නැහැ. ඔබව ඉවත් කල හැක්කේත් නීත්‍යානුකූල ක්රමවේදයකිනුයි. දෙවියන්ගේ ආරක්ෂාව වැරදි වැඩ කරන නොකරන හැමෝටම ලැබුණට, නීතියේ ආරක්ෂාව ලැබන්නේ නීත්‍යානුකුලව කටයුතු කළ අයට පමණක් බවත් ඔබට තේරේවි.
ඇයි දෙයියෝ බලන්නේ නැත්තේ? අනික් අයගේ ප්‍රශ්න විසඳන වෙලේ ඇතුළේ ප්‍රශ්නේ ඉස්සෙල්ලම විසඳන්න එපැයි.
ඕවා තියාගෙන ඉන්න කියන අය හොරු තමයි !!!
මගේ තනතුර නැසූ කෙනා... කපුවා ඔබගේ පාළු යකා තව එක දිනක් කකා ඉන්නට ඉඩ නොදී මට කළ මේ විපත අනේ බලාගන්න දෙවියනේ....!!!
ලංකාවේ දොස්තරලා වැඩක් නැහැ කියලා ලොක්කෝ සිංගප්පුරු, ඇමෙරිකා ගිහින් ප්‍රතිකාර ගන්නවා වගේ ලෝකල් දෙවිවරු වැඩක් නැහැ කියලා ඉන්දියාවේ කෝවිල්වලට ගිහින් බාරහාර වෙනවා. ඉතින් ඇයි දුප්පත් අපි විතරක් වැඩ බැරි දේශීය කට්ටිය ලඟට ගිහින් තියෙන තුට්ටු දෙක කපුරාලලාට දීල යාඥා කරන්නේ. පලතුරු වට්ටියෙන් බාගයක් ආපහු දෙනවා වගේ කොයි දේවාලේද පඬුරුවලින් භාගයක් ආපහු දෙන්නේ?
ඇත්තටම කතරගම දෙවියෝ මේ කිසිවක් දන්නේ නැද්ද